ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් විකිණීම සඳහා අවසර ඉල්ලා සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයට ලිපියක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව, ඒ සඳහා ඊයේ (ජූනි 16) මුදල් අමාත්‍යංශය ප්‍රතිපත්තිමය එකඟතාව පළ කළ තිබුණු අතර කොවිඩ් කාර්ය සාධක බලකායේ අවසරය ද ඒ සඳහා ලබා ගැනීමට යොමු කර තිබුණු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
ඔන්ලයින් හරහා මත්පැන් විකිණීමට එරෙහිව වෛද්‍ය සංගම් දෙකක් ද දැඩි විරෝධය පළ කර තිබිණි.
ඒ අනුව, ඔන්ලයින් හරහා මත්පැන් විකිණීමට අවසර ලබා නොදෙන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
mawbima