Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට මුදල් සම්පාදනය කරන බවට චෝදනා එල්ල වී ඇති qatar charity නමි ආයතනයේ ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ 2018 වසරේ මාර්තු තුන්වනදා ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙහි සුවිශේෂීතම කරුණ නම් අදාල ශාඛාව එවකට නිවාස අමාත්‍යවරයාව සිටි දැනට ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් විවෘත වීමයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීමට උත්සාහ කරන විපක්ෂය දැන හෝ නොදැන ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ත්‍රස්තවාදය ගොඩනැගීම සඳහා උදව් කර ඇති ආකාරය අද අපි කතා කරන මේ මාතෘකාව හරහා ප්‍රත්‍යක්ෂ වේ.

2017 වසරේ සිට සවුදි අරාබියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ඊශ්‍රායලය තම රටවල් තුළ Qatar charity ක්‍රියාත්මකවීම තහනම් කර ඇත.

2020 වසරේ සැප්තැම්බර් 23 ඩේලිමිරර් පුවත්පතේ පළ කෙරෙනු පුවතක සඳහන් වන ආකාරයට දැනට අත්අඩංගුවේ සිටින නීතිඥ Hejaz Hezbollah වෙත ත්‍රස්තවාදී ක්‍රියා සඳහා Qatar charity ආයතනය මුදල් ලබා දී ඇත.

අධිකරණයට කරුණු වාර්තා කරමින් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව Qatar charity ආයතනය ත්‍රස්තවාදීන්ට මුදල් සම්පාදනය කරන ආයතනයක් ලෙස හඳුන්වා ඇත.

එවැනි සංවිධානයක ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කරන අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ මෙම ප්‍රකාශයෙන් යහපාලන රජය සමයේදී කෙතරම් නිදහසේ ඉස්ලාම් ත්‍රස්තවාදය දළුලා වැඩුණු ද සහ අමාත්‍යවරුන්ගේ අනුග්‍රහය ඒ සඳහා ලැබුණද යන්නට නිදසුන් සපයයි…

ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු කළ බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වූ එවක අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සමග A. H. M ෆවුසි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

කටාර් චැරිටි විසින් හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) ත්‍රස්ත කණ්ඩායම් සඳහා ඩොලර් මිලියන ගණනක් යොදවා ඇති බවට චෝදනා එල්ලවේ.

ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ තුල කටාර් චැරිටි, මස්රාෆ් අල් රයාන් බැංකුව සහ කටාර් ජාතික බැංකුව යන ආයතන තුන විත්තිකරුවන් කරමින් ත්‍රස්තවාදීන්ට මුදල් සම්පාදනය කිරීම සම්බන්ධ නඩු කිහිපයක් ගොනු කර ඇත.

ජාත්‍යන්තර වාර්තාවලට අනුව, කටාර් චැරිටි විසින් ලොව පුරා විවිධ රටවලින් එකතුකරගත් අරමුදල් කටාර්, දෝහා හි මස්රාෆ් අල් රයාන් බැංකුවේ පිහිටි සිය ගිණුමට මාරු කර ඇති අතර පසුව එම මුදල් නිව්යෝර්ක් හරහා පලස්තීනයේ කටාර් පුණ්‍යායතනවල ගිණුම් වෙත මාරු කර ඇත.

කටාර් චැරිටි හී පලස්තීන ප්‍රදේශවල ශාඛා එම අරමුදල් ලබාගෙන ඒවා හමාස් සහ පී.අයි.ජේ වෙත ලබා දී ඇති අතර, එම ත්‍රස්තවාදී සංවිධානවලට අනුබද්ධ පුණ්‍යායතන ද වේ.

හමාස් සහ පී.අයි.ජේ එම අරමුදල් ඊශ්‍රායලයේ හා පලස්තීන ප්‍රදේශවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් යෙදවීමට යොදා ගෙන ඇත.

2015 දී මාස හයක කාලයක් තුළ කටාර් චැරිටි විසින් මස්රාෆ් අල් රයාන් බැංකුව භාවිතා කරමින් ඩොලර් මිලියන 28 කට වැඩි මුදලක් දෝපලස්තීන කලාපයේ කටාර් චැරිටි ශාඛා දෙකකට යවා ඇතැයි කියනු ලැබේ.

මේ අතර කටාර් චැරිටි වෙත එල්ලවෙන තවත් චෝදනාවක් වන්නේ, චෙච්නියාවේ සහ මාලි හි ත්‍රස්ත සංවිධානවල මූල්‍යකරුවෙකු සහ ආයතනයක් ලෙස කටයුතු කර ඇති අතර සිරියාවේ අහ්ෆද් අල් රසුල් බළකායට අරමුදල් සැපයීමයි.

බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි කටාර් රාජ්‍ය පාලිත බැංකුවක් වන අල් රයාන් එක්සත් රාජධානියේ මුදල් විශුද්ධිකරණ පාලනයන් පිළිබඳව විමර්ශනය කරමින් සිටී.

කටාර් චැරිටි යොදා ගනිමින් හමාස් සහ පීඅයිජේ ත්‍රස්තවාදී සංවිධානවලට අරමුදල් ලබා දීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ පිහිටි මස්රාෆ් අල් රයාන් බැංකුවට විරුද්ධව මුදල් විශුද්ධිකරණ පාලනයන් පිළිබඳව විමර්ශනය කරමින් සිටී.

කටාර් රාජ්‍ය රැකවරණය සපයන ත්‍රස්තවාදීන්

කලීඩ් මේෂාල් – හමාස් හි හිටපු නායක
ඉස්මයිල් හනියා – හමාස් නායකයා
යූසුෆ් අල්-කරදාවි – මුස්ලිම් සහෝදරත්වයේ දෘෂ්ටිවාදියා
ෆාස්ල් මොහොමඩ් මැස්ලූම් – තලේබාන් සංවිධානයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
නුරුල්ලා නුරි – තලේබාන් හිටපු හමුදාපති
අබ්දුල්-හක් වාසික් – තලේබාන් සංවිධානයේ හිටපු බුද්ධි අංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot
colombotoday

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook