Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අපේ ප්‍රධාන අරමුණ තොරතුරු තාක්‍ෂණ විදා්‍යාවට අදාළ ගූණාත්මත උපකරණ ආම්පන්න වෙනුවෙන්

දේපොළ වෙළෙඳාම් ක්ෂේ්‍රයට ආධුනික සමාගමක් වන ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට් සමාගම On ally Holdings සමාගමට අයත් කොල්ලුපිටිය යුනිටි ප්ලාසා සිව්මහල් ගොඩනැඟිල්ල රුපියල් බිලියන 2.8ක මුදලකට අත්පත් කරගනිමින් පෙරළිකාර ගනුදෙනුවක් පසුගිය සතික සිදුකළේය.

රේණුකා කැපිටල් Renuka capital ආයතනයේ කොටස් සියයට පනස් එකක් (51%) සහ තවත් ආයතන හතරක් මිලට ගෙන ඇත. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන එකයි දශම හතළිස් තුනක් හෙවත් කෝටි එකසිය හතළිස් තුනකි. (1,43,00,00,000) එමෙන්ම Renuka capital ආයතනයේ කොටස් සියයට පනස් එකක් (51%) ද පවරා ගෙන තිබේ. අත්පත් කර ගත් කොටස්වල වටිනාකම රුපියල් මිලියන අනූ තුනක් (93) හෙවත් නම කෝටි තිස් ලක්‍ෂයකි. (9,30,00,000) කොටසක වටිනාකම රුපියල් තිහයි ශත විස්සකි (30.20) ඒ රේණුකා කැපිටල් පී.එල්.සී. (P.L.C.) ආයතනයෙනි.

එහි පාර්ශවකරුවන් Dr S.R.Rajiyah iy I.R.Rajiyah (44.6%) ඇතුළු තවත් පාර්ශවකරුවන් සිව් (4) දෙනෙකි. පෙට්ට්‍රෝ එනර්ජි ලංකා (Petro Energy Lanka) සහ කිරිමෙන්කරෝ ඉන්වෙස්ට්මන්ට්ස් Kirimancaro Investments Ltd) ඔවුන්ගේ කොටස් ප්‍රමාණය සියයට දෙක (2%) බැගිනි. අශ්ති හෝල්ඩිංස් Ashthi Holdings සහ කැපිටල් එලායන්ස් Capital Alliance ඒ විකුණුම් පාර්ශවයේ තැරැව්කරුවෝය. ඒ පාර්ශවකරුවන්ගේ ප්‍රමාණය සියයට එකකි (1%).
රේණුකා කැපිටල් ආයතනයට On ally ආයතනයේ හිමිකම සියයට හතළිස් තුනයි දශම අටකි. (43.8%) දෙදහස් විස්සේ මාර්තු තිස් වැනි දිනට (2020.03.30) එහි වටිනාකම මිලියන නමසිය හතළිස් හතරයි දශම අටක් (944.8) හෙවත් අනූ හතර කෝටි හතළිස් ලක්‍ෂ අසූ දහසකි. (94,40,80,000).

ද ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට පී.එල්.සී. (පුද්) සමාගමේ සමාරම්භක සහ විධායක අධ්‍යක්‍ෂ හාඩි ජමාල්දීන් පැවසුවේ On ally ආයතනය සහ සම්බන්ධ කර ගැනීම සිය සමාගමේ කාර්ය භාරයට සෑම අතින්ම උචිත බවය.

“නගරයේ ඉතා ජනාකීර්ණ එමෙන් අද්විතීය ස්ථානයක් යා කර ගැනීමත් සමග ඔනාලි සහ අපේ සමාගම ඒකාබද්ධව අන් සියල්ලටම වඩා ප්‍රමුඛ සමාගමක් වීමේ අරමුණින් එකාවන්ව කටයුතු කරන බව මෙන්ම ආදායම් ප්‍රවාහය ඉහළ තලයකට නැංවීමට පොරොන්දු වෙනවා. ඒ සමගම ගොඩනැගිල්ල අත්පත් (transforming) කරගැනීමත් සමගම අපේ වත්කම් කළමණාකරණය පිළිබඳ ක්‍රමෝපායික සැලැස්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයට භාරදෙන බව ජමාල්දීන් මහතා පැවසීය.

ආයතනයේ ප්‍රවර්ධනය උදෙසා සැලසුම් ගණනාවක් ඔහුගේ හිතේ රජයමින් තිබුණු බව නොකියා කී කතාවයි.

ඉදිකිරීම් ද්‍රව්‍ය ව්‍යාපාරික ආයතනයක් (construction material business) වන ඇම්ට්‍රෑඞ් Amtrad සමාගමද ඇතුළුව ද ලංකා රියලිටි ඉන්වෙස්ට්මන්ට පී.එල්.සී. (පුද්) සමූහායතනයට මේ මුදල් වර්ෂාවසානයට (2020) වත්කම්වල වටිනාකම රුපියල් බිලියන එකොළහයි දශම හයක් (11.6) හෙවත් රුපියල් කෝටි එකදහස් එකසිය හැටකි (11,60,00,00,000).

රුපියල් බිලියන පහයි දශම හයක් (5.6) හෙවත් රුපියල් පන්සිය හැට කෝටියකට (5,60,00,00,000) දේපොළ වෙළෙඳාම් අංශයේ (real estate) සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ (leisure sector) අංශවල සමාගම් හයක් (6) අත්පත් කර ගැනීම acquisition මේ මුදල් වර්ෂයේ (2020) ඉස්මතු කර පෙන්වන්නකි.

එම සමාගම් අත්පත් කර ගැනීමේ ගනුදෙනුව කෙරුණේ කොටස් හුවමාරුව කළාය. (share swap)එය කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම අත්පත් කර ගැනීමේ අවස්ථාවයි. මේ සමූහායතනයට මේ වන විට මරදානේ, ඩාලි පාරේ වාණිජ දේපොළද ඇතුළුව කොළඹ නගරයේ ඉතා වැදගත් ඉඩම් සංචිතයක් (land banks) තිබේ. ඒවායේ වත්කම් සංවර්ධන මෙහෙයුම් සැලසුම් (under planning) තත්ත්වයේය.

මේ වර්ෂයේ (2020) පිරිවැටුම රුපියල් මිලියන දෙසිය හතරක් (204) හෙවත් රුපියල් විසි කෝටි හතළිස් ලක්‍ෂයක් (20,40,00,000) බව වාර්ෂික මුදල් වාර්තාවේ සඳහන් කර ඇත. පසුගිය වර්ෂයේ පිරිවැටුම රුපියල් මිලියන එකසිය හතළිස් නමයක් (149) හෙවත් දාහතර කෝටි අනූලක්‍ෂයකි (14,90,00,000). ඒ අනුව පසුගිය වර්ෂයට (2019)ට සමගාමීව වර්ධනය රුපියල් මිලියන පහයි දශම පහක් (5.5) හෙවත් පන් කෝටි පනස් ලක්‍ෂයකි (5,50,00,000). ආයෝජන දේපොළ (investment prorerties) වෙනුවෙන් රුපියල් බිලියනයක හෙවත් රුපියල් කෝටි සියයක (1,00,00,00,000) මාරුවෙන් (change) පසුව ලාභය රුපියල් මිලියන හයසිය දහයක් (610) හෙවත් හැට එක් කෝටියකි (61,00,00,000).

ලංකා රියලිටි ඉන්වෙස්ට්මන්ට පී.එල්.සී. (පුද්) සමූහායතනයට On ally ආයතනය අත්පත් කර ගැනීම විශාල වර්ධන අවස්ථාවක් බව නිරීක්‍ෂකයන්ගේ මතයයි.

කොවිඞ්-19 වසංගතයත් සමග On ally සමාගමේ දෙවැනි කාර්තුවේ 2 Q පිරිවැටුම රුපියල් මිලියන හතළිස් නමයයි දශම තුනක් (49.3) හෙවත් රුපියල් හාර කෝටි අනූ ලක්‍ෂ තිස් දහසක (4,90,30,000) සීමාවේ පැවතිණි. එය ඊට පෙර වර්ෂයට (2019) රුපියල් මිලියන පණහක (50) හෙවත් පන් කෝටියක (5,00,00,000) අවමයකි. බදු පූර්ව (Pre-tax profit) ලාබය මිලියන හතළිස් නමයයි දශම හතරක් (49.4) හෙවත් හාර කෝටි අනූලක්‍ෂ හතළිස් දහසකි (4,90,40,000). ඊට පෙර වර්ෂයේ දෙ වැනි කාර්තුවේ එය මිලියන පනස් එකක් (51) හෙවත් රුපියල් පන්කෝටි දස ලක්‍ෂයකි (5,10,00,000).

යුනිටි ප්ලාසාවේ පළමු වැනි පස් මහල් (first five floors) සාමාන්‍ය (සිල්ලර) ව්‍යාපාරික කටයුතු (retail) ස්ථිර ලාභදායී (cash cow) තත්වයේ වූවේය. ඒවායේ අලෙවි කෙරුණේ අයි.සී.ටී. (I.C.T.) නිෂ්පාදන වේ.

අපේ ප්‍රධාන අරමුණ තොරතුරු තාක්‍ෂණ විදා්‍යාවට අදාළ ගූණාත්මත උපකරණ ආම්පන්න වෙනුවෙන් වාණිජමය අවකාශයක් (space) ස්ථාපිත කිරීමයි. විශේෂයෙන්ම කොළඹ නගරයේ පරිගණක සහ සෙසු සියලු උපාංග අලෙවි කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස යුනිටි ප්ලාසා ආයතන ස්ථාන ගත කිරීම බව ජමාල්ඩීන් මහතා කීය.


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook