Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


මාවනැල්ල, ඓතිහාසික දෙවනගල රජමහා විහාරයේ ප්‍රේරණ කලාපයේ මැනුම් කටයුතු සම්බන්ධයෙන් අද (24) පෙරවරුවේ ඉඩම් හිමියන් දැනුවත් කිරීම සඳහා අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමක් සංවිධානය කර තිබූ අතර රැස්වීම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා රැස්වීම නැවැත්වීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොම්බෑකඩුව මහතා තීරණය කර තිබේ.
ඔහු විසින් සභාවට ඒ බව දැනුම් දීමත් සමග පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව, ආණ්ඩුකාරවරයා සභාව වෙත දැනුම් දී ඇත්තේ සති 2ක් ඇතුළත කමිටුවක් මාර්ගයෙන් අදාළ ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසය.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ දැනට වසර ගණනාවක් තිස්සේ ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ ඇති වී තිබෙන පුරාවස්තු විනාශය සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඉඩම් ආක්‍රමණය කරමින් විනාශ කරන පූජා භූමියේ ඓතිහාසිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙනි.

අදාළ රැස්වීම සඳහා ප්‍රදේශයේ ආගමික නායකයින්, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාර්යප්පෙරුම, ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් කිහිපදෙදෙනකු සහ ප්‍රදේශවාසීන් සහභාගීවී තිබේ.

එම රැස්වීමේදී අරණායක ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන අජන්ත දිසානායක මහතා මෙම මැනීමට එරෙහිව කටයුතු කිරීම ගැන අදහස් පළ කරමින් සභාව නොමග යෑවිමට ගත් උත්සාහය හේතුවෙන් සභාවේ සිටි පිරිසක් තම අසුන් වලින් නැගිට නිරෝධායන නිතීන් පවා උල්ලංඝණය කර හැසිරීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වූ බව අප වාර්තාකරු සඳහන් කළේය. 

ඔහු විසින් මීට වසර ගණනාවකට පෙර මෙම ඉඩම් සම්බන්ධයෙන් සහ දෙවනගල පුදබිම සම්බන්ධයෙන් ලියකිවිල්ලක සත්‍ය සටහන්වී ඇති බව පවසා එය සභාවේ සිටි ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන්ට භාර දීමත් සමග සභාව ඝෝෂාකාරීවී පිරිස පාලනය කර ගැනීමට නොහැකි වී තිබේ.

එම හැසිරිම හරහා නැවතත් දෙවනගල පුදබිමේ මැනීම සිදු කිරීම වළක්වා ගැනීමට ගන්නා උත්සාහය ගැන මතයක් නිර්මාණය කිරීමට පිරිසක් වෑයම් කිරීම හේතුවෙන්, දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් තම අසුනෙන් නැගිට පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස් පළ කිරීම හෙළා දකිමින් කතා කර, මෙම මැනීමට ප්‍රේරණ කලාපයේ ජනතාව වැඩි පිරිසක් කැමති බව ප්‍රකාශ කරන ලිපියක් ද ආණ්ඩුකාරවරයාට භාර දී තිබේ.

පසුව ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර ඇත.

අනතුරුව අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසා ඇත්තේ, සභාවේ කටයුතු සම්පූර්ණයෙන් ම අඩාලවීම පිළිබඳව තමා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවය. 

"මම අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීතුමා වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටිනවා. අපේ පක්ෂයේ නිර්මාර්තෘ වන බැසිල් රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වෙන්නේ නැහැ මහජන නියෝජිතයෙක් මේ වාගේ හැසිරීම සම්බන්ධයෙන්, ඒක වැරදියි. මීට වඩා හොඳ විනයක් තියෙන්න ඕනෑ. 

මහජන නියෝජිතයින්ට විනයක් නැතිනම්, තමන්ගේ ජනතාවට සේවය කරන්නේ කොහොම ද? එම නිසා මිත්‍රවරුනි, මම සමාව ඉල්ලා සිටිනවා, මේ කටයුත්ත සම්පූර්ණයෙන් විකෘති කිරීම පිළිබඳව."









Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook