Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඔවුන්ට නිසි තැන, සම තැනයි
ඒ හිනාවටත් අරුතක් එක් කරමු

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන පරිදි සෑම වසරකම මාර්තු 21 වෙන් කර තිබෙන්නේ ලෝක Down Syndrome දිනය, නැතිනම් WDSD දිනය වෙනුවෙනුයි. මේ වසරේදීත් එය හරසරින් සමරන්නට ලෝකයම සැරසෙන පසුබිමක අපි විපරම් කර බලන්නට යන්නේ Down Syndromeසහිත දරුවෙකුගේ එදිනෙදා ජීවිතයට නිතරම බලපෑම් ඇතිකල හැකි කාණ්ඩ කිහිපයක් පිළිබඳවයි. විශේෂයෙන්ම මෙවන් දරුවෙකු සිටින පවුලකට මුහුණ දෙන්නට වෙන මානසික, සාමාජයීය ගටළු වගේම, ඒවාට හැකි අයුරකින් විසඳුම් ලබා දෙන්නටත් මේ ලිපිය මගින් අපි උත්සහ දරනවා. මිථ්‍යාවෙන් යථාර්තය වෙන් කරගෙන, අපේම සමාජයේ කොටසක් වෙන මේ අයට ලැබිය යුතු නිසි සැළකිල්ල ලබා දීම වගේම, ඔවුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් ගැන වෙනදාට වඩා ගෞරවාන්විතව බලන්නටත් මේ කරුණු හේතු වේ යැයි අපි උදක්ම බලාපොරොත්තු වෙනවා.

01. වැඩිම බර දරන්නේ දෙමාපියන්

උපන් දා සිට දරුවෙකු උස් මහත් කර ගන්නට දෙමාපියන් දරන දුක් ගැහැට ගැන ඔබටත් මටත් අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙනම් විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු හදා වඩා ගන්නා මවක්, පියෙක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහමෙරක් තරම් බර උහුලන කෙනෙක්. මේ දරුවන්ගේ විශේෂ අවශ්‍යතා හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම්, උපදේශන සේවා ලබාගැනීමට AYATI Centre* වැනි මධ්‍යස්ථාන කරා රැගෙන යාම, එදිනෙදා ක්‍රියාකාරකම් වලට දරුවා නිසි පරිදි යොමු කිරීම වැනි වගකීම් රාශියක් ඔවුන් සතුයි. මේ සියල්ල අතරේ අනෙක් දරුවන්ට සම සැලකිල්ලක් දක්වන්නටත් ඔවුන් අමතක නොකල යුතුයි. පවුලේ අය අතර හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීමත්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් නිවාස අඩස්සියේ නොතබා ඔවුන්ට ස්වාධීනව වැඩ කරගන්නට පුහුණුවක් ලබාදීමත්, සමාජයේ ගැවසෙන්නට, මිතුරන් ඇසුරු කරන්නට හුරු කිරීමත් තුලින් දෙමාපියන් ලෙස මේ විශේෂිත දරුවන්ට දීප්තිමත්, සුරක්ෂිත අනාගතයක් තහවුරු කරන්නට පුළුවන්.

02. සහෝදර සහෝදරියන්ට අනඟි අවස්ථාවක්

පර්යේෂණ වලින් තහවුරු කර ඇති ආකාරයට Down Syndrome සහිත සහෝදර සහෝදරියන් සිටින සාමාන්‍ය දරුවන්, ඔවුන්ගේ සමකාලීනයන්ට වඩා බුද්ධියෙන් පරිණතයි. තේරුම් ගැනීම, ත්‍යාගශීලී බව, වගකීම් දැරීමේ හැකියාව අතින් ඔවුන් ඉදිරියෙන් සිටින්නේ කුඩා කල සිටම තම සහෝදරයා/සහෝදරිය බලා කියා ගැනීමට ඔවුන් නිතැතින්ම හුරු වන නිසයි. ජීවිතය පරිපූර්ණ නොවන බවත්, දුර්වලතා නිසා කිසිදින පසුබට නොවියයුතු බවත් ඔවුන් ඉගෙනගන්නේ වැලිකෙළියේ පටන් ලබන අත්දැකීම් වලින්. එබැවින් වැඩිහිටියන් බවට පත්වූ පසුවත් ඔවුන් සමානාත්මතාවය අගයන, ගුණගරුක පුද්ගලයින් බවට පත්වන්නේ සමාජයටම ආදර්ශයක් වෙමින්. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින සහෝදර සහෝදරියන්ට, ජීවිතය ගැන ඉගෙනගන්නට අන් දරුවන්ට වඩා අගනා අවස්ථාවක් හිමිවන බව කියන්නේ අන්න ඒ නිසයි.

03. කාරුණික අසල්වැසියන් ඔවුන් ලබන සම්පතක්

පවුලක් වගේම මේ සුවිශේෂී දරුවන්ට බලපෑමක් ඇති කළහැකි තවත් කාණ්ඩයක් තමයි අසල්වැසියන්. විශේෂඥයන් පවසන ආකාරයට 'සහභාගීත්වය' යන කාරණය ඔවුන්ගේ යහපැවත්මට ඉතා වැදගත්. නිවස තුල රැඳෙන දරුවන්ට වඩා, සමාජයේ ගැවසෙන, සාමාන්‍ය දරුවන් සමඟ ක්‍රීඩා කරන, පාසල් කටයුතු හැකි අයුරින් සිදු කරන, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉහල ස්වාධීනත්වයක් දරන බවයි ඔවුන්ගේ මතය. මේ හැකියාවන් වර්ධනය කිරීමට අසල්වැසියන් හට කළ හැකි දෑ බොහෝමයි. මෙවන් දරුවන්ගේ කුසලතා අගය කිරීම, සාමාන්‍ය පුරවැසියන් ලෙස සමාජයේ සම තැනක් ඔවුන්ටත් ලබාදීම, ඔවුන්ට නිසි ආරක්ෂාවක් සැලසීම ආදී මෙකී නොකී බොහෝ දෑ ඔබටත් මටත් සිදු කරන්නට අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණයි.

04. නිමාව තීරණය කරන්නේ ඔබයි

ඔබ දන්නවාද? මෙවර ලෝක දින තේමාව වන්නේ - "තීරණය අප සතුයි" යන්නයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රතිපත්ති වලට අනුකූලව 'අර්ථවත් සහභාගීත්වය' තුලින් සම අයිතීන් තහවුරු කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණක්. ඇස හොඳින් පෙනෙන, ප්‍රබුද්ධ අදහස් පවසන්නට තරම් පරිණත අපෙන් ඔවුන් අවිහිංසකව ඉල්ලන්නේ වෙන කිසිවක් නොවේ, ඔවුන්ට උරුම සම තැනයි.

හිතන්න. ඔබේ හදවතේ ඔවුනට හිමි සම තැනද?

තීරණය ඔබ සතුයි.


*විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හට AYATI Centre මඟින් ලබාදෙන සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකථන අංක 011 596 0050 ඇමතීමෙන් ඔබට ලබාගත හැකියි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook