Adsense Banner

Latest Gossip News


අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Jul 10

අන්තර්ජාලයෙන් මුදල් උපයන අයට බැංකු ණයක්

සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය ඔස්සේ ආදායම් උපදවන මෙරට නිර්මාණකරුවන්ට ඉදිරියට යාමට අවශ්‍ය ව්‍යාපාර බැංකු ණය පහසුකම් ලබාදෙන වැඩපිළිවෙලක් සකස් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ ව්‍යාපාරික සංගමයේ මාර්ගගත ඩිජිටල් වෙළඳපොළ ක්‍රමය One mart App, Dizcard Businesses කාඩ්පත සහ Around.lk ඩිජිටල් නාමාවලිය හඳුන්වාදෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කොළඹ රාමඩා හෝටලයේ දී මේ බව සඳහන් කළේය.

ඔන්ලයින් ව්‍යාපාර කරන බවට ප්‍රකාශ කළ ද එවැන්නක් බැංකුවට පැහැදිළි කිරීම අපහසු නිසා හොඳ පරිගණකයක් එසේත් නැතිනම් හොඳ ඩිවයිස් එකක් මිල දී ගැනීමට ණයක් බලාපොරොත්තුවන පුද්ගලයන් වුව ද අසරණ වී ඇති ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් සකස් කරන බව අවධාරණය කළේය.

මඩ ගහන්න, චරිත ඝාතනය කරන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා මෙන් එය ධනාත්මක පැත්තට හැරෙව්වොත් විශාල සමාජ පෙරළියක් සමඟ දකුණු ආසියාවේ නිර්මාණාත්මක කේන්ද්‍රස්ථානය (ක්‍රියේටිව් හබ්) බවට ශ්‍රී ලංකාව පත් වෙනවා යැයි ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

මම ස්තූතිවන්ත වෙනවා සංවිධානයක් විදියට ඔබේ ව්‍යාපාර විවිධාංගීකරණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. ඔබ සංවිධානයට විශාල ජාලයක් තිබෙනවා. ව්‍යාපාරික කෝණයට අමතරව සමාජ කෝණයකින් සිතන ක්‍රියාශීලී සාමාජිකයින් පිරිසක් ඉන්නවා.

වසර ගණනාවක් තිස්සේ අප ඔබ සමඟ වැඩ කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම රටේ සමාජයේ ගැටලු පැනනැගුණු විශේෂ අවස්ථාවලත් ඔබ සමග කටයුතු කළා.

ඒ සෑම අවස්ථාවකම අපි දැක්කා ඔබ සංවිධානයට ඉතා දක්ෂ පිරිසක් ඉන්න බව. එම පිරිස සමඟ ඉදිරියේදී මෙම සේවාවන් සපිරි ජාලය ශක්තිමත් කිරීම හැකියාව තිබෙනවා කියන විශ්වාසය අපිට තිබෙනවා.

රජයක් ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අද මේ රට ඩිජිටල් මාවතට රැගෙන යාමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.

අපි අමාත්‍යංශ ලේකම්වරු සමඟ සාකච්ඡා කරන විට දකින දේ තමයි රාජ්‍ය අංශ ඩිජිටල්කරණය කරනවා කියන දේ අලුත් දෙයක් නෙවෙයි.

සමහර ආයතන ආරම්භ කරලා තිබෙන්නේ අවුරුදු 25 කට පෙර. සමහර ආයතන අවුරුදු 30 ට පෙර තම හැඳුනුම්පත ඩිජිටල් තාක්ෂණය සමඟ සම්බන්ධ කරන සංකල්පය ගෙන ආවා.

ජාල පද්ධතියකට ලංකාවේ යටිතල පහසුකම් එකතු කරන්න 1994 තමයි කාර්යාල පිහිටුවලා වැඩ කටයුතු පටන් ගත්තේ. ආණ්ඩු මාරු වෙනකොට ඒ වැඩපිළිවෙලවල් කඩා වැටෙන්න ඇති.

අපේ රටේ තරුණ පරම්පරාවට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරනවා කියන එක හීනයකට පමණක් සීමා වෙලා තිබුණා. අපි වගකීමෙන් කියන්නේ එය යථාර්ථයක් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් සිටින්නේ.

නොවැම්බර් මාසේ 18 වෙනිදා වෙනකොට දත්ත පද්ධතිය එක්රැස් කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. දත්ත පද්ධතිය එක්රැස් කරනවා කියන කාර්යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ඩිජිටල් ජාතික හැදුනුම්පත නිර්මාණය කිරීමේ මූලික අදියර ලෙසයි.

වසරක් ඇතුළත මේ වැඩකටයුතු නිම කරන්න අපි කටයුතු කරනවා. ඒ සදහා අවශ්‍ය අණ පනත්, නීති කෙටුම්පත් සියල්ල මේ වෙනකොට සම්පාදනය කරමින් තිබෙනවා.

අපි විශ්වාස කරනවා ඉතා කඩිනමින් ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක පාර්ලිමේන්තුවේ සම්මත කරලා එජන්සිය පිහිටුවන්න අවකාශය ලැබෙයි කියලා.

ලබන වසරේ ප්‍රාදේශීය සභා කාර්යාල 100 ක් ඩිජිටල්කරණය කර වරිපනම් බදු ගෙවීමේ සිට සෑම සේවා සැපයීමක්ම ආරම්භ කරනවා. අවුරුදු 3 ක් 4 කින් සියලුම ප්‍රාදේශීය සභා ඩිජිටල්කරණය කිරීමේ හැකියාව අපිට තිබෙනවා.

අනෙකුත් රාජ්‍ය ආයතන සියල්ල මීළග අවුරුදු 03 ඇතුළත ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එක තුළට ගෙන එන්න කටයුතු කරනවා.

ඔබ ආයතනයේ මේ ඇප් එක හරහා නිෂ්පාදකයා, වෙළඳ ව්‍යාපාරිකයා, පාරිභෝගිකයා තුන් ගොල්ලන්ව සම්බන්ධීකරණය කරනවා වගේම ඔබේ සාමාජිකයින්ව මේ අපේ ඩිජිටල්කරණය කරන වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමට එකතු කර ගන්නවා.

ඩිජිටල්කරණය තුළ අපිට ලැබෙන්නේ කුමක්ද කියන දේ අපි උගතුන්, බුද්ධිමතුන් මෙන්ම ගම් මට්ටමේ සිටින සියලුම දෙනාවත් දැනුම්වත් කිරීම නොබෝ දිනකින් ආරම්භ කරනවා.

සමහරු හිතන්නේ ඩිජිටල්කරණය කියන්නේ ෆෙස්බුක් එකට ගිහින් තව කෙනෙකුට මැසේජ් එකක් දාන එක කියලා. සමහරු හිතනවා ඒක අපේ අයිතිවාසිකමක් කියලා. සමහරු ඒක වරප්‍රසාදයක් විධියටත් දකිනවා.

අපි අපේ අයිතිය, වරප්‍රසාදය භුක්ති විදිනකොට තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානියක් වෙනවා නම් ඒක වැරදියි. ඒ වෙනුවෙන් අපි අණපනත්, කෙටුම්පත් සම්පාදනය කරන්න අවශ්‍යයයි.

අපි අණපනත් සම්පාදනය කරන්නේ කෙනෙක්ගේ අයිතිය යටපත් කරන්න නෙවේ. තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. ඒ වගකීම අපිට තිබෙන්නේ.

අපි දකින දේ තමයි සමාජ ජාලා තුළ ඩිජිටල්කරණය කරා යනවා කියන්නේ සමාජ ජාලා ඇප් තවත් ව්‍යාප්ත කරනවා කියන එක. ඒකම නෙවේ ඩිජිටල්කරණය කරනවා කියන්නේ.

දැන් ටෙක්නෝ පාර්ක් 05 ක් ලංකාව පුරා හැදෙනවා. ගාල්ලෙන් අපි ආරම්භ කළා. මීළගට කුරුණැගල. මහනුවර, නුවරඑළිය සහ නැගෙනහිර පළාතේත් ක්‍රියාත්මක කරනවා.

පනත් සම්මත වුණාට පස්සේ මේ ටෙක්නෝ පාර්ක් වලට එන ආයෝජකයින්ට පුලුවන් ලංකාවේ ඕනෑම තැනක සිට තම ව්‍යාපාර ආරම්භ කරන්න.

අපි දකිනවා මේ සමාජ මාධ්‍ය ඔස්සේ, අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් ව්‍යාපාර කරනවා. මේ ව්‍යාපාර කරන අයට තිබෙන විශාල ගැටලුව තමයි බැංකුවකට ගියාම ණයක් ගන්න විදියක් නැහැ. ව්‍යාපාරයක් හෝ ස්ථානයක් නැහැ පෙන්නන්න. මේක ඔන්ලයින් ව්‍යාපාරයක් කියලා බැංකුවට පැහැදිලි කරන්න අමාරුයි.

ඊයේ මට හමුවුණා තරුණයෙක්. පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ. පුත්තලමේ ජීවත් වෙන්නේ. මාසෙකට අමෙරිකානු ඩොලර් 6000 ක් හොයනවා.

හැබැයි ඒ ළමයාට අද වෙනකල් බැංකුවෙන් ණයක් ගන්න පුලුවන් කමක් නැහැ. මම මේ රටේ බැංකු පද්ධතියෙන් ඉල්ලීමක් කරන්නේ මේ දරුවන්ට තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න අවශ්‍ය ණය ලබා දෙන්න කියලා.

සමහර අය තමන්ගේ හැකියාවන් මත කන්ටෙන්ට් හදලා විදේශ සමාගම් වලට අලෙවි කරනවා. තමන්ගේම ජිවිකාව සාර්ථක කර ගන්න ඔවුන් මුදල් හම්බකරනවා.

ඒ අය ණයක් බලාපොරොත්තු වෙන්නේ හොඳ ඩිවයිස් එකක් ගන්න. පරිගණකයක් ගන්න. මේ සියලු දේ සඳහා අපි ඉදිරියේදී රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

සමෘද්ධිලාභී පවුල්වල දරුවන් බොහෝ පිරිසක් ඉන්නවා මේ ෆිල්ඩ් එකේ. ඒ ක්‍රියේටිවිටි එක පොසිටිවු විධියට ගෙනාවොත් අපි දකුණු ආසියාවේ ක්‍රියේටිව් හබ් එක බවට පත් වෙනවා. අපි යායුතු වන්නේ ඒ තැනටයි.

මඩ ගහන්න, චරිත ඝාතනය කරන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා වගේම එය ධනාත්මක පැත්තට හැරෙව්වොත් මම හිතන්නේ අපි සමාජයේ ලොකු පෙරළියක් සමග දකුණු ආසියාවේ ක්‍රියේටිව් හබ් එක බවට පත් වෙනවා.

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගන්න අවශ්‍ය වපසරිය අපි ඉදිරියේ දී හදනවා. අපිට ඒ නිර්මාණාත්මක තරුණ පරම්පරාව එකතුකරගෙන හොඳ ගමනක් යා හැකියි.

අපි ඒ අයගේ කන්ටෙන්ට් ඩිවලොප් කළ යුතුයි. වෙළදපොළ සකස් කරලා දිය යුතුයි. මේ සියල්ල ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ලෙස ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍යතුමා පැවසීය.

– මාධ්‍ය ඒකකය

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook