Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මට කෙළින්ම නියෝග දුන්නේ HE
සර් මේ සිද්ධියෙන් ටිකක් ඈත් වෙලා ඉන්න 
ආයිත් ඔය යකා මට උඩින් යන්න ආවොත් මං මිනිහගේ ඔය ඇමැතිකම හෙට උදේ වෙන්න කලින් ගලවනවා

මේ දිනවල උණු කැවුම් සේ කතාබහට ලක්ව ඇති චන්දිමාල්ගේ උපන්දින සාදයේ ඇතුලාන්තය ලංකා ඊ නිවුස් වාර්තා කර තිබුනි. ඒ මෙසේය

මැයි 30 දා රාත්‍රී චන්දිමාල් නිරෝධායන නීති කඩා ෂැන්ග්‍රිලා හෝටලයේ බර්ත් ඩේ පාටියක් දැම්මේ ඊට දින දෙකකට පෙර එනම් මැයි 28 වෙනිදා ෂැන්ග්‍රිලා හෝටලයේ 11 වැනි මහලේ දී ම සරත් වීරසේකරද නිරෝධායන නීති කඩමින් සිය පුත්‍රයා වන පොලිස් රෝහලේ සේවයේ නියුතු වෛද්‍යල සහකාර පොලිස් අධිකාරී සචිත්‍ර අදීශ වීරසේකරයේ විවාහ ගිවිස ගැනීමේ සාදයක් ද පවත්වා තිබී ඇතිබව එම වෙඉ් අඩවිය වාර්තා කරයි. ඔහුගේ නවක ලේලිය ද නිළික බව වාර්තාවෙයි .

පියුමිට ආ සරත් වීරසේකරගේ දුරකතන ඇමතුම

ඒ කෙසේ වෙතත් පියුමි ඇතුළු 15 දෙනා නිරෝධායනය සඳහා පස්සර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යද්දී තමන්ට අඳින්නට ඇඳුමක් වත් ගන්න ඉඩ දුන්නේ නැතැයි පියුමි හඬා වැටෙද්දී අමාත්‍ය සරත් වීරසේකර සරත් සිය පුද්ගලික ලේකම් මධුරංග නමැත්තා මගින් පියුමිගේ දුරකථනයට ඇමතුමක් ලබාගෙන කලබල නොවන ලෙස පියුමි සරත් වීරසේකර දුරකථනය එම බස් රථයේ සිටි පොලිස් පරීක්ෂක වරයාට දෙන ලෙස කියා පොලිස් පරීක්ෂකට නියෝග දුන්නේ වහාම බස් රථය හරවාගෙන යළි කොළඹ එන ලෙසයිග ඊට පිළිතුරු දුන් පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ තමන්ට දැන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කතා කර පස්සර යන ලෙස උපදෙස් දුන් බවත් හැකිනම් දේශබන්ධු අමතන ලෙසත් ඔහු ඇමැතිවරයාට දැනුම් දී ඇති බව එම වෙඉ් අඩවිය සදහන් කරයි.

සර් ඈත් වෙලා ඉන්න...  මේක HEගෙ ඕඩර් එකක්...

ඒ අනුව දේශබන්ධු ඇමැතූ විට සරත් වීරසේකරට දේශබන්ධු කීවේ .සර් මේ සිද්ධියෙන් ටිකක් ඈත් වෙලා ඉන්නග මට කෙළින්ම නියෝග දුන්නේ HE (ජනාධිපති ගෝඨාභය), කියා ය. ඉන්පසු බස්රථය ලඟම තිබූ පොලිස් ස්ථානය වන තලංගම කොස්වත්ත පොලිස් ස්ථානයට ගෙන යන ලෙසත් නිරෝධායනයට ගෙන යන අයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් එතැනට ගෙනත් දෙන ලෙස දැනුම් දෙන ලෙසත් සරත් වීරසේකර පියුමිටත් අනෙක් අයටත් පැවසීයග එසේ කී සරත් වීරසේකට තමාගේ පුද්ගලික ලේකම්වරයා ද ඇඳුම් සැපයීමට පහසුකම් සැලැස්වීම සඳහා තලංගම කොස්වත්ත පොලිසියට යැවීය.

සරත් වීරසේකරගේ නීනි විරෝධී නියෝගය දේශබන්ධු ජනාධිපති ගෝඨාභයට දැනුම් දුන් විට ජනාධිපති කියා තිබුනේ "ආයිත් ඔය යකා මට උඩින් යන්න ආවොත් මං මිනිහගේ ඔය ඇමැතිකම හෙට උදේ වෙන්න කලින් ගලවනවා" කියා ය.

මේ අතර මේ සිද්ධිය සම්බන්දයෙන් තවත් කිහිප දෙනෙකු පොලිසියට බාර වී තිබූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දැන් නිරෝධායනයට යොමු කර තිබේ. ඒ අතර පෙර දා පස්සර නොගොස් කොළඹ හෝටලයකට වී සිටි චන්දිමාල් ද, ජැක්සන්ගේ දුව ද වෙති. සිද්ධිය මේ වන විට කොළඹ සීසීඩීයට බාර දී ඇති අතර ෂැන්ග්‍රිලා හෝටලයේ පිරිස් ද කැඳවා කට උත්තර ලබාගෙන තිබේ.

ඇමති සරත්ගේ පොලිස් නිවේදනය...

මෙම ලිපිය ලියද්දී සිද්ධිය ගැන පොලිස් නිවේදනයක් සරත් වීරසේකරගේ උපදෙස් මත පොලිසිය විසින් නිකුත් කර ඇත. එය ද මේ සමග පළවේ. ඉන් කියැවෙන්නේ සරත් වීරසේකට බස් රථය හරවාගෙන ඒමට උපදෙස් නොදුන් බවයි.

පියුමිගේ රෙදි අරං ඇමැති පුතා පස්සර යයි...

අවසාන වශයෙන් වාර්තා කළ යුතු අපූරු සිද්ධියකි. පියුමි හංසමාලිගේ ඇඳුම්ල මේක් අප් බඩු ආදී සියල්ල රැගත් තඩි බෑගයක් ද රැගෙන සරත් වීරසේකරගේ පුත් ඒඑස්පී සචිත්‍ර වීරසේකර සහ නව විවාපත් ලේලිය  පස්සර බලා ගොස් ඒවා පියුමිට බාර දී යළි කොළඹ පැමිණ ඇත. ඇය ඒ පිළිබඳ වෛද්‍ය ඒඑස්පී සචිත්‍රට සහ බිරිඳට (නම් නොමැතිව) ස්තූතිය පළකරමින් පෝස්ට්ටුවක් ද සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභයගේ තීරනය හමුවේ සරත් වීරසේකරගේ නීතිය නැමිල්ල සුනු විසුනු වී ගොස් ඇත.

දැන් ප්‍රශ්නය ඇත්තේ එය නොව චන්දිමාල් නිරෝධායන නීති කැඩීමට පෙළැඹවූල ඊට දින දෙකකට පෙර එම හෝටලයේම නිරෝධායන නීති කඩමින් විවාහ ගිවිස ගැනීමේ සාදයක් දැමූ සරත් වීරසේකරගේ පොලිස් ඒඑස්පී පුතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද යන්නයි.

ලංකා ඊ නිවුස් ඇසුරෙනි

 

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook