Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේවෙතත් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ , මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසන්නේ කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බවය.

කොවිඩ් ආසාදිත මළ සිරුරුවල අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ නිකුත් කර තිබුණි.

එහි සඳහන් වන්නේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා සියලු ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි මත කරුණු කිහිපයක් නිරීක්ෂණය කළ බවය.

එම කරුණු වන්නේ ,

1.කොවිඩ් ආසාදනය සිදුවන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් බවත් ආමාශ ආන්ත්‍රික ද්වාරය ඇතුළුව වෙනත් මාර්ග හරහා එය ආසාදනය වූ බවට වාර්තා වී නැත.

2.වෛරසය වර්ධනය විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් මළ සිරුරක් තුළ ආසාදිත තත්ත්වයෙන් එය සැලකිය යුතු කාලයක් සඳහා පැවතිය නොහැක.

3. පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදුකළ PCR ප්‍රතිඵල ධනාත්මක වුවද මළ සිරුරෙන් වෛරසය ව්‍යාප්ත වන බවට නිශ්චිත අදහසක් ඇති නොවේ.

4.භූමදාන කළ මළ සිරුරුවලින් ඇති විය හැකි ජල දූෂණයට වඩා ආසාදිත රෝගීන්ගේ බහිස්ස්‍රාවීය ද්‍රව්‍යයන් හා අපද්‍රව්‍ය මගින් වඩාත් දරුණු ලෙස ජලය දූෂණය විය හැකිය.

5. භූගත ජලයෙන් වෛරස් අංශු අවස්ථා කිහිපයකදී හමුවූ බව වාර්තා වුවත් එම වෛරස ආසාදිත තත්ත්වයේ ඇති බවට වාර්තා වී නැත. මින් පෙර වාර්තා වූ ඉන්ෆ්ලුවෙන්සා සහ SARS වැනි වෛරස් සම්බන්ධයෙන් කළ ගැඹුරු අධ්‍යයනවලදී පවා එවැනි ආසාදන පිළිබඳ වාර්තා නොමැත.

6.ඩෙන්මාර්කයේ ඝාතනය කර භූමදානය කළ මුගටියන් නැවත ගොඩගෙන ඇත්තේ වෛරසය මගින් ජල මූලාශ්‍ර දූෂණය වීමක් නිසා නොව, දිරාපත් වන මුගටියන්ගේ මළ සිරුරුවලින් නයිට්‍රජනීය අපද්‍රව්‍ය පරිසරයට සහ ජලයට එක්ව එම මුලාශ්‍ර දූෂණය විම නිසාය.

7.ජලය ආශ්‍රිතව බෝවන කොළරාව වැනි දරුණු රෝගවලදී පවා මළ සිරුරු භූමදානය කෙරේ.

ඒ අනුව මෙම විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය නිවේදනයෙන් පවසයි.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්වයක් උද්ගත විය හැකි බව සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ , මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසයි.

“මොනම හෝ අවස්ථාවක සැකසහිතව අවධානමක් අරගෙන තීරණ ගත්තොත් එහි ප්‍රතිවිපාක දැනට ඉන්න පරම්පරාවට විතරක් නෙමෙයි, සමහර විට මීට අවුරුදු 100කට 200කට නෙමෙයි අවුරුදු 10,000කට එහා පැත්තේ පරම්පරාවට වුණත් මේකේ පීඩාව අත්වෙන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ මේ වසංගත හදන ක්ෂුද්‍රජිවින් එක්ක වැඩකරන කොට කොවිඩ් – 19 වෛරසය ගැන හරියට පරීක්ෂණ කරන්නවත් විද්‍යාඥයින්ට තාම අවස්ථාව ලැබිලා නැ. දැන් තමයි විද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරන්නේ. ආදාහනය කරොත් අපි දන්නවා මේ ව්‍යාධිජනක වෛරසය සියයට සියයක්ම විනාශ වෙනවා. භූමදානය කරොත් මේක සියයට සියයක් විනාශ වෙනවා ද කියන එක ලෝකයේ කොහේවත් සොයා ගෙන නෑ. මේකේ තියෙන භයානක කම තමයි ඕනැම වෛරසයකට පොළොවට ගිහින් නිද්‍රාශීලිව අවුරුදු මිලියන ගණනක් ඉන්න පුළුවන් කියලා ලෝකයේ සොයා ගෙන තියෙනවා. එහෙම උදාහරණ තියෙනවා. ඊට පස්සේ මේක විනාශකාරී භයානක ඉරණමක් අත්කර දෙන්න පුළුවන්.“

– adaderana


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook