Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සති කිහිපයකට හෝ රට ලොක්ඩවුන් කරන්න 
මෙහෙම ගියොත් ආර්ථිකය ඉවරයි

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 රෝගීන්ගේ කැපීපෙනෙන වර්ධනයක් ඇතිවීමත්, මරණ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩිවීමත් - ඩෙල්ටා ප්‍රභේදය ඉතා ම වේගයෙන් ව්‍යාප්තවීමත් රෝහල් පද්ධතිතියේ ධාරිතාව ප්‍රමාණය ඉක්මාව යෑමත් හේතුකොට ගෙන වෛරසයේ ව්‍යාප්තිය ඉතා ඉක්මනින් පාලනය කිරීම සඳහා සති කිහිපයකට හෝ රට අගුළු දැමීම (Lockdown) කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉහත කී ආයාචනය අවධාරණය කර සිටී.
මේ බැරෑරුම් අවස්ථාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා වහා ම ක්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම ලෙස එම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙයි.

මේ අර්බුදකාරී මොහොතේ රටේ ආර්ථිකයට සිදුවන ඍණාත්මක බලපෑම ගැන පමණක් අවධානය යොමු කරමින් රෝග ව්‍යාප්තිය අවම කිරීමට ඵලදායී පියවර ගැනීම ප්‍රමාද කිරීම මගින් රටේ සියලු ම ක්‍ෂේත්‍ර තව තවත් අගාධයට යනු ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ අප රටේ ආර්ථිකයට වන හානිය ඉතා දරුණු වනු ඇති බවත් වෛද්‍ය කමල් පෙරේරා සිය මාධ්‍ය නිවේදනයෙන් පෙන්නා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා නිකුත් කළ එම නිවේදනය මෙසේ ය.

"වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 රෝගීන් වාර්තා වීමේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර දෛනික මරණ සංඛ්‍යාව ද ශීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතී. ඩෙල්ටා ප්‍රභේදය ඉතා ම වේගයෙන් ව්‍යාප්ත වන තත්ත්වයක් තුළ රෝහල් පද්ධතියේ ධාරිතාව පමණ ඉක්මවා ඇති අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ළඟා වී ඇත. ගෝලීය කොවිඩ්-19 වසංගතය තුළ අද අප රට, මෙතෙක් මුහුණදුන් ඉතාමත් බැරෑරුම් තත්ත්වයට මුහුණදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ලෙස අප ප්‍රකාශ කළ යුතුව ඇත

එමෙන් ම සත්‍ය ලෙස සමාජයේ සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි බව අපේක්‍ෂා කළ යුතු වේ. එන්නත්කරණය හරහා මරණයට පත්වීමේ අවදානම අඩු වුව ද රෝග ව්‍යාප්තිය මේ වන විට ඉතා ශීඝ්‍ර ලෙස සමාජය තුළ සිදුවන බව පැහැදිලිය. ප්‍රමාද වී ඇරැඹුණු එන්නත්කරණ ක්‍රියාවලිය අද වන විට යම් පමණක වේගවත් බවකින් සිදු වුවද එය මීට වඩා කඩිනම් ලෙස හා ඉලක්ක ගතව ඉදිරියට යා යුතුය. එසේම තවදුරටත් වෛරසය ව්‍යාප්තිය සිදුවන ලෙස ජනතාව ඒකරාශී නොවන පරිදි විධිමත් ලෙස එන්නත්කරණ ක්‍රියාවලිය සංවිධානය කළ යුතුය.

මහජනතාවට එන්නත්කරණය හරහා ලැබෙන ආරක්‍ෂාකාරී හැඟීම සමඟම ඔවුන්ගේ අවදානම් හැසිරීම් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියට හේතු වී ඇති බව පෙනෙන්නට තිබේ. එමෙන් ම ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් අපට තවත් බරපතළ සෞඛ්‍යමය ප්‍රශ්නයකට මුහුණදීමට සිදු වී ඇත. එනම් කුඩා දරුවන්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමේ අවදානම වැඩි වීම සහ රෝගී තත්ත්වය බරපතළ වීමේ ප්‍රවණතාව පෙරට වඩා වැඩි වීමයි. එබැවින් ඉතාමත් ම ඉක්මනින් ලෝකයේ අනෙක් රටවල දරුවන්ට එන්නත්කරණය සිදුකළ ආකාරය ගැන පුළුල්ව අධ්‍යයනයක් සිදුකර අප රටේ දරුවන් සඳහා කොවිඩ් එන්නත්කරණය කඩිනමින් ආරම්භ කළ යුතුය. කොරෝනා ආසාදනය නිසා සිදුවන ළමා මරණ ඉහළ යෑම අවම කර ගැනීමට එය ඉතා වැදගත් බව අපගේ හැඟීමයි. මේ අවස්ථාවේ කොවිඩ් එන්නත්කරණය රෝග ව්‍යාප්තිය මැඬපැවැත්වෙන ප්‍රශස්ත මට්ටමකට ළඟා වී නැත. එම නිසා එන්නත්කරණය යනු මේ වසංගතය පාලනයේ එක ප්‍රවේශයක් පමණක් බව දැඩිව අවධාරණය කළ යුතුය. මුව ආවරණය පැළඳීම, දෑත් පිරිසුදු කිරීම සහ සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් රෝග පැතිරීම වළක්වන ක්‍රමවේද තවදුරටත් පිළිපැදීම වසංගතය පාලනය කිරීමේදී අතිශය වැදගත් වේ.

රෝහල් පද්ධතියේ ධාරිතාව පමණ ඉක්මවා ඇති නිසා අසාධ්‍ය නොවන රෝගීන් නිවාසවල තබා සත්කාර කිරීමේ වැඩපිළිවෙළ පුළුල් ලෙස හා විධිමත් ලෙස සංවිධානය කිරීම අත්‍යවශ්‍ය වේ.

මේ බැරෑරුම් අවස්ථාවේදී කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩපැවැත් වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම ලෙස අවධාරණය කරමු. මහජනතාවගේ අවදානම් සහගත හැසිරීම් පාලනය කර වෛරසය ව්‍යාප්තිය ඉතා ඉක්මනින් පාලනය කිරීම සඳහා මේ අවස්ථවේදී සති කිහිපයකට රට ඇගුළු දැමීම කළ යුතු බව දැඩිව අවධාරණය කරමු.

මේ බරෑරුම් අවස්ථාවේදී රට අගුළු දැමීම මගින් දැනට අපගේ සෞඛ්‍ය පද්ධතිය දරාගත නොහැකි ලෙස ශීඝ්‍රව සිදුවන කොරෝනා ව්‍යාප්තිය අඩු කර මරණ සංඛ්‍යාව අවම කර ගත හැකිවනු ඇත. එමගින් අප රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි මට්ටමට කොවිඩ් වසංගතය පාලනය කර ගත හැකි වනු ඇත. මේ අර්බුදකාරී මොහොතේ රටේ ආර්ථිකයට සිදුවන ඍණාත්මක බලපෑම ගැන පමණක් අවධානය යොමු කරමින් රෝග ව්‍යාප්තිය අවම කිරීමට ඵලදායී පියවර ගැනීම ප්‍රමාද කිරීම මගින් රටේ සියලු ක්‍ෂේත්‍රයන් තව තවත් අගාධයට යනු ඇත. එවැනි තත්ත්වයක් තුළ අප රටේ ආර්ථිකයට වන හානිය ඉතා දරුණු වනු ඇත."

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook