කණිෂ්ක දුෂ්මන්තගේ මරණය දේශපාලනිකද.. නැද්ද..?
පසුගියදා ප්‍රකට ව්‍යපාරික දිල්ත් ජයවීර මහතා සිදුකල සමාජ සත්කාරයක් නිසාවෙන් සමාජ මාධ්‍ය දේශපාලන ක්‍රියාකාරිකයෙකු මධූෂ ලියනගේ හෙවත් කණිශ්ක දුෂ්මන්ත යන චරිතය ගැන සමාජ කතිකාවතක් ඇති වූවා. ඒ ඔහුගේ සියදිවි නසා ගැනීමත් සමග හවුහරනක් නොමැතිව ගිය බිරිද සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් 2031 දක්වා සැම මාසයකම රුපියල් 50,000 බැගින් දීමට කටයුතු කිරිමත් සමගිනි.
මේ අතර තම මිතුරාගේ සමු ගැනීමත් සමග දැඩි කනස්සල්ලට පත්ව සිටින අභීත එදිරිසිංහ විසින් ෆේස්බුක් සටහනක් තබා තිබේ... ඒ මෙලෙසිනි
මේ වගේ ලිපියක් මම කවදාවත් ලියන්න බලාපොරොත්තු වූයේ නැත.. මේ ලිපිය කෙසේ කොහොම ඉවර වේදැයි මට අදහසක්ද නැත. දහ වාරයකට වඩා ලියන්නට පටන් අරන් මැකුවාත් "කණියාගේ මරණය විකුණන් දේශපාලනය කරන මිනිස් වෙස් ගත් තිරිසනුන්ගේ ක්‍රියා නිසා" මෙම ලිපිය ලිවීම කාලීන අවශ්‍යතාවයක් සේ සලකමි.
කණියාව මට මුණ ගැහෙන්නෙ 2015 පෙබරවාරි මාසෙ මුල් සතියෙ දිනක.. කොට්ටාවෙ කැසබලංකා එකේ අපි නැවත දේශපාලනිකව නැගිටින්න "ඇණ සුප්" එක හදන පොඩි මීටිමකදි... එදා ඉදන් අද වෙනකම්ම අපි දෙන්නා එකට හිටියා.. ඒ තුල පොදු සහ පෞද්ගලික කාරණා, මුදල් ප්‍රශ්ණ, දේශපාලනික මඩ, කැම්පේන් ඔක්කොටම එකට මුහුණ දුන්නා...
කණීට දේශපාලනය ගැන කලකිරිලා හිටියාද?
ඇත්තටම නෑ.. ඕනෑම ආණ්ඩුවක් පත්කලාම ආණ්ඩුවේ ඉන්න සමහර මිනිස්සු කරපු කියපු දේකට පොඩි අවුල් දෙක තුනක් තිබ්බාට, ඌට දිවි හානි කරගන්න තරම් හේතුවක් දේශපාලනය ඇතුලේ තිබ්බෙ නෑ... ජනපතිවරණෙන් පස්සෙ කණීට ඕන වුනේ තමන් එක්ක වැඩ කරපු මිනිස්සු එක්ක තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන පැත්තකට වෙන්න.. කණී "බයි ගෙට්ටුව" සංවිධානය කලා.. ඒකට අනුග්‍රාහකත්වයන් දෙන්න පොරොන්දු වූ කීප දෙනෙක් මඟ ඇරිය නිසා, වාරික වශයෙන් ගෙවන්න තිබ්බ සමහර දේවල් නියමිත දවසට ගෙවන්න නොහැකි වුනා.. නමුත් ඒකත් ලොකු ප්‍රශ්ණයක් වුනේ නෑ.. අපි කණ්ඩායමක් ලෙස ඒ ප්‍රශ්ණය විසඳා ගත්තා.. මේ බයි ගෙට්ටුවෙන් පස්සෙ කණී තමන්ගේ ව්‍යාපාරික කටයුත්ත "ස මීඩියා" නමින් අන්තර්ජාල ප්‍රචාරණ සමාගමක් පිහිටුවා ගත්තා.. ඒකේ වැඩට ගත්තේ පහුගිය අවුරුදු පහේ අපිත් එක්ක වැඩ කරපු අපේම සහෘදයෝ... නමුත් කොරෝනාත් එක්ක ඔහුගේ ඒ කාර්‍යය අසාර්ථක වුනා.. අන්න එතැනදි අපේ උන්ට උන පොරොන්දු ඉටු කරන්න බැරි වීම පිළිබඳව ඌ ටිකක් අවුල් ගියා.. නමුත් කණීගේ ආදායමත්, ව්‍යාපාරයට ප්‍රාග්ධනය ලෙස යෙදූ මුදලත් නැතිවුනා..
මේ පිළිබඳව මම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා එක්ක කතා කලා..
අභීත, මධූෂට දේශපාලන පත්වීමක් දීලා හරියන්නෙ නෑ.. විධායක ශ්‍රේණියේ වේකන්සි එකක් තියෙන තැනක් හොයලා මට කියන්න එයාගෙ සුදුසුකම් වලට හරියන...
එහි ප්‍රතිපලයක් ලෙස කණී, මහා මාර්ග අමාත්‍යාංශයට සම්භන්ධ ආයතනයක තොරතුරු තාක්ෂණ කළමණාකාර වරයා විදිහට පත්වීම් ලැබුවා.... හොඳ වැටුපක්.. වාහන දීමනාවක් වගේම ඉන්ධන දීමනාවක් ලැබුවා... මේ වෙද්දි ඒ පත්වීමට මාස හතරකට වැඩියි..
එහෙනම් ඌ සිය දිවි හානිකර ගත්තේ ඇයි?
කණීගේ රුධිරයේ සීනි තත්ත්වය ඉතාම දරුණුවට තිබ්බා.. බෙහෙත් ගත්තා.. පහුගිය මාර්තු මාසයේ ඔහුගේ යටි පතුලේ සැත්කමක තුවාලයක් ඔහුව එක්තැන් කලා.. එතැන් ඉදන් ඔහු සෑහෙන්න දුක් වුනා.. අධික සීනි වල ප්‍රතිපලයක් ලෙස ඔහුගේ ඇස් වල අභ්‍යන්තර නාලිකා බරපතල ලෙස හානිවෙලා කියලා හෙලිවුනා.. මේ තත්ත්වය මධූෂව ඉතාම දැඩි කණස්සල්ලකට පත් කලා.. ජනවාරි 10න් පසු ඔහු පෙන්නුවේ ඉතාම දැඩි මානසික ආතතියකින් පෙලෙන බවක්.. ඒ වෙනුවෙන් වෛද්‍යවරයෙකු මුණ ගැහීමට යාම දැඩිව ප්‍රතික්ෂේප කලා... බිරිඳ දරුවො මේ නිසා පත්වෙලා ඉන්න අපහසුතාවය ගැන දුක් වුනා.. ඇස් දෙක තව වසර දෙකකින් සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා කියමින් පසු තැවුනු ඔහු, ඉන්පසු තමන්ගේ ජීවිතය පිළිබඳ කම්පා වුනා.. ඒ වගෙම අපි ඒ වෙනුවෙන් ඉදිරිපත් කල සෑම අදහසක්ම ඔහු එක හෙලා ප්‍රතික්ෂේප කලා..
පෞද්ගලිකව ඔහු මේ ගැන කතා කරපු දෙන්නෙක් හිටියා.. එක්කෙනෙක් මම.. අනික් කෙනා කැලුම් ජයසුමන අයියා.. ජනවාරි 22 වගේ දිනක කැලුම් අයියා පැය දෙකකට වැඩි කාලයක් මේ ගැන ඔහු එක්ක කතා කලා... පහුගිය සෙනසුරාදා කණීයි මමයි පැය තුනකට වඩා කතා කලා.. ඔහුගේ ආතතිය දුරලීම ඉතා තාවකාලික වුනා.. වෛද්‍යවරයෙකු වෙත යමු කියන සෑම වෙලාවකම මම බැනුම් අහපු හැටිත් මට මතකයි.. මරණ පරීක්ෂණ වාර්ථාවේ මෙය සිය දිවි නසා ගැනීමක් ලෙස වාර්ථා වෙල තිබ්බා...
ප.ලි. මේ මරණය ගැන මුලින්ම මම දාපු පෝස්ට් එකේ නම් තුනක් සඳහන් වුනා.. පසුව මම එය වෙනස් කලා... ඒ වෙලාවේ තිබූ ආවේගය, දුක එක්ක ඒ නම් සටහන් වුනා.. මොකද මම කතා කරපු වෙලාවක කොන්දේසි විරහිතව ඉදිරිපත් වුනේ ඔවුන් තිදෙනා විතරක් බවත් කියන්න ඕන.. නමුත් එය දේශපාලනිකව කඳවුරට ගහන්න විපක්ෂෙ කට්ටිය උස්සන් ගියා..
කණීගෙන් පඩි අරන් හිටපු සමහර වුනුත් ෆේස්බුක් එකේ හෙන චණ්ඩි ටෝක් එක්ක ශෝක පණිවිඩ දාලා මල ගෙදරවත් එන්නෙ නැතිව හිටියා.. මල්ලි මල්ලි කියලා පුප පොලවෙ ගහගත්ත අක්කලාත් හිටියා ආතතියෙන් හිටපු උගේ ප්‍රශ්ණ වලින් බොරදියේ මාළු බාපු සහ කරගෙන හිටපු රස්සාවවත් හරියට කරගන්න නොදීපු... දැන් ඉතින් ඔය මොකුත් කතා කරල වැඩක් නෑ... ඌ ආපහු එන්නෙ නෑ.. ඒ හිස්තැන පිරවෙන්නෙත් නෑ.. එහෙම තමයි ඉතින් ලෝක ස්වභාවය...
මම කණීට අතිජාත මිත්‍රයෙක් සේ සැලකුවා.. හැබැයි ඌ ගියා.. මම ඌ වෙනුවෙන් ඌගේ ජීවිතේ ඉතුරු ටිකත් කොහොම හරි කරනවා.. කැමති අය උදව් කරාවි.. වෙන වෙන කතා කිසිවක් අදාල වෙන්නෙ නෑ... මේ වෙද්දිත් අපි ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා ඉවරයි..