Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඉන්ධන මිල දී ගන්න තියා භාණ්ඩාගාරයේවත් සල්ලි නෑ

අදට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමටවත් ‘‘තෙල් සංස්ථාවට පමණක් නොව මහා භාණ්ඩාගාරයටවත් මුදල් නොමැති‘‘ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (ජූනි 15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු අවස්ථාවන්හිදී තෙල් මිලට ගෙන, සංචිත තබා ගැනීමෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි අවස්ථාවල වුව ද මෙරට ජනතාවට තෙල් අඩු මිලට ලබා දීම තෙල් මිල ගැටලුවට විසඳුමක් නොවේ දැයි මාධ්‍යවේදියෙක් එහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ ය.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තෙල් ගබඩා කර ගැනීමට තබා අදට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට පවා මුදල් නොමැති බවය.

එමෙන් ම, ලෝක වෙළෙඳපොළෙන් අද මිලදී ගන්නා තෙල් සඳහා මුදල් ගෙවීම සිදු කරන්නේ තවත් මාස 6කින් හෝ 9කින් බවත් ඊට හේතුව සිදුව ඇති මහා පරිමාණ පාඩුව බව ද අමාත්‍යවරයා පැවසීය.

තෙල් සංස්ථාවට මුදල් නොමැති අවස්ථාවක, තෙල් මිලට ගැනීම සඳහා මුදල්, මහා භාණ්ඩාගාරයෙන් ලබා ගත හැකි වුව ද ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ පවා මුදල් නොමැති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තෙල් මිලට ගැනීම සඳහා ඇති විශාලතම අර්බුදය ‘‘ඩොලර් නැතිකම‘‘ බවය.

අදාළ සංවාදය පහතින් දැක්වේ.

මාධ්‍යවේදියා: එතකොට ඇමතිතුමනි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වීමත් එක්ක තමයි ඔබතුමාලට තෙල් මිල වැඩි කරන්න සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමාලා කල්පනා කරන්නේ නැද්ද අපේ රටේ තෙල් සංචිත වැඩිපුර තියා ගත්තා නම් අඩු කාලේදී රැස් කරලා තිබුණොතින් වැඩි කාලේදී ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් වේවි කියලා?

උදය ගම්මන්පිල: හොඳ ප්‍රශ්නයක් ඇහුවේ.

ඇත්ත කතන්දරේ, අපිට ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් සල්ලි නැහැ.

තෙල් ගබඩා කරලා තියා ගන්න දෙකක් ඕනේ. එක ගබඩාව. දෙක සල්ලි. ගබඩා නම් කොහෙන් හරි හොයා ගන්න පුළුවන්. ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ටික ප්‍රතිසංස්කරණ කරලා හරි අපිට ගන්න පුළුවන්. අපි තෙල් ටැංකි 9ක් අලුතින් ඉදි කළා. මෙට්‍රික් ටොන් 87,000ක නව ටැංකි තියෙනවා.

ඉඩ නෙමෙයි ප්‍රශ්නේ. තෙල් ගන්න සල්ලි නෑ. අදටත් අපි ගන්නේ, අද ගන්න තෙල්වලට අපි සල්ලි ගෙවන්නේ එක්කෝ මාස 6කින් නැත්නම් මාස 9කින්. තෙල් ටික විකිණෙනවා දවස් 3කින් විතර. හැබැයි අපි කල් දාලා තියෙන්නේ අර එකතු වෙච්ච මහා කෝටි සංඛ්‍යාත පාඩුව නිසා අපිට අපේ තෙල්වලට ගෙවා ගන්න විදියක් නැහැ.

අපිට විතරක් නෙමෙයි. අපි කියමු තෙල් සංස්ථාවට නැත්නම් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ගත හැකි නේ. ලෝක වෙළෙඳපොළේ පල්ලෙහාට වැටිච්ච වෙලේ අරන් තියා ගන්න. හැබැයි භාණ්ඩාගාරයටත් සල්ලි නැහැ. ඉතින් කොහොම ද තෙල් ගබඩා කරලා තියාගන්නේ?

ඉතින් ටැංකි නෑ, එක. ටැංකි තිබුණත් ගන්න සල්ලි නෑ.

මාධ්‍යවේදියා: ඇමතිතුමනි ඒ වුණාට ජනතාව නම් කියන්නේ ජනතාව තෙල් ගන්නේ සල්ලිවලට කියලා?

උදය ගම්මන්පිල: ඒක තමයි මං පැහැදිලි කළේ. ජනතාව ගන්නේ සල්ලිවලට වුණාට ජනතාවට දෙන්නේ, ගත්ත මිලට වඩා ගොඩක් අඩුවෙන්නේ. දැන් පේනවනේ ගත්ත මිලෙන් කොටස් මාරු කළාමත් තියෙන විරෝධය. එතකොට ජනතාව කියනවා අපි නම් ණයට තෙල් ගහල නෑ කියලා. දන්නේ නැති වුණාට, ඒ අය ණයට නෙමෙයි ගහලා තියෙන්නේ, සහන මිලට.

හැබැයි එකක් කියනවා, මේ රටේ ජනතාව විදුලි බල මණ්ඩලයට වඩා හොඳයි. සහන මිලට දුන්න ම, අත්පිට මිලට ගන්නවා. විදුලි බල මණ්ඩලය සහන මිලට දුන්න ම, ඒක ගන්නෙත් ණයට.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook