Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මෙල්වා යකඩ ගෙන්වද්දී මිලියන 4600 ක බදු වංචාවක් කරලා

රජයට හිමිවිය යුතු මිලියන 4600 කට අධික බදු මුදල් ගෙවීම පැහැරහරිමින් වසර තුනකට අධික කාලයක් පුරා සිය ව්‍යාපාර වල නිරත වන මෙල්වා රෝලින් සමාගම පිළිබඳ ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ දූෂණ විරෝධී හඬ මාධ්‍ය හමුවේදී පසුගියදා සුවිශේෂී හෙළිදරව්වක් සිදුකළේය.

මෙල්වා සමාගම ටිප් පහසුකම යටතේ 2018 – 2019 වසර දෙකේදී මෙරටට යකඩ ගෙන්වීමේ යෙදුණි. ටිප් පහසුකම යටතේ මෙරටට යකඩ ගෙන්වන විට එම යකඩ ගෙන්වා ලංකාවේ කර්මාන්තශාලා වල නිමවා නැවත අපනයනය කළයුතුවේ. මෙවැනි විටකදී යකඩ ගෙන්වන විට රජයට අයවිය යුතු සියළු බදු වලින් අදාළ සමාගම නිදහස් වේ.

වසන්ත සමරසිංහ හෙළිදරව් කරන ආකාරයට 2018 දෙසැම්බර් 23 වනදා සිට අවස්ථා 6 කදී මෙල්වා සමාගම මෙරටට යකඩ ගෙන්වා තිබේ. 2018 දී 5 වන මාසයේදී හා 6, 7 වන මාසවලදී ද ඔවුන් මෙරටට යකඩ ගෙන්වා තිබේ. 2019 දී 9 වතාවක් යකඩ ගෙන්වා තිබේ.

මෙහි වටිනාකම කිලෝ ග්‍රෑම් වලින් ගත්කළ මෙට්‍රික් ටොන් 257000 කි. එහි වටිනාකම බිලියන 22 ක් වේ. මේ සඳහා බදු අයවිය යුතු වේ. ඒ වරාය හා ගුවන්තොටුපළ බද්ද (PAL) 7 % යි. වැට් 15 % යි. NBT 2 % ක් වශයෙනි. මෙම බදු රජයට හිමිවූවේ නම් එහි වටිනාකම මිලියන 447 කි. වැට් බද්ද මිලියන 4013 කි. NBT මිලියන 140 කි. මේ තුනේ එකතුව මිලියන 4601 කි. මේ සියළු මුදල් රජයට හිමිවිය යුතුවේ.

මේ ගෙවෙන්නේ 2021 වසරයි. 2018 – 2019 වසර අවසන් වී හමාරය. ටිප් යටතේ ගෙන්වූ භාණ්ඩ අපනයනය නොකළා නම් අදාළ බලපත්‍රය මාස 6 න් 6 ට දීර්ඝ කිරීමේ අවස්ථාව හිමිවී තිබුණි. මෙම බලපත්‍රය එක්වරක් දීර්ඝ කර 2019 දී අවසන් කෙරුණි. 2020 වසර ද ගෙවී අවසන්ය. නමුත්, මෙල්වා සමාගම රජයට බදු ගෙවීම පැහැර හැර තිබේ. මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන වසන්ත සමරසිංහ පවසන්නේ, ‘මිලියන 4600 ක් භාණ්ඩාගාරයට අයවිය යුතු පැල් එක, වැට් එක, NBT එක තව වෙනකල් ගෙවන්නේ නැහැ. ඇයි, ඒ පහසුකම භුක්ති විඳලා ගෙනාවා නම්, ගෙනාපු පහසුකම යටතේ ඒ බඩු ටික අපනයනය කරේ නැත්නම් ඒකට අදාළ බද්ද ගෙවන්න ඕන. ගෙව්වේ නැත්නම් දඩ ගාස්තුත් එක්ක ගෙවන්න ඕන. එතකොට මේ මිලියන 4600 විතරක් නෙමෙයි මේ ව්‍යාපාරිකයින් මිලියන 7000 ක් විතර මහා භාණ්ඩාගාරයට ගෙවන්න ඕන. එතකොට මිලියන 7000 ක්.‘‘ යනුවෙනි. 

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook