Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අංකල් කිව්ව කෙනා පෙම්වතා බව දැන සිට නෑ
මගේ ආදරය වෛරයකට පෙරළුනා
මට සමාවෙන්න 
SI බිරිඳට ලියු ලිපියෙන් කියයි

කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත.මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත.

කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි දිලිනි නමැති තරුණිය මේ ආකාර ඉරණමකට ගොදුරුවූ බව ඇගේ වයෝවෘද්ධ මව තවම දන්නේ නැත. ඇය සිදුවීමට දින 4 කට පෙර සිරිපා වන්දනාවේ යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් තිබූ අතර සිය දේශපාලක සහෝදරයාටද ඇමතුමක් ලබාදෙමින් තවමත් සිරිපාදයේ යන බවත් මේ වනවිට සිටින්නේ එරත්නේ බවත් දන්වා තිබුණි. ඇඟලුම් කම්හලක හා කොමියුනිකේෂන් එකක වැඩකරමින් සිටි දිලිනි රැකියා වලින් ඉවත්වන්නේද මව නිසාය.
එජාපයේ තරුණ සේනාංක හා එක්ව ස්වෙච්ඡා කටයුතුවල නිරතවන ඇය තාප්පවල සිතුවම් ඇඳිමට කැමැත්තක් දැක්වූ බවත් සිරිපාදයේ ගොස් අනන්‍යන්ට උදව් කරන්නට මින් ඉහතත් එසේ ගමන් ගොස් තිබූ බවත් කියැවිණි.

නිවසේ ඇය ගත කළේ ඥාති කාන්තාවක, සහෝදරයා හා මව සමගය. ඥාතිකාන්තාව අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.

“අම්මා විතරයි ඉන්නේ තාත්තා නෑ. මරණය ආරංචි වුණේ ටීවි එකෙන්. පස්සේ පොලීසියෙන් ඇවිල්ලා තිබුණා ගෙදරට. අයියයි එයයි විතරයි ඉන්නේ. ඊට පස්සේ පුතා කොළඹ ගියා. අඳුර ගන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ හිස නෑලු. අපිට එහෙම වෙයි කියලා අපි හිතුවේ නෑ. අම්මා ලෙඩ ගානේ ඉන්නේ. අම්මට කල්පනාවක් එහෙම නෑ. සිරිපාදේ ගිහින් එනකල් අම්මා බලාගෙන ඉන්නේ. අම්මට අපි තාම කිව්වේ නෑ. මම තමයි පොඩි කාලේ ඉදලම දරුවන් දෙන්නාව හදාගත්තේ. තාත්තා නැතිවෙලා අවුරුදු 20ක් වෙනවා. “

ඇගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකි. තරුණ සේනාංක හා එක්ව ස්වෙච්ඡා කටයුතුවල නිරතවන්නට දිලිනිට අයියාගේ පිටුබලයද ලැබී තිබේ.

ඝාතනය සිදුකළ පොලිස් පරීක්ෂකවරයා යහපාලන ආණ්ඩු සමයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රධාන මන්ත්‍රී ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයායි.

ඒ කාලයේදී දේශපාලන කටයුතු සඳහා ඉහත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවසේ අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රැස්වීම් ආදිය සංවිධාන කර ඇති අතර ඝාතනයට ලක්වූ තරුණිය එකල එම නිවසේ නැවතී සිට තිබේ.

එහිදී පාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නැගණියට මෙම පොලිස් පරීක්ෂකවරයා නිතර හමු වී ඇති බවත් ඇය විසින් ඔහු ‘අංකල්’ යනුවෙන් අමතා තිබෙන බවත් වාර්තාවේ.

ඝාතනය සිදුවීමෙන් පසු මුලින් වාර්තාවූයේ මේ දෙන්නා අතර සම්බන්ධය ගැන නිවසේ සිටි සොයුරා දැන සිටි බව හා විවාහකයෙකු බව දැන නොසිටි බව පමණි. ඇය හා පොලිස් පරීක්ෂකයෙකු අතර පෙම් සබඳතාවක් ඇති බව දැන සිටියත් ඝාතක පොලිස් නිලධාරියා පෙම්වතා ලෙස සිටි බව දැන සිට නැත.

පොලිස් පරීක්ෂකවරයා විවාහකයෙකු බවත් දරුවන් සිටින අයකු බවත් දැන සිටි නිසා මේ දෙන්නාගේ හිතවත්කම පෙම් සබඳතාවක් විය හැකි යයි සොයුරා කල්පණා කර තිබී නැත.

ඝාතනයට ලක්වූ තරුණියගේ පියා මියගොස් ඇති අතර මව රෝගීව එක්තැන්ව කාලය ගත කරන්නීය.

තරුණිය ඝාතනය වීමට දින කිහිපයකට පෙර පොලිස් පරීක්ෂකවරයාගේ සොහොයුරිය යැයි කියන කාන්තාවක් විසින් තරුණියගේ සොයුරාට මෙම සබඳතාව නැවැත්වීමට කටයුතු කරන ලෙසට බැණ තර්ජනය කර තිබෙන බවද පොලිස් විමර්ශනයේ දී හෙළි වී තිබේ.

මේ අතර මෙම ඝාතනය සිදුකළ බුත්තල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ සියදිවි හානිකර ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඇමති ආරක්ෂක සේවයට අනියුක්තව වසර 15 ක කාලයක් සේවය කර තිබෙනවා. සැකකරු කලක් සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුරුව සැකකරු බුත්තල පොලිස් ස්ථානයට අනියුක්තව මාරුකර යවා ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි. 52 හැවිරිදි සැකකාර උප පොලිස් පරික්ෂකවරයා තිදරු පියෙක්.

ඔහුට අවුරුදු 24 හා 16 යන වයස් කාණ්ඩවල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු හා 20 හැවිරිදි දියණියක් ද වන බවයි වාර්තා වන්නේ.

මෙම පොලිස් නිලධාරියා සිය මවගේ දානමය පින්කම සඳහා නිවාඩු අවශ්‍ය බව පවසා දින 06 ක නිවාඩු ලබාගෙන සේවා ස්ථානයෙන් පිටව ගොස් ඇති බවට හෙළිවී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා විසින් සිය බිරිඳට ලිපියක් ද ලියා ඇති බවත් එහිදී ඔහු මෙම ඝාතනයට ලක්වූ කාන්තාව සමග අනියම් ඇසුරක් පැවැත්වූ බවට කරුණු සනාථ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන ඇත. එම හෝටලයේ සිටියදී කාන්තාව සමග තුන් වතාවක් පිටතට ගොස් ඇති අතර එම හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ පෙරේදා (01දා) උදෑසන 10.00ට පමණය. එලෙස පිටව යෑමට පෙර මෙම කත ඝාතනය කර ඇතැයි අනාවරණය වේ. හෝටලයේ බිල රුපියල් 4100ක් ගෙවා සැකකරු පිටව ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. ඒ හංවැල්ල නගරයටය. කාන්තාව ඝාතනය කළ පසු බහාලූ බෑගයද එම ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් ඇත. නවතැන්පොළේදී ඝාතනය සිදුකළ පසු සැකකරු හෝටල් කාමරය සම්පූර්ණයෙන් පිරිසුදු කර ඇතැයි හෙළිවන බවත්, බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය.

මරා දමා පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බව අනුමාන කෙරේ. අධික රුධිර වහනයක් නොවී ඇත්තේ ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා විය හැකි බව විමර්ශන කණ්ඩායම් කියයි. කාන්තාවගේ හිස මෙතෙක් හමුවී නැත. මෘත දේහය බහාලූ බෑගය වේල්ලවීදියෙන් හමුවූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සැකකරු යැයි විශ්වාස කළ හැකි අයකු හෝටල් හිමිකාරිනියට දුරකථන ඇමතුමක් ලබාදී තමාගේ තොරතුරු පිටතට ලබාදුනහොත් මරා දමන බවට තර්ජනය කර ඇත.

ඝාතනයෙන් පසු හංවැල්ල්ලට පැමිණි සැකකරු බස්නැවතුමෙන් හංවැල්ල -කොළඹ බස්රථයකට ගොඩවී ඇතැයි කළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත. ඝාතනයට ලක්වූ කාන්තාවගේ යැයි සැක කරන යට ඇඳුම් සහිත ගමන් බෑගයක් හංවැල්ල නගරයේදී තිබී හමුවී ඇත.

මෙම ඝාතනය වූ කාන්තාව නිවසින් පිටවී ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා යැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට පොලිසිය ගිය මොහොතේ කැලෑවට පනින්නට පෙර බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද තබා ගොස් ඇත. ‘‘මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයාගන්න පුළුවන්තැනක සූසයිඩ් කරගන්නවා’’ එමෙන්ම තමාගේ බැංකු ගිණුම් විස්තර ද ඔහු එම ලිපියේ සටහන් කොට තිබු බවයි වාර්තා වන්නේ.






Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook