Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ප‍්‍රහාරය මෙහෙය වූයේ සහරාන් හෂීම් නොවෙයි

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය සහ අධිකරණ දෙපාර්තමේන්තුව මාස 21 ක් තිස්සේ සිදු කළ පරීක්‍ෂණවලින් පසු ජීවිත 268 ක් විනාශ වූ පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන මරුවන් තිදෙනා කව්දැයි සොයා ගනු ලැබීය. ඒ අනුව මෙම ප‍්‍රහාරයේ ඝාතකයන් තිදෙනාට එරෙහිව ජනවාරි 11 වැනිදා ලොස් එන්ජලීස් අධිකරණය හමුවේ නඩු ගොනු කරනු ලැබීය.

මේ අපරාධකරුවන් තිදෙනා කවුද? ඒ අයිසිස් සංවිධානයේ ශ‍්‍රී ලංකා දෙවැනියා වූ නව්ෆාන් මොහමඞ්, මොහමඞ් අන්වර් මොහමඞ් රිස්කි සහ අහමඞ් මිල්හාන් අයතු මොහොමඞ් මරාගෙන මැරෙන ප‍්‍රහාරකයන්ට බෝම්බ එකලස් කරදීම බඳවා ගැනීම සහ අමුද්‍රව්‍ය සැපයීමේ චෝදනා මොවුන්ට එල්ල විය.
පාස්කු ප‍්‍රහාරයෙන් ඇමරිකානුවන් පස් දෙනෙක් මරුමුවට පත්වීමත් සම`ගම මාස 21 ක් තිස්සේ පාස්කු අපරාධකරුවන් පසුපස හඹාගිය ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය මොවුන් ගැන තොරතුරු සොයා ගත්තේ බෝම්බකරු සහරාන් හෂීම්ගේ ජංගම දුරකථන දෙකකිනි. මේ ජංගම දුරකථන දෙක රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානී ශානි අබේසේකර හොර රහසේම ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසියට ලබාදී තිබුණි.

එම පසුබිම මැද එම ජංගම දුරකථනවල දත්තවලින් අයිසිස් අපරාධකරුවන් තිදෙනා හෙළි විය. එහෙත් එෆ්. බී. අයි පොලිසිය රහස් පොලිස් බලධාරීන්ට පැවසූවේ ජංගම දුරකථනවල දත්ත නැති බවයි.

ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය පාස්කු ප‍්‍රහාරයට අයිසිස් සම්බන්ධතාවය ගැන තහවුරු කිරීමට පෙර ශානි අබේසේකර මෙහෙයවූ රහස් පොලිසිය එම ප‍්‍රහාරයට අයිසිස් සබඳතා නැතැයි පැවසූවේ කිසිදු විමර්ශනයකින් තොරවය. එසේම 2016 නොවැම්බර් මස මාධ්‍ය අමතමින් අයිසිස් තර්ජනයක් ශ‍්‍රී ලංකාවට එල්ල වී නැතැයි පැවසූවෙ මුජුබර් රහමන්ය. ඒ පාස්කු ප‍්‍රහාරය එල්ල වීමට පෙරය. ඊට පෙර ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ අමීන් නැමැත්තා සඳහන් කළේ අයිසිස් ක‍්‍රියාකාරීන් සිටින බවට හිටපු ඇමැති විජේදාස රාජපක්‍ෂ කළ ප‍්‍රකාශය අසත්‍යයක් බවයි. පාස්කු ප‍්‍රහාරයෙන් පසු හිටපු තානාපති ජාවඞ් යුසුප් මෙන්ම රාජිත සේනාරත්නද අයිසිස් තර්ජන බැහැර කළේය. එහෙත් ශ‍්‍රී ලංකාව අයිසිස් ඒජන්තවරුන්ට නඩු ගොනු කිරීමට මේ දක්වා ක‍්‍රියා කර නැති අවස්ථාවක ඇමරිකාව පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු අපරාධකරුවන් තිදෙනකුට නඩු ගොනු කළේය.

ඇමරිකාව මෙහිදී අනුගමනය කළේ අපේ පුරවැසියන් ඝාතනය කළහොත් කුමන රටක සිටියත් අපි ඝාතකයන් පසුපස හඹා යනවා යන පිළිවෙතයි. මෙහිදී අයිසිස් බෝම්බකරුවන් වූ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම බඳවා ගැනීම සහ පුහුණු කිරීම් සිදු කළේ මොහොමඞ් නවුපර් බව හෙළි වී ඇත. මොහමඞ් අන්වර් බෝම්බ එකලස් කිරීමට සහය වී තිබේ. මේ තත්ත්වය මැද ඇමරිකානු අධිකරණය නඩු පැවරූ අපරාධකරුවන් තිදෙනාම මෙරට අත්අඩංගුවේ පසුවේ.

මේ අතර ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසියේ ඒකාබද්ධ බළකාය විසින් පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවන් සොයා ගැනීමට දියත් කළ මෙහෙයුමේදී ප‍්‍රහාරය මෙහෙය වූයේ සහරාන් හෂීම් නොවන බවත් එය මෙහෙය වූ ප‍්‍රධානියා මොහමඞ් නවුපර් බවත් අනාවරණය වී ඇත. ඔහු මෙහෙයුම් නායකයා  බවද එෆ් බී. අයි. ඒකාබද්ධ බළකාය විසින් සොයා ගෙන තිබුණි. එහෙත් රහස් පොලිසියට ඒ බව සොයා ගැනීමට හැකි වූයේ නැත. මෙලෙස පාස්කු ප‍්‍රහාරයේ වගකිව යුත්තන් සොයාගෙන ඔවුන්ට එරෙහිව නඩුගොනු කිරීමට කැලිෆෝනියාවේ නීතිවේදීනි ඇනා මැරටයිම්, සාලින්, ජෝර්ජ් පෙන්ස් සහ ක‍්‍රිස්ටින් රෝ සහය වී ඇත.

මේ නඩුව මෙහෙය වන්නේ ලොස් එන්ජලීස් නීතිවේදිනී ඇලිස් කුක්ය. මෙහිදී අහමද් මිල්හාන් නැමැත්තාට එල්ල වී ඇති චෝදනා නම් පොලිස් භටයන් දෙදෙනකු වෙඩි තබා මරා ගිනි අවි පැහැර ගැනීමයි. එසේම සිරියාවේ අයිසිස් ත‍්‍රස්ත සංවිධානය සම`ග සම්බන්ධතාවය (ඛසබන) පවත්වා ඇත්තේද මොහමඞ් නවුපර් යැයි වැඩිදුරටත් හෙළි විය.

ඇමරිකානු එෆ්. බී අයි. ඒකාබද්ධ බළකාය පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මහමොලකරුවන් සොයා ගන්නා අවස්ථාවේ මෙරට රහස් පොලිසිය සහ ඉන්ටර්පෝල් ශාඛාව විදේශ බුද්ධි අංශ සහය ලබාගෙන නැතැයි හෙළි විය. මේ අයුරින් ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසියේ ඒකාබද්ධ ත‍්‍රස්ත මර්දන බළකාය පාස්කු ප‍්‍රහාරයේ මෙහෙයුම් ප‍්‍රධානියා බෝම්බ නිපදවන්නා ඇතුළු ප‍්‍රධාන නායකයන් තිදෙනා සොයා ගනිද්දී රහස් පොලිසිය කුමක් කළේද?


එෆ්. බී. අයි. පොලිසිය නඩු ගොනු කර ඇති අපරාධකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් වූ අන්මද් මිල්හාන් මාවනැල්ල බුදුපිළිමයට පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට හෙළි වී ඇත. මේ අතර පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය ඇමරිකානුවන් පස්දෙනා අතර එරට වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක්ද වේ. ඇය රාජකාරි කටයුත්තක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටි අවස්ථාවේ ෂැංගී‍්‍රලා හෝටලයේදී මරුමුවට පත් විය.

මේ අතර අයිසිස් ත‍්‍රස්තයන් සම`ග සම්බන්ධකම් පවත්වන ඊජිප්තුවේ මුස්ලිම් බ‍්‍රදර්හුඞ් සංවිධානයද පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යැයි අනාවරණය විය. මෙම මුස්ලිම් බ‍්‍රදර්හුඞ් සංවිධානය ඊජිප්තු රජය තහනම් කළ සංවිධානයකි. එහි ක‍්‍රියාකාරිනියක් වන්නේ හිටපු ඇමැතිවරයකුගේ සොහොයුරාගේ ඊජිප්තු බිරියයි. ඇය බෝම්බකාරියන් තිදෙනකු සම`ග සාකච්ඡා පවත්වා ඇත. මෙම බෝම්බකාරිය මෙරට අත්අඩංගුවේ පසුවේ. එම ඊජිප්තු කාන්තාව මෙරටින් පැනගොස් ඇතැයි වාර්තා වේ. ඇගේ සැමියා සතුව ජංගම දුරකථන 12 ක් තිබූ බව හෙළි වූවත් රහස් පොලිසිය එම ජංගම දුරකථන සොයා ගෙන නැත. මෙලෙස ඊජිප්තු බිරියට අදාළ තොරතුරු හෙළි දරව් වීම වැළැක්වීම සඳහා හිටපු ඇමැතිවරයා තම සොහොයුරාව මුදා ගැනීමට දැඩි උත්සාහයක යෙදී තිබේ. මෙවන් පසුබිමක් මැද අයිසිස් සහ මුස්ලිම් බ‍්‍රදර්හුඞ් එක්ව 2016 දී ඊජිප්තුවේ කයිරෝ සහ ඇලෙක්සැන්ඩ‍්‍රා නගරවල ශාන්ත පාවුළු, ශාන්ත පීටර් සහ ශාන්ත ඇන්ඩෲ දෙව් මැඳුරුවලට එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරවලට සමානව කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර කටුවාපිටිය පල්ලිය සහ මඩකලපු පල්ලියේ පිපිරීම් සිදු විය. එහෙත් රහස් පොලිස් බලධාරීහු ඊජිප්තුවේ පල්ලි තුනකට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල වීමේ සිදුවීම් ගැන අවධානය යොමු කළේ නැත.

එහෙත් පාස්කු ප‍්‍රහාරයත් සම`ග මෙරට පැමිණි ඇමරිකානු එෆ් බී. අයි. පොලිස් කණ්ඩායම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සිටි එෆ්. බී. අයි. නිලධාරියාගේ සහයෙන් පරීක්‍ෂණ අරඹා ඇත. මේ අයුරින් ඇමරිකානු එෆ්. බී, අයි. පොලිසියේ ත‍්‍රස්ත මර්දන ඒකකය පාස්කු ප‍්‍රහාරයේ සැබෑ ඝාතකයන් සොයා ගන්නා අවස්ථාවේ මෙරට ඇතැම් මුස්ලිම් දේශපාලකයන් අයිසිස් ත‍්‍රස්ත සංවිධානයට සුදු හුණු ගෑමට ඉදිරිපත් වී ඇත. එහෙත් මොහොමඞ් නවුපර් සහ අහ්මද් මිල්හාන් යන අන්තවාදීන් දෙදෙනා සිරියාවේ අයිසිස් ත‍්‍රස්ත පුහුණුව ලැබූවන් බව එෆ්. බී. අයි. පොලිසිය සොයා ගෙන තිබේ.

මෙම අයිසිස් ත‍්‍රස්ත ක‍්‍රියාවලිය ගැන 2019 අපේ‍්‍රල් 21 වනතුරු රහස් පොලිසිය ජාතික බුද්ධි සේවාව, හමුදා බුද්ධි සේවාව සහ රාජ්‍ය බුද්ධි සේවාව විසින් විමර්ශනය නොකළේ සිංහල බහුතර පාක්‍ෂික ඉස්ලාම් දේශපාලකයන්ට යට වී තිබූ නිසාය. මේ පසුබිම මැද ඇමරිකානු පොලිසිය මෙරට අයිසිස් නායකයන්ගේ 2 වැනි නායකයා නවුපර් ලෙස සොයාගනු ලැබූවන් පළමු නායකයා සොයා නැත. ශ‍්‍රී ලංකාවේ අයිසිස් නායකයා ඕස්ටේ‍්‍රලියානු සිරගෙයක සිටින අතර ඔහුගේ පුත‍්‍රයන් දෙදෙනා කටාර්හි සිරගතව සිටී. මෙම තත්ත්වය මත පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු අන්තවාදී ඝාතකයන් තිදෙනා ඇමරිකාවට පිටුවහල් කරන ලෙස ඇමරිකානු රජය මෙතෙක් ඉල්ලා නැත. එහෙත් ලොස් එන්ජලීස් අධිකරණය විසින් පවත්වන නඩු විභාගයේදී ඒ ගැන තීන්දුවක් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. 500 කට අධික පිරිසක් තුවාල ලැබූ පාස්කු ප‍්‍රහාරය ගැන ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය වසර දෙකකට නොඅඩු කාලයකදී ප‍්‍රහාරය මෙහෙය වූවන් හෙළි කර ගනිද්දී රහස් පොලිසිය පාස්කු ප‍්‍රහාරය ගැන සිදු කළ පරීක්‍ෂණ අසම්පූර්ණ බව සනාථ විය. මේ වනවිට පාස්කු ප‍්‍රහාරය ගැන සෘජු චෝදනා 32 කට ඉදිරිපත් වී ඇති අතර 268 කටද චෝදනා එල්ල විය. 

එම තොරතුරු ජනතාවගෙන් වසන් වී තිබුණත් ඉරිදා දිවයින විශේෂයෙන් එම තොරතුරු හෙළි කරනු ලැබීය. මේ අතර හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන පැවසූවේ මේ බිහිසුණු ප‍්‍රහාරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වැඩක් බවයි. එහෙත් ඇමරිකානු එෆ් .බී. අයි. පොලිසිය පාස්කු ප‍්‍රහාරයේ සැබෑ මොලකරුවන් අනාවරණය කර තිබේ. ඔවුන් මත්ද්‍රව්‍ය ඡා වාරම්කරුවන් නොවේ. මෙහිදී බෝම්බ පුපුරාවා හැරීම ගැන සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන්ට පුහුණුව ලබා දී ඇත්තේ මොහමඞ් අන්වර් මොහමඞ් රිල්වාන් බව තහවුරු වී ඇත. එය සනාථ වුයේ බෝම්බ නිපදවීම සහ තබා ගන්නා අයුරු පළපුරුදු සහ පුහුණුවක් නැති අයට නොකළ හැකි දෙයක් බවයි. ඒ බව තවදුරටත් තහවුරු වුයේ කොච්චිකඬේ දෙව්මැදුර අසල තිබු වාහනයේ පුපුරණ ද්‍රව්‍ය රඳවා තිබූ අයුරු දැකීමෙනි. එසේ වූවත් රහස් පොලිසිය විදේශ ගත අයිසිස් ක‍්‍රියාකාරීන් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීම හෝ ඊජිප්තු ක‍්‍රිස්තියානි සල්ලිවලට එල්ල වූ ප‍්‍රහාර ගැන අධ්‍යයනය කර තිබුණේ නැත. එහෙත් තවදුරටත් හෙලි වුයේ සහරාන් කණ්ඩායමට සමීපව සිටින අන්තවාදී කාන්තාවක් අයිසිස් පොරොන්දුව දෙන අයුරු දැකීමට හැකි වීමයි. එම කාන්තාවගේ අතේ වලල්ලක්ද තිබුණි. මෙවන් පොරොන්දුවක් දෙන්නේ අයිසිස් ත‍්‍රස්ත කණ්ඩායම පමණකි. මේ වන විට බෝම්බකාරියක් තිදෙනෙකු අත්අඩංගුවට පසුවේ. මේ අතර ඇමරිකානු එෆ්. බී, අයි. ත‍්‍රස්තමර්දන බලකාය මෙරට පාස්කු ප‍්‍රහාරයට අයිසිස් සබඳතාවය සොයා ගැනීමට පෙර රුසියාව ප‍්‍රහාරකයන් අයිසිස් බව හෙළි කිරීම රහස් පොලිසිය ඉවත දැමීය.

මෙය අතිවිශාල මුදල් ගනුදෙනුවක් මත සිදු වුයේද? මේ වනවිට හෙළි වී ඇත්තේ කටාර් පුණ්‍ය ආයතනයකින් පාස්කු ප‍්‍රහාරයේ අන්තවාදීන්ට අරමුදල් ලැබී ඇති බවයි. අයිසිස් සංවිධානය සම`ග සබඳකම් පවත්වන මුස්ලිම් බ‍්‍රදර්හුඞ් සංවිධානයේ නායක අලි බතික් නැමැත්තා කටාරයට ගොස් එතැන් සිට තුර්කියට පලාගොස් ඇතැයි හෙළි වී තිබේ. මේ පසුබිම මැද පාස්කු ප‍්‍රහාරයේ නායකයන් 2019 සිට 2021 ජනවාරි 8 දා වනතුරු සොයා ගැනීමට රහස් පොලිසියට නොහැකි වීම රහස් පොලිසියේ බිඳ වැටීමකි.

එහෙත් වත්මන් රජය රහස් පොලිසියේ හිටපු බලධාරීන්ගේ වත්කම් සෙවීමට මෙතෙක් ක‍්‍රියා කර නැත. මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන්ගේ වත්කම් සොයා බැලූ රජය පාස්කු ප‍්‍රහාරය ගැන පරීක්‍ෂණ සිදු කළ සියලූ රහස් පොලිස් නිලධාරීන්ගේ වත්කම් ගැන විමර්ශනය නොකළේ මන්ද?

මේ අතර පාස්කු ප‍්‍රහාරකයන් ගැන ඇමරිකානු අධිකරණය තොරතුරු හෙළි කරද්දී අසාද් සාලි නැමැත්තෙක් එම ප‍්‍රහාරය මෙහෙය වූයේ ඉන්දියාව බවට පවසා ඇත.

ඒ පාස්කු ප‍්‍රහාරයත් වසන් කිරීමටද?

සාලි නැමැත්තා පමණක් නොවේ ඉරාන ඉරාක කටාර් සව්දි අරාබියාව එක්සත් එමීර් රාජ්‍ය යන රටවල තානාපති කාර්යාලවලට තොරතුරු සපයන ඉස්ලාමීය ජාලයේ ක‍්‍රියාකාරියෙක් ගැනද බුද්ධි තොරතුරු හෙළි වී ඇත. මෙරට බුද්ධි අංශ මොහු කව්දැයි හඳුනාගෙන ඇත. දේශපාලන කටයුතුවලටද මැදිහත් වන මේ තැනැත්තා පාස්කු ප‍්‍රහාරයට පෙර ශ‍්‍රී ලංකාවේ අයිසිස් හිතවාදීන් නැතැයි කියමින් අයිසිස් ජාලය රැක ගැනීමටද දැඩි උත්සාහයක යෙදුනි. එහෙත් පසුගිය රජය සහ වත්මන් රජයද මොහු ගැන අවධානයක් යොමු කර නැත. මේ අතර මුස්ලිම් බ‍්‍රදර්හුඞ් සංවිධානය පිළිබඳව අප විසින් කළ හෙළි දරව් වීම නිසා කොළඹ ඊජිප්තු තානාපති කාර්යාලයද දැඩි අවධානය යොමු කළේය. මෙකී මුස්ලිම් බ‍්‍රදර්හුඞ් සංවිධානය එරට ජනපති සිසීටද එරෙහිවද ක‍්‍රියා කළ සංවිධානයක් විය. මේ නිසා මුස්ලිම් බ‍්‍රදර්හුඞ් සංවිධානය තහනම් කෙරුණි. මේ පසුබිම මැද 2016 නොවැම්බර් 30 දා මුජිබර් රහමන් නැමැති මන්ත‍්‍රීවරයා අයිසිස් සංවිධානය පිළිබඳව මෙලෙස ප‍්‍රකාශ කර තිබුණි. ‘‘අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ වසර 1 1/2 ට පෙර බුද්ධි අංශ වාර්තාවක් ගැන කරුණු දක්වමින් ශ‍්‍රී ලාංකිකයන් සිව්දෙනෙක් අයිසිස් සංවිධානයට සම්බන්ධ වී ඇති බව පැවසුවා. එසේම සංචාරක වීසා මත පැමිණි පිරිසක් ඉස්ලාම් දහම ප‍්‍රචාරය කිරීමට උත්සාහ කරන බවත් කියා සිටියා. ඒ සම්බන්ධයෙන් මෙරටදී කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැතැයි මා දන්නවා. මාස කීපයකට පෙර මෙරට මුස්ලිම් සංවිධාන කිසිවක් අයිසිස් කොටස්කරුවන් නොවන බව හමුදාපති සලකළා. මුස්ලිම් සංවිධාන අයිසිස් සංවිධානයට සම්බන්ධ බවට කිසිදු සාක්කියක් නැත. රාජ්‍ය බුද්ධි සේවා හෝ හමුදාව මුස්ලිම් සංවිධාන සහ අයිසිස් අතර සබඳතාවයක් ඇතැයි පිළිගන්නේ නැහැ. මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ පිහිට වූ මුජිබර් රහමන් එලෙස පවසා වසර 2 යි මාස පහක් ගතවීමට පෙර පාස්කු ප‍්‍රහාරය එල්ල විය. එම පාස්කු ප‍්‍රහාරයෙන් මාස 21 ක් ගතවන අවස්ථාවේ අයිසිස් සම්බන්ධතාවය පැවැත් වූ ප‍්‍රධාන දේශකයන් තිදෙනා ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසියේ ත‍්‍රස්ත මර්දන බළකාය සොයාගනු ලැබීය.

එහෙත් අපේ රහස් පොලිසිය අයිසිස් ත‍්‍රස්ත ප‍්‍රහාර ලොව රටවල්වලට එල්ල වු අයුරු ගැන අවධානය යොමු කළේ නැත. රහස් පොලිස් බලධාරීන් දේශපාලකයන් රාජ්‍ය නොවන සංවිධාන සම`ග එක්ව ක‍්‍රියා කළා මිස අයිසිස් ත‍්‍රස්ත ප‍්‍රහාරවල රටාව ගැන අධ්‍යනය කෙළ් නැත. එසේම රහස් පොලිසිය තුළ විදේශ ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව අධ්‍යයනය කිරීමේ ඒකකයක්ද තිබුණේ නැත. සිරියාව සහ ඊජිප්තුවේ ක‍්‍රිස්තියානි පල්ලිවලට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වීම පිලිපිනයේ පල්ලිවලට ප‍්‍රහාර එල්ල වීම් ගැනද නිරීක්‍ෂණ සිදු විය යුතුව ඇතත් රහස් පොලිසිය හඹා ගියේ ගෝඨාභය රාජපක්‍ෂ සහ හමුදා නිලධාරීන් පසුපසයි. අයිසිස් සංවිධානය ආරම්භ වූදා සිට ඔවුන් කතෝලික සහ ක‍්‍රිස්තියානි පල්ලිවලටද යුරෝපා සංචාරකයන්ටද ප‍්‍රහාර එල්ල කර තිබුණි. එය අයිසිස් න්‍යාය පත‍්‍රයයි. මේ අතර ඇමරිකාවේදී නඩු පැවරූ ශ‍්‍රී ලාංකික අයිසිස් ක‍්‍රියාකාරීන් තිදෙනා ඇමරිකාවට ලබා නොදෙන අතර ඔවුන්ට එරෙහිව මෙරටදී නඩු ගොනු කර ඇත.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook