Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මුරුත්තෙට්ටුවේ හිමියන් සහ අගමැති මහින්ද අතර උණුසුම් වචන හුවමාරුවක

ආගමික ක්ෂේත්‍රයේ පිළිගත් නායකයින් කිහිපදෙනෙකු සමගම ආරෝවක් ඇතිකර ගැනීමට රජය සමත්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ. නාරාහේන්පිට අභයාරාමයේ ප්‍රධානී තැන්පත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඒ අතර ප්‍රධානය.

උන්වහන්සේ 2019 ජනපතිවරණයේ දී ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවෙක් ලෙස කටයුතු කළහ. උන්වහන්සේගේ විහාරස්ථානයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකව පැවැති අතර, හදිසියේම කිසිදු හේතුවක් නොදන්වාම එය අවසන් කෙරිණ.
පැමිණ සිටි වෛද්‍ය කාර්යමණ්ඩලය ද එතැනින් නික්ම ගියේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවේ එම එන්නත්කරණ වැඩසටහන නැවැත්වීමට තමා උපදෙස් නුදුන් බවයි. ඒ බව ඇය ප්‍රසිද්ධියේම පැවසුවාය.

කෝපයට පත්වූ ආනන්ද හිමියෝ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා උණසුම් වචන හුවමාරුවක යෙදී තිබෙන බව දැනගන්නට තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එන්නත්කරණ වැඩසටහන නැවතත් ආරම්භව තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂය නියෝජනය කළ සමයේ අභයාරාමයේ වූ කාර්යාලයක් සිය දේශපාලන කටයුතු සදහා යොදාගත්තේය. මීට පෙර අවස්ථාවක, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තවත් ප්‍රබල ආධාරකරුවෙක් ලෙස කටයුතු කළ ඇල්ලේ ගුණවංස හිමියෝද රජයට එරෙහිව ප්‍රබලව නැගී සිටියෝය.

– lankadeepa

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook