පාසල් අවදියේ පේජ් එකක් අටවගෙන අපු රතු බෝල පේජ් කාරයා KASSA දැන් ඉන්න තැන සමාජ ජාලවල වැඩ දාන KASSA Advertisingදිනෙන් දින ගෝලීයකරණය හමුවේ වෙළඳ ප්‍රචාරණය සමාජ මාධ්‍ය වටා ඒකරාශී වෙමින් වර්ධනය වීමේ ප්‍රවණතාවය මත මාධ්‍ය වෙළඳ ප්‍රචාරණයට සුදුසුම මාධ්‍ය ලෙස සමාජ මාධ්‍ය (Social media) හදුනාගත හැකිය. විශේෂයෙන්ම එදිනෙදා ක්‍රියාවලීන් බොහෝමයක් අංකිතකරණයට (Digitalization) ලක්වීම මත පුවත්පත් තුළ හෝ රූපවාහිනිය තුළ හෝ ගුවන්විදුලිය තුළ වෙළඳ ප්‍රචාරණයට යොමු වීම හෝ අවධානයට ලක්වීමට සාපේක්ෂව සමාජ මාධ්‍ය වෙළඳ ප්‍රචාරණය වෙත යොමුවීමේ ප්‍රවණතාවක් පවතින බව නොරහසකි. විශේෂයෙන්ම නූතන මාධ්‍යන් තුළ පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය හරහා වෙළඳ ප්‍රචාරණය සීමා සහිත වීම සහ අධික පිරිවැයක් දැරීමට සිදු වීම මත බොහෝ ක්ෂේත්‍ර තුළ වෙළඳ ප්‍රචාරණය සිදුකර ගැනීම සඳහා සමාජ මාධ්‍ය වෙත පිවිසීම හඳුනාගත හැකිය. සීමා සහිතව, අවම මිල ගණන් යටතේ, තමන්ට උචිත ආකාරයට වෙළද ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු සමාජ මාධ්‍ය හරහා සිදු කළ හැකිය. සමාජ මාධ්‍ය වෙළඳ ප්‍රචාරණ, ප්‍රවර්ධිත ලෝකයේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ සමාජ ජාලා මාධ්‍ය ප්‍රචාරණ ආයතනයක් ලෙස KASSA Advertising (PVT) Ltd ආයතනය හඳුනාගත හැක.
මෙම ආයතනය කෙටි කාල සීමාවක් තුළ සමාජ මාධ්‍ය ප්‍රචාරණ ලෝකයේ නම් දරණ ආයතනයක් බවට පත් වීම සඳහා ඔවුන් විසින් සිදු කරන ලද සාර්ථක සමාජ මාධ්‍ය වෙළඳ ප්‍රචාරණ ව්‍යාපෘති හේතු වී තිබේ.
සමාජ මාධ්‍ය වෙළඳ ප්‍රචාරණය තුළ බොහෝ අයට තිබෙන ගැටළුවක් වන්නේ තමන්ට අවශ්‍ය සේවාවන් ඉක්මනින් සහ සුදුසු ආකාරයකට ප්‍රචාරණය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. නමුත් KASSA Advertising ආයතනය විසින් තම සේවාදායකයා හඳුනාගනිමින්, ඔහුට හෝ ඇයට අවශ්‍ය සියලුම සේවාවන් නිවැරැදි පරිදි ඉටු කිරීම සිදු කරයි. ආයතනය සමඟ සුහදව කටයුතු කරමින් තම අරමුණු සහ අභිමතාර්ථ ඉටු කර ගැනීමට සේවාදායකයින්ටද මෙමඟින් අවකාශය හිමිවේ.
KASSA Advertising ආයතනය හරහා දේශපාලනික, ව්‍යාපාරික, සංගීත, නිරූපණ ආදී ඕනෑම සුළු හෝ මහාපරිමාණ ක්ෂේත්රයන්ට අදාල දැන්වීමක් කෙටි කාලයක් තුළ වැඩි ග්රාහක පිරිසක් අතර සංසරණය වන , ඔවුන්ගේ කතා බහට යොමු වන දැන්වීමක් ලෙස ප්‍රචාරණය කර ගැනීමේ හැකියාව උදා වී තිබේ. සමාජ මාධ්‍ය දැන්වීම්කරණ ක්ෂේත්රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ව්‍යාපෘති හරහා සේවාදායකයාට අවශ්‍ය සේවාව ඉටුකිරීම මෙම ආයතනයේ විශේෂත්වයයි. එසේම වසර ගණනාවක සමාජ මාධ්‍ය ක්ෂේත්රයේ පලපුරුද්දක් සහිත විශිෂ්ඨයන්ගේ සේවාවන් මෙම ආයතනය සතුව පවතියි.
ඔබට අවශ්‍ය සියලුම අරමුණු ඉතා පහසුවෙන් සහ වගකීමෙන් සිදු කළ හැකි වීම මෙම ආයතනය සතු තවත් සුවිශේෂීත්වයක් ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වූ ප්‍රබල දේශපාලනික සහ ව්‍යාපාරික ප්‍රචාරණයක් පිටුපස සාර්ථකව රැඳී සිටින්නේ KASSA Advertising සමාජ මාධ්‍ය වෙළඳ ප්‍රචාරණ ආයතනයයි.
ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය වෙළඳ ප්රචාරණයේ හැරවුම් ලක්ෂය ලෙස හඳුනාගත හැකි සමාජ මාධ්‍ය වෙළඳ ප්‍රචාරණ ආයතනයක් ලෙස KASSA Advertising ආයතනය හඳුනාගත හැකිය. මේ වන විටත් මෙම ආයතනය හරහා තම සමාජ මාධ්‍ය වෙළඳ ප්‍රචාරණයන් සිදු කරගන්නා දේශපාලන, ව්‍යාපාරික, සංගීත, නිරූපණ ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් සිටියි. සමාජ මාධ්‍ය තුළ වෙළඳ දැන්වීම් හරහා මතවාද නිර්මාණය කිරීමටත්, වේගයෙන් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමටත්, නිර්මාණාත්මකව වෙළඳ දැන්වීම් සකස් කිරීමටත් KASSA Advertising ආයතනය සතුව ප්‍රබල සේවයක් පවතියි.
KASSA Advertising ආයතනයේ ආරම්භක නිර්මාතෲ ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායක කල්හාර නෙරංජන් බන්ඩාර මහතාය. ඔහු අද්‍යතනය වන විට KASSA Advertising පුද්ගලික සමාගමේ නිර්මාතෲ මෙන්ම සභාපති ලෙස වගකිවයුතු කාර්යයන් රැසක් ඉටු කරනු ලබයි.
මෙම තරුණ ව්‍යවසායකයා සතුව උපායමාර්ගික දිශානතිය, විවිධ ඉදිරි දර්ශන සහ ධනාත්මක නායකත්වය ලබා දීමෙන් ආයතනික වර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් දැක්මක් මෙන්ම ඒ පිළිබඳව පුළුල් දැනුමක් ඇත. ඔහු විසින් එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්ව විද්‍යාලයෙන් ජාලකරණ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා තිබෙන අතර ක්ෂේත්රය තුළ ඔහු ශක්තිමත් ජාලකරණ වෘත්තිකයෙක් වශයෙන් කටයුතු කරයි. කල්හාර නෙරංජන් බන්ඩාර මහතා සතුව නිර්මාණාත්මක වීඩියෝ නිෂ්පාදන ආයතනයක්, වෙබ් නිර්මාණ සහ සත්කාරක සමාගමක් සහ සමාගම් කළමනාකරණ පද්ධති අලෙවි කරන සමාගමක් ඇතුළු පුළුල් පරාසයක පවතින තාක්ෂණික ව්‍යාපාර පවතින අතර ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ප්‍රචාරණය තුළ දැවැන්ත ව්‍යාපෘති පිටුපස ඔහුගේ දැනුම, මඟ පෙන්වීම ඇත.දේශපාලනික, ව්‍යාපාරික, සංගීතමය, නිරූපණ, අධ්‍යාපන ආදී ඕනෑම ක්ෂේත්රයක ආධුනිකයෙකුට වුවද ඔහුගේ හෝ ඇයගේ ඉලක්ක අරමුණු, සාක්ෂාත් කර ගැනීමට මෙන්ම උපරිම සේවයක් ලඟාකර දීමට තරම් පුළුල් සමාජ මාධ්‍ය ප්‍රචාරණ සේවයක්
KASSA Advertising ආයතනය සතුව පවතී.