Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙන භූමි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් වන Crudia zeylanica ශාකය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව ඊයේ (9) පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු විය.

මෙම ශාකය රැක ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරිනියක තනිව ම සටනක නිරතව සිටින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යංශය මැදහත් වීමක් සිදු නොවන්නේ ඇයි දැයි ආණ්ඩු පක්ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන්ත බණ්ඩාර මහතා වනජීවී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා මෙලස අදහස් පළ කළේ ය.

“මේ විෂය පථය භාරව කාට ද‍ තියෙන්නෙ ඒ වගේ ම විෂය සඳහා කටයුතු කරන්නේ කොහොම ද කියන එක ගැන ඒ නිලධාරිනිය දන්නේ නැතුව කටයුතු කරනවා. හුදෙකලා වුණු ඇය, හුදෙකලා සටනක් ගෙනියන බව පෙන්නන්න උත්සහ ගන්නවා. නමුත් අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මේ මොහොත වන විට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාත් අපේ අමාත්‍යංශ දෙකේ ලේකම්වරු දෙන්නත් දැන් එතනට ගිහිල්ලා තියෙනවා.

ඒ වගේ ම, අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් ඒ කාර්යය කරනවා. එසේ නොහැකි නම් විකල්ප දෙයක් අපි දෙන්න උත්සහ ගන්නවා. ඒ නිසා පෞද්ගලිකව ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා උන්මත්තකයත් උම්මත්තක විදහට කටයුතු කරන අයත් ඉන්නවා, නැතුවා නෙමෙයි. නමුත් මේ පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන්න අපි සූදානම්.”

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook