Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මැලිබන් ආයතනය Brand Excellence සම්මානයෙන්
Best Brand Awards උලෙලේදී පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, පසුගියදා පැවති 2020 Sri Lanka Best Brand සම්මාන උළෙලේදී FMCG කාණ්ඩයේ ය‍ටතේ සන්නාම විශිෂ්ටත්ව (Brand Excellence) සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. අතථ්‍ය (Virtual) ක්‍රමයට 2020 නොවැම්බර් 24 වන දින පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ, ගෝලීය විධායක ජාලයක් ලෙස සැලකෙන CMO Asia විසිනි. 

2020 වසරේදී සමාගම් හා ආයතන විසින් පෙන්නුම් කරන ලද අරමුණු, නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය, ක්‍රමෝපාය සහ පැහැදිලි ලෙස ළඟා කරගන්නා ලද ප්‍රතිඵල වැනි සාධක සැලකිල්ලට ගනිමින් සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවමින්, රටේ වඩාත්ම ගෞරවය දිනූ බිස්කට් සන්නාමය බවට පත්වීම සඳහා තමන් දරන උත්සාහයන් සහ ඒවායෙහි ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමට මෙමගින් මැලිබන් සමාගමට අගනා අවස්ථාවක් උදාවිය. 

වසර 70 කට අධික වර්ණවත් ඉතිහාසයක් හිමි මැලිබන් සමාගම දශක ගණනාවක් තිස්සේ මෙරට පාරිභෝගික පරම්පරා කිහිපයකම හදවත් දිනාගැනීමට සමත් වී ඇත. නව පරපුරේ රුචිකත්වයන්ට වඩාත් ගැළපෙන ආකාරයට, විශේෂ ක්‍රමෝපායික පියවර රැසක් සමගින්, තම සුපුරුදු නිෂ්පාදන එකතුවෙන් ඔබ්බට ගොස් විශේෂ නිෂ්පාදන කිහිපයක් නැවත හඳුන්වා දීමට සමාගම පසුගිය කාලය තුළ කටයුතු කළේ ය. 

මෙම ක්‍රමෝපායික පියවර වල සාර්ථකත්වය නිසා මේ ආකාරයට සන්නාම විශිෂ්ටත්ව සම්මානයකින් පිදුම් ලැබීමට මැලිබන් සමාගමට හැකිවී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ පුරෝගාමී බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, මෙරට සන්නාමකරණ හා අලෙවිකරණ ක්ෂේත්‍රයට කැපීපෙනෙන දායකත්වයන් දැක්වූ අනෙකුත් ප්‍රමුඛතම සමාගම් හා ආයතන අතර ඉහළින්ම සිටී. 


ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි සන්නාමයක් ලෙස මේ දක්වා සම්මාන රාශියක් හිමිකරගැනීමට මැලිබන් සමත් වී ඇත. මීට පෙර 2019 වසරේදී බ්‍රසල්ස් හිදී පැවති International Taste Institute (ITI) සම්මාන උළෙලේදී හිමිවූ ‘Superior Taste’ සම්මානය මේ අතරින් තවත් විශේෂ සම්මානයකි. මේ සියල්ල, ශ්‍රී ලංකාවට විශිෂ්ටත්වය සම්බන්ධයෙන් නව ආදර්ශ සැපයීමට මැලිබන් සමාගම දරන නිරන්තර උත්සාහයේ ප්‍රතිඵල ලෙස සැලකිය හැක. එමෙන්ම මෙම සම්මාන, මැලිබන් සමාගම දිගින් දිගටම ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මනා සාක්ෂි සපයයි. 

ආසියා පැසිෆික් තත්ත්ව ආයතනය (APQO) මගින් සංවිධානය කරනු ලබන ‘Global Performance Excellence’ සම්මාන උළෙලේදී තුන් වතාවක්ම ‘World Class’ සම්මාන දිනාගත් එකම ආහාර නිෂ්පාදන සමාගමද මැලිබන් සමාගමයි.



Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook