Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


රටේ ප‍්‍රමුඛත්වය ලබා දීමට අවශ්‍ය කටයුතු රැසක් මේ මොහොතේ තිබියදී මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5 ක් අලූතින් ලබා දීමට මුදල් අමාත්‍යාංශය පොසොන් මාසය තුළදී කටයුතු කරන්න යන බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

රට නොයෙක් විපත්වලට මුහුණ දී සිටින අවස්ථාවක මුදල් අමාත්‍යාංශය මෙසේ ක‍්‍රියා කරන්නට යෑම කොතරම් සදාචාර සම්පන්න දැයි අගමැති මහින්ද රාපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කර සිටින බවත් පතිරණ මහතා පැවසීය.

මේ කුමන සදාචාරයක් දැයි ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර අලූතින් ලබා දීමද කළ යුත්තේ නැත්නම් රට මේ විපතින් ගලවා ගැනීමදැයි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කර සිටින බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

එහිදී තව දුරටත් අදස් දැක්වූ බුද්ධික පතිරණ මහතා මෙසේද කීවේය.

සුරාබදු ස්ටිකරයට අදාළ කටයුතු ලෝකයේ බ්ලැක්ලිස්ට් වුණු සමාගමකට දීලා තිබෙනවා. එය ව්‍යාජ සමාගමක්. ඒ වගේම තව මවත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5 ක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙනවා. වෙසක් සහ පොසොන් මාසවල ඒවාට අදාළ කටයුතු සිදු කිරීම ශෝචනීයයි. අපි මේවා ගැන කනගාටු වෙනවා. ආණ්ඩුවේ ප‍්‍රමුඛතාවය යෙදිය යුත්තේ අද මෙවැනි කටයුතුවලටද.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාම ප‍්‍රකාශ කර තිබෙනවා මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර ඉල්ලූම් කරමින් අයැදුම්පත‍්‍ර 5 ක් තමා වෙත ලැබී තිබෙන බව මේ කොරෝනා කාලයේ මීට වඩා දේවල් තිබියදී රුපියල් 5000 දීමනාවවත් හරියට බෙදා ගන්න බිරිව තිබියදී ඇයි මේ වගේ දේවල් කරන්නේ. පෙර පාසල් ගුරුවරුන් අසරණ වෙලා. උපකාරක පංතිවලට සම්බන්ධව කටයුතු කරන්නන්, ධීවරයන්, වඩු කාර්මිකයන්, මේසන් බාසුන්නැහේ මේ ආදී හැම ක්‍ෂේත‍්‍රයක්ම අද අඩපණ වෙලා. රූපවාහිනි ටෙලි නාට්‍ය, චිත‍්‍රපට නිෂ්පාදන කර්මාන්ත අකර්මණ්‍යයේ. කලාකරුවන් අසරණ වෙලා. මාධ්‍යවේදීන් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් රූපලාවන්‍ය ශිල්පීන් ඒ හැම ක්‍ෂේත‍්‍රයකම කටයුතු අඩාල වෙලා තිබෙනවා. ඔවුන්ගේ ආදයම් මාර්ග ඇනහිටලා තිබෙනවා.

වගා හානි, ගංවතුර හානි තිබෙනවා. එන්නත්කරණයේ ගැටලූ තිබෙනවා. සල්ලි හොයන්න කියලා මත්පැන් විකිණීමට අදාළ බලපත‍්‍ර සුපරි වෙළෙඳසල්වලට දීලා තිබෙනවා. ඒ වගේම මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර අලූතින් දෙන්න හදනවා. මේ මොන සදාචාරයක්ද, මේ බලපත‍්‍ර මේ වෙලාවේ දෙන්න ඕනෑ දෙයක්ද. පොසොන් මාසයේ මේවාට අදාළ අත්සන ලබා දෙයිද. ආණ්ඩුවේ දැනට ඉතිරි වෙලා තියෙන අවම සදාචාරයත් මේකෙන් නැතිවෙනවා නේද. මුදල් අමාත්‍යාංශය මේ කටයුත්තට ඉඩ ලබා දෙයිද?

– divaina

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook