Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වූ වාසු, උදය හා විමල් පෙරදා පැය 5 ½ක් තරම් දිගට ගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී රට වසා දැමීමේ යෝජනාවක් නොකර පසුදා සෙසු පක්ෂ ගණනාවක් සමඟ එක්වී රට වසන ලෙස ලිඛිතව දැන්වීම ගැන ජනාධිපතිවරයා සිටියේ තරහිනි.

ඒ සමඟ මේ අමාත්‍යවරුන් තිදෙනාටම වෙන වෙනම දුරකතනයෙන් ඇමතූ ජනාධිපතිවරයා ඔවුන් කර ඇත්තේ බරපතළ වරදක් බවත් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම උල්ලංඝනය කර ඇති බවත් කීය. එබැවින් තමන්ට ඔවුන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ හැකි බවත් එක් අමාත්‍යවරයකු අමතා සඳහන් කර ඇත.

එවිට අදාළ අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ තමන් වෙනත් පක්ෂ නියෝජනය කරන බැවින් ජනමතය අනුව මෙම ප්‍රකාශය කළ බවය. එහෙත් එක් අමාත්‍යවරයෙක් පමණක් තමන් එවූ ලිපියේ වරදක් ඇති බව පිළිගත්තේය. ඔහු තමන්ගේ ලිපිය මගින් වරදක් සිදුවූ නිසා එය නිවැරදි කරමින් අවශ්‍ය නම් පසුදා තමන්ට පමණක් ප්‍රකාශයක් කළ හැකි බව ජනාධිපතිවරයාට දැන්වීය.
ඒ අතර මේ ගැන දැඩි අසතුටින් සිටි ජනාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරුන් වෙතද මෙම කරුණ දැනුම් දී තමන්ට මෙම අමාත්‍යවරුන් කැබිනට්ටුවෙන් ඉවත් කළ හැකි යැයි කියා තිබිණි. එහෙත් අග්‍රාමාත්‍යවරයා ගෝඨාභය ජනාධිපතිවරයාට කීවේ තමන් අදාළ අමාත්‍යවරුන් සමඟ කතා කොට ප්‍රශ්නය විසඳා ගන්නා බැවින් කලබල නොවන ලෙසයි

ඒ අනුව ඔහු වාසු, විමල් හා උදය සමඟ දුරකතනයෙන් කතාකොට සුහද ලෙස කරුණු විමසීය. එදා රාත්‍රියේ අරලිය ගහ මැඳුරේ ඔවුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් තමන් සූදානම් කර ඇති නිසා ඊට සහභාගි වී කතාබස් කොට ප්‍රශ්න විසඳාගනිමු යැයි මහින්ද ඔවුන්ට කීය.

සිකුරාදා රාත්‍රි 7.30ට පමණ අදාළ අමාත්‍යවරු අරලියගහ මැඳුරට පැමිණ මහින්දගේ භෝජන සංග්‍රහයට එක්වූහ. ඊට එක්ව සිටියේ විමල්, උදය, වාසු සහ බන්දුල ගුණවර්ධන පමණි. පුරා පැය 4කට ආසන්න කාලයක් සුහද කතාබහ සමඟ රාත්‍රී භෝජනය ඇදී ගියේය. රාත්‍රී 11.30ට පමණ එය නිමාවූයේ සියලු තරහ මරහ අමතක කරමිනි.

– උපුටා ගත්තේ දේශය පුවත්පතිනි

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook