Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කල මෙගා වොට් 300 එල්. එන්.ජී විදුලි ගිවිසුම ඉතාම ඉක්මනින් රටට හෙලිකරන්න.

එල්. එන්. ජී විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගියදා සිය අවසරය ලබා දෙන ලදී. මෙම බලාගාරයෙන් විදුලිය අලෙවි කරන්නේ රුපියල් 14.75 කට බව ප්‍රකාශ කර තිබුණ ද එය සැක සහිතය. මන්ද බලගාරය සදහා එල්. එන්. ජී. සැපයීම ආරම්භ කරන තුරු විදුලිය ජනනය කරන්නේ ඩීසල් භාවිතා කරමින් බැවිනි. දැනට ඩීසල් භාවිත කරන විදුලි බලාගාර වලින් ලංවිම විදුලිය මිලදී ගන්නේ රුපියල් 23.00 සිට 65.00 දක්වා වු ඉහල මිල ගණන් වලටය. මෙම බාලාගාරයද එල්. එන්. ජී. බෝඩ්ලෑල්ලට මුවා වී ඩීසල් මිලට විදුලිය අලෙවිකිරීමේ සුදානමක් ඇතැයි සැක මතු වේ .මන්ද බලාගාරය ආරම්භයේදී ඩීසල් වලින් විදුලිය ජනනය කරන බවට අප වෙත තොරතුරු ලැබී තිබේ. ඩීසල් වලින් විදුලිය ජනනය කලද ලංකා විදුලි බල මණ්ඩලය ගෙවිය යුත්තේ ටෙන්ඩරයේ දී ඉදිරිපත් කල රුපියල් 14.85ක මිලටය. ඒ බව සහතික කිරීමේ වගකීමෙන් මිදෙන්න ශ්‍රී ලංකාමහජන උපයෝගිතා සභාවට නොහැක. මන්ද මෙම විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අනුමත කර ඇත්තේ එම කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුවවීම නිසාය. එසේ නම් බලාගාරය ජනනය ආරම්භ කිරීමෙන් පසුව වසර 20 පුරාම ඒකකය රුපියල් 14.95ට ලංවිම විසින් මිලදී ගත යුතුය. ඊට වැඩි මිල ගණන් ගෙවන්නේ නම් එය මේ විදුලි ගිවිසුම උල්ලංඝණය කිරීමකි . එවැනි තත්වයක් උද්ගත වුවහොත් ඊට එරෙහිව නීති මගින් කටයුතු කීරීමට අප පසුබට නොවේ.
මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමට අප පියවර ගන්නා අතර මෙම බලාගාරයේ ටෙන්ඩරය පිරිනමා ඇත්තේ ලක්දනවි සමාගමටයි. ලක්දනවි සමාගමටද කොටස් අයිතිය ඇති යුගදනවි බලාගාරය සමග මීට පෙර එළඹි ගිවිසුම යටතේ ලංවිම විසින් විදුලිය මිලදී ගැනීමේ දී ගෙවන මිල ගණන් ඉහල ගොස් ඇති අතර ඒ මිල සමාලෝචනය සදහා ද මෙතෙක් පියවර ගෙන නොමැත. මෙම එල්. එන්. ජී. බලාගාර ගිවිසුම ද එවැනි උගුලක් නොවිය යුතුය. එල්. එන්. ජී. මුවාවෙන් ඩීසල් බලාගාරයක් ලෙස ක්‍රියාත්මක වේ නම් ඉන් රටට වාසියක් අත්වන්නේ නැත. විදුලිබල කර්මාන්තය ඩීසල් මාෆියාවේ උගුලට හසු වී ඇති මෙම අවස්ථාවේ මිලදී ගන්නා විදුලියෙන් 35%කප්‍රමාණයක් ඩීසල් හා දැවිතෙල් මත පදනම් වු බලාගාරවලින් මිලදී ගනී. මේ බලාගාරවලින් මිලදී ගැනීමේ දී විදුලිය ඒකකයකට රුපියල් 26.00 සිට 65.00 දක්වා වු මිල ගණනක් ගෙවනු ලබයි.

මෙම විදුලි ගිවිසුම් වලින් වැඩි සංඛ්‍යාවක් අමාත්‍ය මණ්ඩලයද නොමග යවමින් සාදව්‍ය මිල ගණන් පෙන්වා අනුමැතිය ලබාගත් විදුලි ගිවිසුම් වේ. ලංකා විදුලි බලමණ්ඩලයේ මුල්‍ය පාඩුවට ප්‍රධාන හේතුව මෙම ඩීසල් බලාගාර වලින් අධික මිලට විදුලිය මිලදී ගැනීමයි. මෙවැනි වාතාරවරණයක් තුල එල්. එන්. ජී බලාගාරයක් ඉදිකිරීමසදහා පියවර ගැනීම පැසසිය යුතු ය. එහෙත් මෙම බලාගාරය ඉදිකර ජනන කටයුතුආරම්භ කළ යුතු ව තිබුණේ 2019 වසරේදී බව අප පෙන්වා දෙමු. බලාගාරය ඉදිකිරීමසදහා සමාගමක් තෝරාගැනීමේ ටෙන්ඩර් කටයුතු ආරම්භ කලේ 2016 වසරේදී. ටෙන්ඩර් කටයුතු අවසන් වුයේ 2020 වසරේදීය. මෙම ටෙන්ඩරයේ දී විවීධ අක්‍රමිකතා සිදු විය.ටෙන්ඩර් අක්‍රමිකතා හා ප්‍රමාදයට වගකිව යුත්තේ ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ය. මෙම අක්‍රමිකතා හා ප්‍රමාදයන් සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වී නොමැත. මෙම එල් එන් ජීබලාගාරය ඉදිකිරීමේ ප්‍රමාදය හේතුවෙන් අධික මිලට ඩීසල් විදුලිය මිලදී ගැනීමට සිදු වීඇත. ඒ අනුව බලාගාරය ප්‍රමාද වීම නිසා වාර්ෂික පාඩුව රුපියල් කෝටි 1800කි.

මේවන විට එල්. එන්. ජී බලාගාරය ප්‍රමාදවීමෙන් මෙරට විදුලි පාරිභෝගිකයාට දරන්නට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 3600කට අධිකය. දැන් බලාගාරය ඉදිකීරී සදහා සමාගමකට ටෙන්ඩරය පිරිනමා ඇත. බලාගාරය ඉදිකර ජනන කටයුතු ආරම්භ කිරීම 2024 වන විටත් කල හැකි යැයි යන්න සැක සහිතය.එසේ වුවහොත් තවත් රුපියල් කෝටි 7200ක පමණ අමතර වැයබරක් විදුලි පාරිභෝගිකයාට දරන්නට සිදුවනු ඇත. ඒඅනුව විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමාද කරන නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව අපගේ විශ්වාසයයි.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook