Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රස නොදැනීම ආදී ලක්ෂණ තිබෙනවා නම් ඔබ පළමුවෙන් ම ඔබගේ පවුලේ සාමාජිකයන්ගෙත් ඈත් වී ස්වයංව නිරෝධායනය වෙමින් ඔබට ළඟ ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මත්මයාව දැනුවත් කරන්න

කොරෝනා වෛරසය ආසාදනය වී පෞද්ගලික හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පූර්ණ සුවය ලබා ඊයේ නිවෙස වෙත ගොස් තිබෙනවා.කොළඹ පිහිටි තම නිවසට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට තවත් සතියකට වැඩි කාලයක් නිරෝධායනයට ලක්වීමට සෞඛ්‍ය උපදෙස් ලැබී ඇති බවයි.

ඒ මහතා රෝගීව සිටි අවස්තාවේ උපතාර කර වෛද්‍යවරුන්ට ස්තූතිය කරමින් මුහුණු පොතේ මෙලෙස සටහනක් තබා ඇත.

පසුගියදා මා හට වැළඳුණු කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ පසු මම නැවත නිවස වෙත පැමිණෙයෙමි. මා හට ප්‍රතිකාර කළ වෛද්‍ය අනුරාධ මැතිතුමා ඇතුළු වෛද්‍ය කණ්ඩායමටත් ජයවර්ධන මහත්මියටත් ආදිහෙට්ටි මහත්මියටත් ඉන්දිවරී මෙනවියටත් සහ හර්ශනි මෙනෙවියටත් මම විශේෂ වශයෙන් ස්තූතිවන්ත වෙමි. මා නැවතී සිටි හික්කඩුවේ හොටෙල් ලන්කා සුපර් කොරල්ස්හි කාර්ය මණ්ඩලයත් ආදරයෙන් සිහිපත් කරමි. 

එසේ ම මා කෝවිඩ් ආසාදිත වූ දා පටන් මා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ මහා සංඝරත්නයටත් අන්‍යාගමික පූජක උතුමන්ලාටත් කුරුණෑගල දිස්ත්‍රිකයේ ජනතාව ඇතුළු මුළු දිවයින පුරා ම සිටින මා හිතාදර ජනවතාවට ද ස්තූතිවන්ත වෙමි. එමෙන් ම රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන මේ කොරෝනා වෛරසය සියලු දෙනාවම නතු කරගනිමින් සිටියි. එනිසා ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, රස නොදැනීම ආදී ලක්ෂණ තිබෙනවා නම් ඔබ පළමුවෙන් ම ඔබගේ පවුලේ සාමාජිකයන්ගෙත් ඈත් වී ස්වයංව නිරෝධායනය වෙමින් ඔබට ළඟ ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මත්මයාව දැනුවත් කරන්න. එලෙස වගකීම් සහගත වීමෙන් අපට මේ රෝගය යම්තාක් දුරකට හෝ මැඬලීමේ හැකියාව පවතියි.

 මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත. මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි. ඒ නිසා මම රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් ද ඉල්ලන්නෙ රෝග ලක්ෂණ මතු වුණ වහා ම අදාළ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට ලවා ඒ නිවෙස් පරීක්ෂා කර වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළියක් ආදි පහසුකම් සහිතව ස්වයංව නිරෝධායනය විය හැකි නම් නිවෙස්වල ම නිරෝධායනය අත්‍යවශ්‍ය කාරණයක් කරන ලෙසයි. එවිට තව දුරටත් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා රජය දරන මුදල් අවම කර ගත හැකියි. එමෙන් ම ඉදිරියේ දී හැටදහසකට අධික විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට රජය බලාපොරොත්තු වෙන මොහොතක මේ සියලු දෙනාටම නිරෝධායන මධ්‍යස්ථාන ලබා දීම ද ලෙහෙසි පහසු කර්තව්‍යයක් නො වේ. එයට ද පිළියමක් වශයෙන් මා යෝජනා කරන්නෙ ඔවුන්ව ද තමන්ගේ ම නිවස තුළ ම වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළි පහසුකම් පවතින්නේ නම් දින දාහතරක් ස්වයං නිරෝධායනය කිරීමයි. මෙය හැර මේ රෝගයට වෙන විකල්පයක් නොමැති බවයි රෝගය වැළඳුණු අයෙකු ලෙස මගේ හැඟීම. 
එනිසා අවසාන වශයෙන් ද මා ජනතාවට මතක් කරන්නෙ නිසි ප්‍රතිකාර ක්‍රමයක් හමුවන තුරු අපි ආරක්ෂා වෙමු. සමාජ දුරස්ථභාවය රැකගමු. මුහුණු ආවරණ පළඳිමු. පුරවැසි වගකීම ඉටු කරමු.
ඔබ සැමට තෙරුවන් සරණයි !
මම :- දයාසිරි ජයසේකර
2021.01.21

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook