Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මංගල සමරවීරගේ තිස්වසරක දේශපාලනය පිළිබඳව කෘතියට "ඛේමාගේ කොලුවා" යනුවෙන් නම තැබුවේ ඇයයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුනන වැඩේට තමන් උඩින්ම කැමති බව මංගල විසින් පවසා තිබේ. 

මංගලගේ මිතුරු ලිබරල් වාමාංශික උවිඳු විසින් එය වාර්තා කොට ඇත. 

UNPය ඇතුළු මංගලගේ ඉදිරි දේශපාලන ගමන තුල ඉන්දියාව වෙත නැගෙනහිර ජැටිය පමණක් නොව මුළු වරයාම ලබා දුන්නද මංගල සැබවින්ම ඊට අකමැති වුවද ( සැබවින්ම ඔහු ඊට අකමැති නොවේ ) ඊට පක්ෂව ප්‍රතිචාර නොදැක්වීම කල නොහැකි කටයුත්තකි.
ඒ ඉන්දියාව සහ ඇමරිකාව චීනයට එරෙහිව එක කඳවුරක සිටින බැවිනි.

පක්ෂ දේශපාලනයෙන් ඈත්ව සිටි මංගල සමරවීර නැවත කුලප්පු වන්නේ ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රථිපල නිකුත් වීමත් සමගය. 

මංගල නැවත UNPය වෙත ගෙන්න වූයේ ජෝ බයිඩන් ගේ ජයග්‍රහණයයි.

එම ජයග්‍රහණයෙන් රනිල් වික්‍රමසිංහද මහත් උද්ධාමයට පත්විය.

MCC ගිවිසුම අත්සන් කිරීම හකුලා ගැනීමට ඇමරිකාවට සිදු වූයේ UNPය පරාජය වීමත් සමගය. 

නමුත් චීනයේ "One Belt, One Road, One Currency" ( (OBOR) ව්‍යාපෘතියේ ප්‍රධානතම මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව යොදා ගැනීමට චීනය තීරනයකොට ඇති තත්වය යටතේ ඇමරිකාව සටන අත්නොහරිනු ඇත.

MCC ව්‍යාපෘතියේ පසුබෑමක් තිබුනද ඩෙල්ෆ් දූපතෙහි ඇමරිකානු හමුදාවේ පර්යන්තයක් ඉදිකිරීමේ මූලික කටයුතු දිගටම සිදු වේ. 

එසේම ඇමරිකානු ආනුභාවයෙන් ඩෙල්ෆ් දූපත වෙත සුපිරි සංවර්ධනයක්ද පැමිණෙමින් තිබේ. ඒ සඳහා මූලික අනුග්‍රහය දැක්වූයේ පසුගිය UNP ආණ්ඩුව විසිනි.

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සමග මංගල සමරවීරගේ ගජ මිතුරියක් වන සමන්තා පවර් වෙත තීරණාත්මක නිලයක් හිමි වන බව මංගල කල් තියා දැනගෙන සිටි බව පෙනෙන්නේ ජෝ බයිඩන් ජයගත් සැනින් 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් වැඩකටයුතු ආරම්භ කිරීම නිසාය. 

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද ඒජන්සියේ ප්‍රධානියා ලෙස සමන්තා පවර් මේ වන විට පත් කොට තිබේ. 


එසේම, ඇය USAID පරිපාලක ප්‍රධානියා ද වන විට ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු වීම ද සිදු වේ.

සමන්තා පවර්ගේ පූර්ව ජාත්‍යන්තර ක්‍රියාකාරකම් දෙස බැලීමේදී පෙනී යන්නේ ඇය නිශ්චිත ලෙසම ඉදිරියේදී ලංකාව වෙත මැදිහත්වීමට නියමිත බවය. 

එහිදී මානව හිමිකම් ඇයගේ ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රධාන මෙවලමක් වනු ඇත.

මංගලගේ මහත් උද්ධාමයට හේතු වන්නේ සමන්තා පවර් ඔහුගේ මිතුරියක්ද වීම නිසාය. 

2019 වසරේ අමාත්‍යවරයෙකු ලෙස මංගල සමරවීරගේ පාර්ලිමේන්තු දේශපාලනයේ වසර 30 ක් සනිටුහන් කරමින් පැවත් වූ උත්සවයට එක්වෙමින් සමන්තා පවර් විසින් කතාවක් පැවැත්වීය. 

ඇය එහිදී මංගල වෙත පවසා සිටි කාරණයක් වූයේ "වඩා හොඳ ලෝකයක් ගොඩනැගීමට උත්සාහ කරන්න.” යන්නයි.


පසුගිය මැතිවරණයෙන් ඡන්ද ප්‍රමාණයෙන් 2.5%ක් ලබාගත් UNPයේ මංගල රනිල් සමග නැවත එකතුව UNPය 2024 ජනාධිපතිවරණය සඳහා සූදානම් කිරීම ආරම්භ කරනුයේ නිකන්ම නොවේ.

2024 ජනාධිපතිවරණයෙන් අනීවාර්යෙන්ම UNP අපේක්ෂකයා ජයග්‍රහණය කල යුතු බව සමන්තා මංගලට පවසා ඇතුවාට සැක නැත.

ඒ අනුවය NGO හරහා UNP ව්‍යාපෘතිය වෙත ඇමරිකානු අදාර ගල එනු ඇත. 

එසේම මානවහිමිකම් ප්‍රශ්න, යුධ අපරාද චෝදනා මුල්කොට ගෙන GSP plus සහනයන්, අදාර සහ නය නැවැත්වීම් වලට එහා ගිය සම්බාධක පවා පැමිණීමට නියමිත වනු ඇත. 

ඒ එසේ නොමැතිව රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමට නොහැකි බැවිනි.


පසුගිය මැතිවරණයෙන් 2.5%ක් UNPය ලබාගෙන තිබියදී, පුතානෝ ඇතුළු සමගි ජනබලවේගය ද තිබියදී UNPය 2024දී බලය ලබා ගැනීම ගැන සිතීමට ඇති එකම ස්ථානය වන්නේ එසේ ඇමරිකානු සහාය ලබාගනීමම පමණකි. 

ඒ අනුව 2015 පරාජයෙන් පසුව නඩු වලින් රාජපක්ෂලා නිදහස් වුවද මෙවර ජාත්‍යන්තර නඩු වැටීමේ අවදානමක් රාජපක්ෂලා හිමි කරගනු ඇත.

එසේ බලන කල සාමන්තා පවර් යනු UNPය බේරාගැනීමට පැමිණි දෙවඟනකි. 

එම දෙවඟන සමග ගනු දෙනු කරන කපුවා බවට මංගල පත්වනු ඇත. 

එසේ වුවහොත් නාථ දේව මණ්ඩලයට යන එන කලක් නැති වනු ඇතැයි වාමාංශිකන් සතුටු වනු ඇත. මේ වනවිටත් තකතීරු වාමාංශිකයින් සහ හිටපු තකතීරු වාමාංශික කොටස් මංගල වටා එකතුව ඇත්තේ එබැවිනි. 

ඔවුන් චීන සංවර්ධනය වෙනුවට ඇමරිකානු සංවර්ධනය තෝරාගෙන ඇත. ඒ ඇමරිකාව ලිබරල් බැවින් යයි ඔවුන් පවසයි. 

නාථ සමන් වැනි දෙවි වරුන් වෙනුවට පරමාණු, හිග්ස් බෝසෝන, අභ්‍යවකාශ වැනි දෙවිවරුනුත් ඇත. ඒ අනුව එම තකතීරු වාමාංශිකන් සඳහා සමන්තා පවර් යනු එකී දේව මණ්ඩල නියෝජනය කරන දෙවඟනකි.

මංගල සමරවීරගේ තිස්වසරක දේශපාලනය පිළිබඳව කෘතියට "ඛේමාගේ කොලුවා" යනුවෙන් නම තැබුවේ ඇයිද යන්න පිළිබඳව ඔහුට කැමති පොට්ටේනි වේද මනොවිශ්ලේෂකයින් මොකුත් නොකියන්නේ ඇයි ?

"ඛේමාගේ කොලුවා" යනු මංගලට Khema's boy යන්නයි. 

වැදගත් වන්නේ එහි ඉංග්‍රීසි අර්ථයයි. 

එහි ඉංග්‍රීසි අර්ථය වඩාත් වලංගු වන්නේ බටහිර ජාතීන්ටය. 

එහේ ක්‍රියාත්මක වන්නේ එයයි. 

එය ලංකාවට ( "මෙහාට" ) පැමිණ ඇත්තේද "එහෙනි"... අපි මේ කියන්නේ "එහේ" මරු "මෙහේ" full upset කියන අයට... 

ඊයේ විමුක්ති ජයසුන්දරගේ සිනමා කෘතිය ගැන සංවාදය අහම්බෙන් ඇහුවා... ඒකෙදිත් ඒකම කියා වුනා... 

දීප්තිලා දෙන්නෙක් එකම දේ කිව්වා ( තුන්වෙනියා නම් මොනවා කිව්වද දන්නේ නැහැ... දෙවෙනියා කතා කරද්දීම Facebook live නැවතුනා )...

(Madawa Ruwanpatiranaගේ ෆේස්බුක් පිටුවෙන්)

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook