රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඔහුගේ හිතවතුන් රැසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී ඇතැයි ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.
හිතවතුන්ට එල්ලුම් ගස පෙන්වීමට අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය වී ඇති අතර ඔහු පැමිණි අවස්ථාවේ බීමතින් සිට ඇතැයිද සඳහන්ය.
ඒ මොහොතේ අමාත්‍යවරයාගේ සතුව පිස්තෝලයක්ද තිබී ඇති බවත් ඔහු සිටගෙන සිටීමට නොහැකි තරමට බීමතින් බිම ඇද වැටී ඇති බවත් වාර්තාවේ දැක්වේ.
බන්ධනාගාරයට පිරිස ඇතුළු වීම වැළැක්වීමට උත්සාහ කරන්න නිලධාරීන්ට අමාත්‍යවරයා හා ඔහුගේ හිතවතුන් බැන වැදී ඇතැයි ද සඳහන් වෙයි.
කෙසේ නමුත් මේ ආකාරයේ සිදුවීමක් වාර්තා වී නැතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පුවත්පතට පවසා ඇත.