Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පාර්ලිමේන්තුව තුළින් කොරෝනා පොකුරක් මතුවීමේ අවදානමක්

ඇති වී තිබෙන වසංගත තත්ත්වයත් සමග පාර්ලිමේන්තුව තුළින් ද තවත් කොරෝනා පොකුරක් මතුවීමේ අවදානමක් ඇති කරමින් ජලසම්පාදන හා ජලාපවහන ඇමැති හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (11 වැනිදා) තහවුරු විය.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තෙවැනි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වාසුදේව නානායක්කාර මහතා වන අතර, ඉකුත් 05 වැනිදා නව වසරේ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ වීමත් සමග එදින සිට 08 වැනිදා දක්වා ඒ මහතා අඛණ්ඩව දින හතරේම පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

අඛණ්ඩව සිව් දිනක් පාර්ලිමේන්තුවට පැමිණි වාසුදේව නානායක්කාර මහතාගේ සමීප ආශි‍්‍රතයන් හදුනා ගැනීම ස`දහා ඊයේ දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සීසීටීවී කැමරා නිරීක්‍ෂණය කිරීමට ද පියවර ගෙන තිබිණි.

ඇති වී තිබෙන තත්ත්වය තුළ කොරෝනා ආසාදිත මන්තී‍්‍රවරුන්ගේ සමීප ආශි‍්‍රතයන් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 31 දෙනකු නිරෝධායනයට ලක් කර සිටින බවද අනාවරණය වේ.

ලක්‍ෂමන් කිරිඇල්ල, අශෝක් අබේසිංහ, එම්. රාධකි‍්‍රෂ්ණන්, තිස්ස අත්තනායක, කේ. එම්. නන්දසේන, ෆයිසාල් කාසිම්, එම්.එම්.හරීෂ්, එම්.එස්. තවුෆීක්, නසීර් අහමඞ්, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එම්. සුමන්තිරන්, ශානක්‍ය රාසමාණික්‍යම්, කෙහෙළිය රඹුක්වැල්ල සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මන්තී‍්‍රවරුන් ඇතුළු පිරිසක් මෙසේ නිරෝධායනයට ලක් කර සිටින බවද සදහන් වේ.

කෙසේ වෙතත් ආසාදිත මන්තී‍්‍රවරුන්ගේ ආශි‍්‍රතයන් ලෙස හදුනා ගැනුණු ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ සහ එම්. සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පෙරේදා (10 වැනිදා) පීසීආර් පරීක්‍ෂණවලට ලක්ව ඇති අතර ඊයේ නිකුත් වූ එම වාර්තා අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි හෙළි වී තිබිණි.

වාසුදේව නානාක්කාර මහතාට ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකින් අනතුරුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පවතින තත්ත්වය තුළ ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම පිළිබ`ද සාකච්ඡා කර තීරණයක් ගැනීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබ`ද කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (13 වැනිදා) රැස්වීමට නියමිතය.

එහිදී කථානායකවරයා සහ පක්‍ෂ නායකවරුන් ගන්නා තීරණය අනුව පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පැවත්වීම පිළිබද එකගතාවකට පැමිණෙනු ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට වසංගත තර්ජනයක් එල්ල වුවද සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව කරගෙන යන බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ඊයේ සදහන් කර තිබිණි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අහඹු පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට ද තීරණය කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ සෞඛ්‍ය අංශද සම`ග කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුව තුළදීම පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇති බව මහ ලේකම්වරයා එමගින් සදහන් කර තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා බතික්, අත්යන්ත‍්‍ර රෙදිපිළි සහ දේශීය ඇගලූම් පිළිබද රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා වන අතර, ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය තවමත් අභිරහස් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

දයාසිරි ජයසේකර මහතාට අමතරව පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාවුෆ් හකීම් සහ අගමැතිවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්වරුන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර අනාවරණය විය.

කොරෝනා ආසාදිත දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා තමන්ට වෛරසය ආසාදනය වී ඇතැයි නොදැන ඉකුත් පළමු වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලය තුළ පන්සියයකට ආසන්න පිරිසක් සම`ග කටයුතු කර ඇති අතර එක් අවස්ථාවක ඔහු ජනාධිපති කාර්යාලයට ද ගොස් ඇතැයි අනාවරණය වී තිබෙන බව සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.

දයාසිරි මන්තී‍්‍රවරයා හමුවීම ස`දහා ඉකුත් මහජන දිනය දා හෙට්ටිපොළ පිහිටි කාර්යාලයට පැමිණි තවත් පුද්ගලයන් හත් දෙනකු සෞඛ්‍ය අංශ හ`දුනාගෙන ඇති අතර ඔවුන් සම`ග පවුල්වල සාමාජිකයන් 30 දෙනකු පමණ නිරෝධායනයට ලක් කිරීමටද කටයුතු කර ඇත.

සමන් ගමගේ, අකිත පෙරේරා

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook