Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කෝටිපති මැණික් ව්‍යපාරිකයා සමග විවහාවුණු සුරූපී නිලි නයනතාරා ගෙවන සැප ජීවිතේ

නිරූපණ ශිල්පිනියක් වගේම නවක රංගන ශිල්පිනියක් තමයි සෙව්වන්දි නයනතාරා කියලා කියන්නේ.ඇය අහම්බෙන් රංගනයට එන ආදරණීය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙන්නේ තෝඩු කියන ටෙලි නිර්මාණයෙන්. වැඩි හදිස්සියක් නැතිව රංගනයෙන් දුර ගමනක් යන්න උත්සහ කරන ඇය බොහෝ දෙනාගේ ආදරය දිනපු රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඇයගේ අතගත් සහකරුවා වන්නේ ප්‍රණීත් චතුරංගයි.ඔහු මැනික් ව්‍යපාරිකයෙක්. රංගනය සේම විවාහයත් එක්ක නැවුම් වු ජීවිතේ සරු තැන් බෙදා හදා ගන්න අප ඇයත් සමඟ කතා කලා. ඉතින් මම නම් හොදින් සතුටින් ජීවත් වෙනවා.
නාඩි කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිමා උනා. ඒ ලැබුණු විවේකයත් එක්ක සැමියාගේ ගමට ආවා. ඉතින් මේ දවස් වල දෙන්නත් එක්ක එහේ මෙහෙ ඇවිදිමින් නිදහසේ කාලය ගත කරනවා. නාඩි ටෙලිනාට්‍ය නිසා ලැබෙන ප්‍රතිචාරනම් ගොඩක්ම හොඳයි. නාඩි කියලා කියන්නේ මම සම්බන්ධ උන දෙවෙනි ටෙලිනාට්‍යය. ඉතින් පළමු රගපෑමට වඩා දෙයක් කරන්න මට තේරෙනවා. ගොඩක් අය මට කිවුවා මම මේ චරිතය හොඳට කලා කියලා. ඒ නිසාමද කොහෙද ලවන්‍යාගේ චරිතයට සාදාරණයක් කලා කියලා හිතෙනවා. ඇත්ත ජීවිතේ මම ලවන්‍යා වගේ තමයි. ඇය ප්‍රශ්න වලට බයක් නැතුව මුහුණ දුන්නත් මම නම් ප්‍රශ්න වලදී ඉක්මනින් වැටෙනවා. ඉතින් ඒ අසමානකම ඇරෙන්න ලවන්‍යාගෙයි මගෙයි ජීවිත එක හා සමානයි.

දැන්නම් ඉතින් වැටෙන තැන් වලින් නැගිට්ටවන්න මගේ ජීවිතේ කෙනෙක් ඉන්නවා. ඇත්තම කිවුවොත් ඔහු තමා මගේ ශක්තිය. විවාහ උනාට පස්සේ සමරපු පළමු උපන්දිනය දවසේ රෑ 12ට මගේ සැමියා පවුලේ අයත් එක්ක කේක්, තෑගි බෝග අරගෙන ඇවිල්ල මාව පුදුම කලා. ඉතින් මට ගොඩක් සතුටු හිතුන දවසක් තමයි එදා. ඇත්තම කිවුවොත් නිර්මාණ වලට ආරාධනා වලින්නම් අඩුවක් නැහැ. හැබැයි ඉතින් එක සැරේ එක වැඩක් කලාම කාලය කළමණාකරණය කර ගන්න එක පහසුයි. නාට්‍යයක රූගත කිරීම් වලදී උනත් මාසයක් ඒ වෙනුවෙන් වැය කරන්න මම කැමති නැහැ. දැන් මට පවුල් ජීවිතයක් තියනවා. ඔහු ගැන මන් බලන්න ඕනේ. ඇත්තටම මම රඟපානවට මුලින්ම මගේ සැමියා ප්‍රනීත් කැමති උනේ නැහැ. නමුත් අපි කරගෙන අපි දෙන්නා තුන්දෙනා වෙන හීනයත් හැබෑ කරගෙන ජීවිතයේ සතුටින් ඉන්න තමයි මගේ හීනය කියලයි ඇය අවසානයේ පැවසුවේ. ඉතින් මේ ආදරණීය පුංචි පවුලේ ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්න පුළුවන්.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook