Adsense Banner

Latest Gossip News


සැරියුත් මුගලන් මහරහතන්වහන්සේලා අගසව් තනතුරු ලැබූ පිංබර නවම් පුර පසලොස්වක පොහෝ දිනයේ වැදගත් කම | Importance of the Navam full moon poya day

සැරියුත් මුගලන් මහරහතන්වහන්සේලා අගසව් තනතුරු ලැබූ පිංබර නවම් පුර පසලොස්වක පොහෝ දිනයේ වැදගත් කම | Importance of the Navam full moon poya day
විදුලි කප්පාදු කාල සටහනක් එයි | Power Cut
උපන් දින දෙකේ මිනිසා. මිනිසෙකු එකම වසරක දෙවරක් උපත ලබා ඇතැයි ඔබ පිලිගන්නේ ද?
මන්ත්‍රී වැටුප් අහෝසි කරන්න රවිගෙන් මැති සබයට යෝජනාවක්
තානාපති සේවයට දේශපාලන පත්කිරීම්..- විදේශ සේවාවෙන් දැඩි විරෝධය
ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න
United Petroleum ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි..
නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න? | vice marshal sampath wickramaratne
හොඳ තැනකට යන්න නම් කට්ටක් කන්නම ඕනා - කැපිලි කෙටිලි එන තරමට අපේ වෘත්තිය රසවත් වෙනවා | Dhanushka Dilinuwan
අද අසිරිමත් දුරුතු පොහොය දිනයයි - දුරුතු පොහොයේ වැදගත්කම | Importance of the Duruthu Full Moon Poya Day

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Feb 03


කොළඹ වරායේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ඓතිහාසික තීන්දුවක් බවත් එය හෑල්ලුවට ලක් කරන්නේ එදා ‘යහපාලන ආණ්ඩුව’ හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන විට ‘බකන් නිලාගෙන’ සිටි පිරිසක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව දිගු කලක් තිස්සේ ඇදෙමින් තිබූ ගැටළු සහගත සංවාදය (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ ඉතාමත් යහපත් තීන්දුවකින් අවසන් කෙරුණා. විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාව අනුව, කොළඹ වරායේ ඉතාමත් වැදගත් පර්යන්තය වූ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යාම 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. උපායමාර්ගික වශයෙන් වැදගත්, වැඩි ගැඹුරක් සහිත පර්යන්තය නැගෙනහිර පර්යන්තයයි. ඒ වගේම තව වසර කිහිපයකින් ඊට යාබදව ඇති ජෝන් කීල්ස් සමාගම සතු SAGT පර්යන්තය ද වරාය අධිකාරිය සතුවන විට එම පර්යන්ත දෙකම පාවිච්චි කරලා ප්‍රතිඅපනයනය එසැනින්ම කිරීමේ හැකියාව ලැබෙන්නේ ද නැගෙනහිර පර්යන්තය හිමි වන පාර්ශ්වයටයි.

‘ජානිපෙ ස්ථාවරය’

පක්ෂයක් ලෙස මුල සිටම අපගේ ස්ථාවරය වුණේ ‘සෞභාගයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් ආකාරයට කොළඹ වරාය සංවර්ධනය කළ යුතු බවයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 58 වැනි පිටුවෙහි ඒ බව මෙසේ සඳහන්ව තිබෙනවා. ‘කොළඹ වරායේ ප්‍රතිඅපනයන බහාලුම් පර්යන්ත ප්‍රමාණය ඉහළ නංවන අතර ජාත්‍යන්තර මගී පර්යන්තයක් අලුතින් ආරම්භ කෙරේ. දැනට මෙහෙයුම් නොකරන නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් නොපමාව ආරම්භ කර එහි ඉතිරි කොටස ද නොපමාව ඉදි කරනු ඇත. බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු පෞද්ගලික ආයෝජකයන් ද යොදා ගනිමින් ආරම්භ කරනු ලැබේ. නැඟෙනහිර පර්යන්තය සහ SAGT අතර කොටසෙහි නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා ඇති ශක්‍යතාව අධ්‍යයනය කෙරේ.’ ඒ ප්‍රතිපත්තිය අනුව යමින් තමයි ඊයේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ. නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සහ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම යන කටයුතු දෙකටම අදාළ කැබිනට් පත්‍රිකාව සැකසී ඇත්තේ 69 ලක්‍ෂයක ජනවරමක් ලැබුණු ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බව අවධාරණය කළ යුතුයි.

‘තක්කඩිකම’

දැන් ඇතැමුන් බබ්බු වගේ, දැන දැනම නැඟෙනහිර පර්යන්තය සහ අනෙකුත් පර්යන්ත එක සමාන බව හඟවන්න හදනවා. ඒක තක්කඩිකමක්. ඒ නිසා ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා අමාත්‍ය මණ්ඩලය මෙම තීන්දුව ඉතාමත් නිවැරදිව ගැනීම පිළිබඳව අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස අපගේ ගෞරවය හා ප්‍රණාමය පුදකර සිටිනවා. එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණන විට සටන් කිරීමට ඒ ආණ්ඩුව ඇතුළේ කිසිවකු සිටියේ නැහැ. එළියේ සිටින ජනතාවගේ වේදනාව අහන්න එදා ඒ ආණ්ඩුවේ කිසිවකු සිටියේ නැහැ. එළියේ නඟපු ජනතා හඩට එදා නායකත්වය දුන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ හිටි අප පමණයි. ‘රතු කමිසධාරීන්‘ එදා රනිල් වික්‍රමසිංහගේ ‘ඔඩොක්කු කුක්කෝ‘ වෙලා හීන් කෙඳිරියක් පමණක් නඟලා, හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන තෙක් බලා සිටියා.

නමුත් නැඟෙනහිර පර්යන්තය සුරැකීමේ සටන ඇතුළේ ‘පොහොට්ටුවේ ’වෘත්තීය සමිතිය, ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂවල වෘත්තීය සමිති ඉදිරියෙන්ම හිටියා. ඒ වගේම ආණ්ඩුව ගොඩනැගීමට කැප වූ ජාතික බලවේග මේ සටනේදී පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළා. ඒ වගේම අපත් ආණ්ඩුව ඇතුළේ සිටිමින් ‘නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පූර්ණ වශයෙන් වරාය අධිකාරිය මගින් සිදුකළ යුතුයි’ කියන ස්ථාවරය ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් මේ සෑම කරුණක්ම ඉතාමත් මැනවින් අධ්‍යයනය කරලා, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති උපායමාර්ගික වැදගත්කම නිවැරදිව තක්සේරු කරලා, ඒ වගේම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව අද ගෙන ඇත්තේ ඓතිහාසික තීන්දුවක්.

‘තීරණාත්මක කැබිනට් පත්‍රිකාව’

මුල් අවස්ථාවේදී නැගෙනහිර පර්යන්තය පිළිබඳව මාධ්‍යවේදී ඔබ අපෙන් විමසන විට අපි සැමවිටම කිව්වේ ‘තීරණාත්මක කැබිනට් පත්‍රිකාවක් මගින් අවසන් තීන්දුව ඒවි. එතෙක් ඉවසන්න’ කියලයි. ඒ තීරණාත්මක කැබිනට් පත්‍රිකාව තමයි ඊයේ රැගෙන එනු ලැබුවේ. එමගින් තමයි අවසන් තීන්දුව ගනු ලැබුවේ. අපට විශ්වාසයක් තියෙනවා, ‘ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්, මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යතුමන් නායකත්වය දෙන ආණ්ඩුවක් රටට අහිතකර තීන්දු ගැනීමට තල්ලු වෙන්නේ නැහැ’ කියා.

‘සටන් සඟයන්ට අපගේ ප්‍රණාමය’

නැඟෙනහිර පර්යන්තයෙහි උපායමාර්ගික වැදගත්කම වටහාගෙන එය වරාය අධිකාරිය යටතේ පූර්ණ වශයෙන් තබාගෙන සංවර්ධනය කළ යුතුයි, කියන ස්ථාවරයේ සිටිමින් සටන් වැදුණු අපේ ආණ්ඩුව බලයට රැගෙන ඒමට කැපවුණු මහා සංඝරත්නයට ද වෘත්තීය සමිති ඇතුළු සියලු ජාතික බලවේගවලට ද අපගේ කෘතවේදීත්වය, ගෞරවය මේ අවස්ථාවේ පුදකර සිටිනවා. එදා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බලයට රැගෙන ඒමට කැපවුණු ‘හිවල් සමාජ ප්‍රබුද්ධ මහත්වරු’ ඒ ‘යහපාලන ආණ්ඩුව’ ජාතික සම්පත් විකුණන විට කටක් ඇරියාද? එදා දඹර අමිල වැනි හාමුදුරුවරු, සරත් විජෙසූරිය වැනි ආචාර්යවරුන් රටට අහිතකර තීන්දු ගන්නා විට කටක් ඇරියාද?

‘මෙන්න වෙනස’

මෙන්න මෙතැන තමයි වෙනස තිබෙන්නේ. අපේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවුණු බලවේගයම තමයි ආණ්ඩුව නිසි මඟ රැගෙන යාම සඳහා පුරෝගාමී වන්නේ. ඒක ආණ්ඩුවේ යහපත වෙනුවෙන් සිදුවන දෙයක්. ආණ්ඩුවේ ඇස් වහලා වැරදි පාරේ ගෙන යාම තමයි ආණ්ඩුවට කරන අයහපත. රටට, ආණ්ඩුවට කරන යහපත වන්නේ මහජනයාට සංවේදී ආකාරයට ආණ්ඩුව පවත්වා ගෙන යාමට සහාය වීම. එම ස්ථාවරයේ ඉඳගෙන තමයි අපි මේ ප්‍රශ්නයේදීත් කටයුතු කළේ. අපි හිතනවා මේක වැදගත් ජයග්‍රහණයක් කියලා. එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණන වෙලාවේ ‘බකන් නිලාගෙන’ හිටපු සමහර උදවිය අද මේ ජයග්‍රහණය හෑල්ලු කරන්න හදනවා. ඒ අයගේ දේශපාලන පරාජිකත්වය ගැන අපි පුදුම වන්නේ නැහැ. මේක ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු ආණ්ඩුවේ සහ මුළුමහත් ජනතාවගේ ජයග්‍රහණයක් බව යළිත් අවධාරණය කරනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..
අත පාටියේ ලොකු පුටුවක් හිස්වෙන ලක්ණු - පුටුවට පෝලිමක් ඉව අල්ලයි

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook