Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මන්ත්‍රීවරියක් සහ ප්‍රකට නගරාධිපතිනියකුත් ඉදලා
බඩගිනි වී ෂැංග්‍රිලා හෝටලයට කෑම ගන්නට ගියා යැයි පියුමි කට උත්තරය දීලා

සෑම වසරකටම වරක් මුළු රටේම ආන්දෝලනයට ලක්වන උපන්දින සැමරුම් දෙකක් ඇත්තේය.

ඉන් එක් උපන්දින සාදයක් සංවිධානය කරන්නේ කලින් පිටිදූවේ සිරිධම්ම යනුවෙන් හැඳින්වූද වර්තමානයේ සමන්තභද්‍ර යනුවෙන් හඳුන්වන භික්ෂුව වෙනුවෙනි. එම උපන්දින සාදයට තරු පහේ කෑම බීම පමණක් නොව ඌරුමස්, දඩමස්, ඇතුළු මස් මාළු, එළවළු, පලතුරු, කේක්, පුඩින්, රස කැවිලිවලින් අඩුවක් නැත. මේ උපන්දින සාදය භික්ෂුවකට නොගැලපෙන බව උන්වහන්සේට එල්ල වූ චෝදනාවය.

සමන්තභද්‍ර හිමියන්ගේ උපන්දින සැමරුම හැරුණු කොට රටේම කතා බහ කෙරෙන්නේ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දින සැමරුමය. තරුපහේ හෝටල්වල පැවැත්වෙන එය කාගෙත් කතාබහට ලක්වන සැමරුමකි. රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් මෝස්තර නිරූපිකාවෝ මැති ඇමැතිවරු, නළු නිළියෝ ඇතුළු විවිධ පැලැන්තියේ අය චන්දිමාල්ගේ උපන්දින සැමරුමට එක්වූහ.

චන්දිමාල්ගේ උපන්දින සැමරුම මිලියන ගණනින් වියදම් කර පැවැත්වෙන මහා මංගල්‍යයක් සේය. එම සාදයේ විශේෂත්වය වන්නේ සාදයට එක්වන සැමට වටිනා තෑගි පිරිනැමීමය.

මෙවර ද චන්දිමාල්ගේ 38 වන උපන්දින සැමරුම යෙදුණේ මැයි 30දාටය. වෙනදාට නම් චන්දිමාල් මහ ඉහළින් උපන්දින සාදය පැවැත්වුවත් රටේ පැවැති තත්ත්වය වෙනදා සාදවලට ලද ඉඩකඩ නොවීය. හැරත් නිරෝධායන පනතේ රෙගුලාසි අනුව උපන්දින සාද පැවැත්වීමට අවසර නැත.

සංචරණ සීමා තිබුණත් චන්දිමාල් තම 38 වන උපන්දියත් සමරන්නට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අංක 1005 කාමරය කලින්ම වෙන්කරගෙන තිබුණි.

මැයි 30දා උදෑසනම චන්දිමාල් ෂැංග්‍රිලා හෝටලයට පැමිණෙන්නේ රටේම සංචරණ සීමා පනවා තිබියදීය. පිටකෝට්ටේ, විහාර මාවතේ පදිංචි චන්දිමාල් ජයසිංහ තම මෝටර් රථයෙන් පොලිස් ස්ථාන කිහිපයක්ම පහුකරගෙන ෂැංග්‍රිලා හෝටලයට පැමිණ තිබුණේ කිසිදු අවහිරතාවක් නැතිවය. මේ දිනවල පාරේ යාමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය රාජකාරි කරන අයට මුත් චන්දිමාල් ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයට ආවේ කොහොමදැයි තවමත් අනාවරණය නොවූ රහසකි.

මෙම සාදය සඳහා චන්දිමාල් සිය මව, වැඩිමහල් සොයුරිය හා ඇගේ දුවත් දුවගේ පෙම්වතාටත් ආරාධනා කර තිබුණේ පවුලේ අය වෙනුවෙනි.

සෙසු පිරිස පියුමි හංසමාලි ඇතුළු ඔහුගේ මිතුරු මිතුරියන්ය. එම මිතුරු මිතුරියන් අතරේ දේශපාලනඥයෝ ද වූහ. කලා ලොවේ ප්‍රකට පවුලක සාමාජිකාවක් ද විය. ඒ ජැක්සන් ඇන්තනි හා කුමාරි මුණසිංහ යුවළගේ දියණිය වන මාධවි වත්සලාය.

මෙම සාදයට හයදෙනෙකු පැමිණෙන්නේ හෝටලයේ ඉදිරිපස ලොබියෙනි. අනෙක් දාහතර දෙනෙකු පැමින තිබුණේ පසුපස දොරෙනි. උපන්දින කේක් ගෙඩිය කපා සාදය පවත්වන අතරතුරේ පොලිසියට ඔත්තුවක් ලැබෙන්නේ නිරෝධායන නීති උල්ලංගනය කරමින් තරුපහේ හෝටලයක උපන්දින සැමරුමක් පැවැත්වෙන බව කියමිනි.

ඔත්තුව ලැබුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ආරක්ෂාව භාර පොලිස් නිලධාරියා (PSO) වෙතය. එම ඔත්තුව සිය ප්‍රධානියාට දැනුම් දුන් විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කරන්නේ මේ සිද්ධිය ගැන නොපමාව ක්‍රියාත්මක වන ලෙසය. ඒ අනුව මෙම හෝටලයේ උපන්දින සැමරුම වැටලීම භාර කෙරුණේ කොටුව පොලිස් ස්ථානාධිපතිටය.

රාත්‍රි 11.30ට පමණ පොලිස් කණ්ඩායමක් හෝටලයට ගොස් වැටලීම කළත් චන්දිමාල් ජයසිංහගේ උපන්දින සැමරුමට පැමිණි කිසිවකු ඒ මොහොතේ අත්අඩංගුවට ගැනුණේ නැත. මෙම පිරිසට ගත යුතු පියවර ගැන පොලිස් කණ්ඩායමට උපදෙස් දී තිබුණේ නැත.

පොලිසියට නිරෝධායන නීති යටතේ එහි සිටි පිරිස අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමුකිරීමට හැකියාව තිබුණ ද එහිදී පොලිසිය අඩියක් පස්සට තබා තිබුණේය. එයට හේතුව දන්නේ කොටුව පොලිස් ස්ථානාධිපති හෝ එහි ගිය පිරිස පමණි. ඇතැම් විට චන්දිමාල් ජයසිංහගේ ප්‍රභූ මිතුරු මිතුරියන්ගේ සබඳතා ඒ මොහොතේ ක්‍රියාත්මක වන්නට ඇත. අන්තිමේදී සිද්ධ වන්නේ චන්දිමාල් ජයසිංහ ඇතුළු ඔහුගේ මිතුරු නඩය හොර පාරෙන්ම ගෙවල් බලා යාමය. අඩුම තරමේ නිරෝධායන පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් පැවැත්වූ මේ සාදය ගැන කොටුව පොලිසියේ පොලිස් පොතේ මේ සිද්ධිය ගැන අකුරක්වත් ලියැවුණේ නැත.

මින් පෙර සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර කීවේ තමන්ට නීතිය නවන්නට පුළුවන් බවය. ඒ අනුව මේ සිද්ධියේදී චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි ඇතුළු නළු නිළියන් හා දේශපාලනඥයන් බේරා ගැනීමට මුලින්ම නීතිය නවා ඇති බව පැහැදිලිය. කොටුව පොලිසියේ එසේ වූවාට උතුරෙන් අසන්නට ලැබුණේ වෙනත් කතාවකි. යාපනයේ අර්සඩ්හි උපන්දින සාදයක් පැවැත්වූ පස්දෙනෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයෙන් ඔවුන් ජූලි 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. උපන්දින සාදයට එක්වූ අයගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කෙරුණි. යාපනයේ දෙමළ තරුණයන්ට එක් නීතියක්ද? චන්දිමාල් ජයසිංහගේ මිතුරු මිතුරියන්ට තව නීතියක් දැයි යන්න විමසමින් සමාජ මාධ්‍යවල පොලිසිය පතුරු ගැසුණි. මේ අතරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බුද්ධි අංශයෙන් දැනුම් දෙන්නේ ෂැංග්‍රිලා හෝටලයේ වැටලීම හා එහි සිටි පිරිස කිසිදු පරීක්ෂණයකින් තොරව නිදහස් කර ඇති බවය.

උපන්දින සාදයට පැමිණි පිරිසට නීතිය ක්‍රියාත්ම නොකිරීම ගැන කොටුව පොලිස් ස්ථානාධිපතිට දැඩිව අවවාද කර වහාම එම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග දුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිය.

මේ වන විට චන්දිමාල්ගේ උපන් දින සාදය ගැන මෙන්ම කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ උපන්දිනයට කේක් කැපීමක් ගැන රටේ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබුණි. මේ කුරුණෑගල නගරාධිපතිවරයා ගැන කතාබහක් ඇති වූ මුල්ම අවස්ථාව නොවේ. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමට චෝදනා එල්ල වූයේද ඔහුටය. ඒ වෙලාවේ කුරුණෑගල දේශපාලන කෙරුමා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා කීවේ නගරාධිපතිවරයාගේ මයිල් ගහකට අත තියන්නට තමා ඉඩ නොදෙන බවය. කෙසේ නමුදු නගරාධිපතිවරයා මේ කේක් ගෙඩිය කපා තිබුණේ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක විසින් පොලිසියෙන් සංවිධානය කළ පිරිත් දේශනයක් අතරේදීය. සහකාර පොලිස් අධිකාරිවරයා නගරාධිපතිට උපන්දිනය වෙනුවෙන් කේක් කපන්නට සලස්වන්නේ ද මේ කියන මැයි 30දා රාත්‍රියේදීමය. හැමදෙනාටම එක නීතියක් කියන පොලිසිය මේ විදිහට වෙන් වෙන් වශයෙන් සැලකීම ගැන රටේ දැඩි ආන්දෝලනයක් ඇති වෙද්දී චන්දිමාල් ජයසිංහ පියුමි හංසමාලි කොටුව පොලිසිය මගින් පසුදින (31දා) දහවල් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සැකකරුවන් සැකකාරියන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ හමුවට ඉදිරිපත් කළ එක් අයෙකුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග ලැබුණි.

එහෙත් මේ ලිපිය මුලින් කී පරිදි යාපනය සිද්ධියේදී පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබුණේ මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයෙනි. ඒ අනුව පියුමි හංසමාලි හා චන්දිමාල් පිරිස් වෙනුවෙන් කොටුව පොලිසිය නීතිය නවා ඇති බව පැහැදිලිය. කොටුව පොලිසියේ මේ ක්‍රියාපිළිවෙත ගැන වහාම විමර්ශනයක් කරන ලෙස සහකාර පොලිස් අධිකාරි පී. කිරිඇල්ලට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කළේ ඒ නිසාය.

මේ වනවිටත් කොටුව පොලිසිය මෙම සාදයට එක් වූ බව කියන දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට භාගේෂ්වරී මධුෂිකා ගුණසේකර හා ඇගේ සැමියා ද ඇතුළු හයදෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යමින් තිබුණි.

සෙසු පිරිස අත්අඩංගුවට නොගෙන මෙම හයදෙනා පමණක් රැගෙන නොයන ලෙස දුන් උපදෙස් මත සැකකරුවන් හයදෙනා නැවත කොටුව පොලිසිය වෙත රැගෙන ආවේය. කොටුව පොලිසිය මේ සිද්ධියේදී දක්වන අසාමාන්‍ය හැසිරීම ගැන දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම කොටුව පොලිස් ස්ථානාධිපතිට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තන්ත්‍රි වෙත පැවැරීය.

කොටුව පොලිසියෙන් විමර්ශන ඉවත් කර ඒ සම්බන්ධ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනක නන්දන වෙත පැවැරීය.

ඉන්පසුව ජූනි 1 වැනිදා වනවිට විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට පත්කෙරුණි. ඉන්පසුව සාදයට එක් වූ බව කියන තවත් හත්දෙනකු පොලිස් භාරයට ගැනුණි.

අත්අඩංගුවට ගත් දහතුන් දෙනාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය පියවර ගත්තේය.

උපන්දින සාදවල පොලිසිය හා නීතිය ක්‍රියාත්මක වීම ගැන රටේම සිදුවූ කතා බහ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානයට යොමු වී පොලිස් ප්‍රධානීන්ගෙන් මේ සම්බන්ධව විමසන්නේ ඒ අතරේය. රටේ සැමට නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු බවට ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මේ අතරේ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කිරීමට පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා කීවේ ඒ සඳහා තමාට නීති ප්‍රතිපාදන නැති බවය.

ඉන්පසුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නිර්දේශ ලබාගෙන මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට පියවර ගැනුණි. නිවසේ සිටි පියුමි හංසමාලි කොටුව පොලිසියට කැඳවන්නේ මේ අනුවය. සිදුවීම් වන අතරේ චන්දිමාල් තලවතුගොඩ පිහිටි පුද්ගලික රෝහලකට බදාදා (1දා) ඇතුළත් වූයේය.

අධිකරණයෙන් මුදාහැරුණු පිරිස ද කොටුව පොලිසියට රැගෙනවිත්, පියුමි හංසමාලි ද සමගින් බස් රථයට නංවා ගත්තේ නිරෝධායනයට රැගෙන යන්නටය. තලවතුගොඩ රෝහලේ නැවතී සිටි චන්දිමාල්ව නිරෝධායනය සඳහා රැගෙන යාමට බස් රථයට යොමුකිරීම පැවැරුණේ තලංගම පොලිසියටය.

තමන්ට ෂැංග්‍රිලා හෝටලයේ නිරෝධායනය වීමට දෙන්නැයි මෙම පිරිස ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප විය. ඒ වන විටත් යුද හමුදාවේ පස්සර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය මේ පිරිස වෙනුවෙන් යුද හමුදාපතිවරයාගෙන් ලබාගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබිණි.

පස්සර බලා යන ගමනේදී ෆේස්බුක් ඔස්සේ සජීවීව එක්වූ පියුමි හංසමාලි රටටම තමන්ට අත් වූ ඉරණම කියා පෑවාය. ඒ යන අතරතුරේ තමන්ව මුදාගන්නැයි දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් ඉල්ලා සිටින්නට වූවාය.

මේ සියලු කාරණා මැද දින දාහතරක නිරෝධායනයකට හංසමාලි සමග පහළොස්දෙනෙක් පස්සර බලා පැමිණියහ.

චන්දිමාල් ජයසිංහ කොටුව පොලිසිය වෙත දුන් ප්‍රකාශය අනුව ඔහු පවසන්නේ තම මිතුරන් තිදෙනකු හා පවුලේ සිවුදෙනකු පමණක් මේ කාමරයේ සිටි බවය. උපන්දින සාද ගැනීමට නොහැකි බව කියූ නිසා රාත්‍රී කෑම අරගෙන මව ඇතුළු පවුලේ අය ගෙදර ගිය බවත් චන්දිමාල් දුන් ප්‍රකාශයේ සඳහන්ය. කොටුව පොලිසියේ ස්ථානාධිපති එන විට සියලු දෙනා පිටව ගොස් සිටි බව ද චන්දිමාල්ගේ ප්‍රකාශයේ සඳහන්ය.

පියුමි හංසමාලි ගෝමස් (28) කොටුව පොලිසියට දුන් ප්‍රකාශයට අනුව ඇය ෂැංග්‍රිලා හෝටලයට එන්නේ රාත්‍රී 10.30ටය. නවලෝක රෝහලේ සිටින තම මිතුරකු බලා එන අතරේ බඩගිනි වී ෂැංග්‍රිලා හෝටලයට කෑම ගන්නට ගිය බව ඇය කියා තිබුණි. චන්දිමාල් තමාට මුණ නොගැසුන බවත් ඇය දුන් ප්‍රකාශයේ ඇත.

කෙසේ වෙතත් හෝටලයේ කළමනාකරුවන් දුන් සාක්ෂි හා සී.සී.ටී.වී. සාක්ෂිවලට අනුව සාදයේ පැමිණි අය හා පැනගිය අය මෙන්ම කේක් කපා සාදය සැමරූ සියල්ල දැන් අනාවරණය වෙමින් ඇත්තේය. මේ සිද්ධියට සම්බන්ධ බව නිශා චන්දිමාල් පිරිස්ගේ පවුලේ සාමාජිකයන්. රියැදුරු හා ජැක්සන් ඇන්නතනිගේ දුව වන මාධවි වත්සලා යන අය පෙරේදා (4) අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වීමට අවසර දීම සම්බන්ධයෙන් කොටුව ෂැංග්‍රිලා හෝටලයේ කළමනාකාරිත්වය සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තිස්ස රවින්ද්‍ර පෙරේරා
– aruna

මේ අතර ගොසිප්99 අපට වාර්තාවන පරිදි බස්නාහිර පලාතේ ප්‍රධාන නගරයක නගරාධිපතිනක් මේ සදහා සහභාගී වී ඇති අතර මේ වන විට ඒ සියලු නම් ගම් වසන් වී ඇති බවයි

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook