Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පොලිස් සැරයන් බිම දමා පළාගිය කුඩු ජාවාරම්කරු හඳුනා ගනී
වාහනයේ තිදෙනෙක් ඉඳලා
කණ්ඩායම භාරව සිටි පොලිස් නිලධාරියා

පොලිස් සැරයන්වරයෙකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය කිලෝමීටරයක් පමණ දුරක් රැගෙන ගොස් වෙට්ටුවක් දමා සැරයන්වරයාව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා රියැදුරු හඳුනාගත් බව නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව, ජාවාරම්කරු තලපත්පිටියේ විපුල නැමැත්තෙකු බවත් වාහනය පදවා ඇත්තේ තලපත්පිටියේ කණිෂ්ක නැමැත්තෙකු බවත් මේ වන විට හඳුනාගෙන ඇත. එම වාහනය තුළ තවත් අයෙකු ද සිට ඇති බව පැවසේ.
රාජගිරිය ඔබේසේකරපුර හන්දියේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු හොරොයින් මත්කුඩු පාර්සල් දෙකක් සුඛෝපභෝගී මෝටර් රථයකට ලබා දෙන අයුරු නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට දැක ගැනීමට ලැබීමත් සමග ම වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන අනතුරුව මෝටර් රථ රියැදුරු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිද්ධිය වී තිබිණි.

ඒ අවස්ථාවේදී අත්අඩංගුවේ සිටි ත්‍රිරෝද රථ රියැදුරු ද පළාගොස් තිබූ අතර, මෝටර් රථයේ බොනට්ටුව මත සැරයන්වරයා සිටියදී පළා යමින් සිටි මෝටර් රථය පසුපස හඹාගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට වැටලීම් කණ්ඩායම භාරව සිටි පොලිස් නිලධාරියා විසින් කිසිදු පියවරක් නොගෙන තිබූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ ලබාගෙන සිදුකළ විමර්ශනවලදී පළාගිය එම පුද්ගලයා නුගේගොඩ මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබිණි. එම මෝටර් රථය පුෂ්පකාන්ති බෝපෙගමගේ නමැති කාන්තාවට අයත් මෝටර් රථයක් බව ද අනාවරණය වී තිබේ. ඒ අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් පළාගිය සැකකරුට අයත් බව කියන ඒ වන විට ඉදිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවස වටලා සිදුකළ පරීක්ෂාවේදී සැකකරු නිවෙසේ නොසිටීම හේතුවෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තම සහෝදරයා 19දා ඔහුගේ බිරිය සමග නිවසින් පිටව ගිය බවත් සිටින තැනක් හෝ දුරකතන අංකයක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත.

පළාගිය එම සැකකරු මීට කලකට ඉහත ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු බවත් මත් මුද්දර සහ මත් පෙති ජාවාරම සිදු කරන්නෙකු බවත් පොලිසිය කියයි.

පොලියට මුදල් ලබාදෙන පුද්ගලයෙකු බවට ප්‍රදේශවාසීන්ට හඳුන්වා දෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම කිරීම සිදුකරන බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ අතර, අනතුරට ලක් වූ පොලිස් නිලධාරියා දිවි පරදුවට තබා සිදුකළ ක්‍රියාව පැසසුමට ලක් කිරීම පසෙකලා එම නිලධාරියා මෝටර් රථයේ බොනට්ටුව මත වැටුණු බව හඟවමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට එදින වැටලීම් කණ්ඩායම භාරව ගිය පොලිස් පරීක්ෂකවරයා විසින් ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරට ලක් වූ එම නිලධාරියා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් දක්ෂතා දැක් වූ නිලධාරියෙකු බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පළාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් සහ බුද්ධි කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

"මෙවැනි විස මත්ද්‍රව්‍ය වැටලීම්වලදී දෛනිකව පොලිස් නිලධාරීන් විවිධ තර්ජන අභියෝගවලට මුහුණ දෙනු ලබනවා. ඒ කුමන තර්ජන අභියෝග ආවත් දෛනිකව සිදුකරනු ලබන වැටලීම් කිසිදු හේතුවක් නිසාවත් නතර කරන්නේ නෑ. ඒ වගේ ම මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපරාධකරුවන්, නිරන්තරයෙන් වැටලීම් කරමින් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරනවා," යැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

mawbima

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook