Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


කොළඹ නාගරිකයේ කොවිඞ් අවදානම දිනෙන් දිනම ඉහළ යෑම තුළ වඩාත් සංවේදී අයෙකු වූයේ කොළඹ පුරපතිනී රෝසි සේනානායකයි. විශේෂයෙන්ම වතු ආශ‍්‍රිතව හා මහල් නිවාස ආශ‍්‍රිතව කොවිඞ් වසංගතය පැතිර යෑම නගරාධිපතිනියටද බරපතළ ප‍්‍රශ්නයක් විය. කොවිඞ් අවදානම සහිත වතු වල හා මහල් නිවාසවල ජනතාවගේ ආහාර පාන හා අනිකුත් අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් පුරපතිනිය දිගින් දිගටම සිය අවධානය යොමු කරමින් සිටියාය. හැකි සෑම අවස්ථාවකම මැදිහත් වෙමින් ඔවුන්ගේ ආහාර පාන හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ඇය නගර සභාවේ සහයෝගය ලබා දෙමින් රජයට ලොකු ශක්තියක් වූවා ය. 

සමගි ජන බලවේගය හෝ විපක්ෂයේ අනෙකුත් පක්ෂ මෙන් ඇය කිසිවිටෙකත් රජය වෙතම වැරදි පටවමින් රජය විවේචනය කරමින් සිටින්නට උත්සාහ කළේ නැත. ඒ වෙනුවට ඇය කළේ නගර සභාවේ මැදිහත්වීම ඒ සෑම තැනකටම යොමු කරමින් නගරාධිපතිනිය ලෙස සිය වගකීම් අකුරටම ඉටු කිරීමටය.

මෙහිදී ඇයට බරපතළ ප‍්‍රශ්නයක් වූයේ නගර සභාවේ සේවකයන් විශාල ප‍්‍රමාණයකටද කොරෝනා රෝගී තත්ත්වයට මුහුණපෑමට සිදු වීම ය.

පසුගිය සතියේ රෝසි සේනානායක රනිල් වික‍්‍රමසිංහ හමුවන්නට රනිල්ගේ නිවසට ගියේ ඇය හමුවේ තිබෙන මෙම අභියෝග ගැන නායකයා සමග දිගින් දිගටම සාකච්ඡා කිරීමට හිතාගෙනය.

කොළඹ හුදෙකලා කරපු ප‍්‍රදේශවල ජනතාවට තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි හරියාකාරව ආහාර පාන අවශ්‍යතා උපයා දෙන්නට බැරි වීම. රජයත් නගර සභාවත් උපරිමයෙන් කැප වෙලා ඔවුන්ට ආහාර පාන ලබා දෙන්නට උත්සාහ කරනවා. වියළි ආහාර ලබා දෙනවා. හැබැයි ඉතින් තවමත් රෝගය පැතිරීමේ අඩුවක් පේන්න නෑ.

ලංකාව දූපතක් වීම තුළ ලෝකේ අනිත් රටවල් වලට වඩා විශේෂයක් අපිට තියෙනවා. හැමදාම මම ඒ විශේෂත්වය ආණ්ඩුවට පෙන්වා දුන්නා. අපට මේක ලේසියෙන්ම පාලනය කරන්න තිබුණා. ඇත්තටම ඒ විදිහට පළමු රැල්ල පාලනය කළා. හැබැයි ඒ ගොල්ලෝ දෙවෙනි රැල්ලේදී වැඩි අවදානමක් ගත්තෙ නැහැ. මේ වගේ අවස්ථාවක කරන්න ඕන විසඳුම එකපාර තීන්දුවක් අරන් කරල ඉවර කරන්න ඕන.

දිගින් දිගටම පාලනය කරන්න ගියාම ජනතාවට ඒක මහා විශාල වදයක් වෙනවා.

දැන් බලන්න කොළඹ ජනතාව දිහා. ඒ ගොල්ගොල්ලන් වැඩිහරියක් ඉන්නෙ එදාවේල රැකියාවන් හොයාගෙන කන අය. පොඩි පොඩි බිස්නස් වලට පුරුදු වෙච්ච අය. දිගින් දිගටම ගෙවල්වලට වෙලා ඉන්න ගියාම ඒ ගොල්ලන්ට ජීවත්වෙන්න මුදල් හදල් නැති වෙනවා. ඊළඟට කන්න නෑ. පුරුදු රැකියාව කරන්න නෑ. ගෙයින් එළියට බහින්න නිදහස් නෑ. ගමනක් බිමනක් යන්න නෑ. සතියක් දෙකක් නම් මේ තත්ත්වය උහුලන්න මිනිසුන්ට පුළුවන්. මිනිස්සු කොහොමද දිගින් දිගටම මාස ගණනක් මෙහෙම ඉන්නේ. ඒකයි මම කියන්නේ මෙතෙන්දි ආණ්ඩුවේ දයානුකම්පාව වගේම මැදිහත් වීම මිනිසුන්ට අවශ්‍යයි කියලා. රනිල් පැහැදිලි කළේය.

මිනිස්සු දිගින් දිගටම උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. අපිත් සිවිල් සංවිධානත් එකතු වෙලා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන්න වැඩ කරනවා...

ඔව් ඔබගේ කැපවීම ගැන මට ආරංචි වුණා. පරිස්සමින් වැඩ කරන්න. රනිල් ඇයට අවවාද කළේ ය. තවත් විශේෂ රැස්වීමකට සහභාගි වීමට අවශ්‍යව ඇති බැවින් ඇය පිටව ගියාය.


Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook