දියණයක විසින් තම වියපත් පියාට ඉදලකින් සහ කුඩයකින් ඉතා අමානුෂික ලෙස පහර දෙමින් නිවසින් එළවා දමන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.
කැමති නම් පොලීසියට ගොස් පැමිණිලි කරන්නැයිද දියණිය තර්ජනය කරමින් පියාට දිගින් දිගටම පහර දෙයි.
පහර කෑම හේතුවෙන් එම පියාට තුවාල සිදුවී ලේ ගැලීම් ද සිදුවී තිබිණි.
තුවාල ලද පියා මේ වන විට රෝහල් ගත කර ඇති අතර දියණිය හා මිණිබිරිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.