Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


රාජ්‍ය හා පෞද්ගලික අංශ​යේ සේවයන්ට 6.25% පොලියට සහ දේපොළ මත නිවාස ණය වෙනුවෙන් 7% පොලියට සහන ණය ලබාදීම ඇතුළු අයවැය යෝජනා රැසක් අද (11 වැනිදා) සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශ කරනවා.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන නිවාස මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 100කට උපරිමයකට යටත්ව ණය ලබාදෙනු ඇති.
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් 6.25% සහන පොලියට මෙම නිවාස ණය නිකුත් කිරීමට නියමිතයි.

එසේම මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව දේපළ උකසට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවෙන් 7% සහන පොලියක් අයකිරීමේ වැඩසටහනද අද සිට ක්‍රියාත්මක කෙරෙනවා.

සූර්ය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලිය බලය නිපදවීම, ප්‍රවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන්ට 4%ක පොලියකට සූර්ය පැනල ලබාගැනීමේ ණය මුදලක් නිකුත් කිරීමටද ආරම්භ කෙරෙනවා.

රුපියල් හත් ලක්ෂ පනස්දහසකට උපරිමයකට යටත් මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලසීමාව වසර 10කි. එසේම කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රාජ්‍ය සේවකයකු මරණයට පත්වුවහොත් අග්‍රහාර රක්ෂණ පහසුකම යටතේ රුපියල් ලක්ෂ 7ක වන්දියක් ලබාදීම සහ කොවිඩ් 19 නිසා රෝහල්ගත වන රාජ්‍ය සේවකයන්ට දින 10ක කාලයක් වෙනුවෙන් දිනකට රුපියල් 3000ක දීමනාවක් ලබාදීම අද සිට ක්‍රියාත්මක වනවා.

‘තුරුණු දිරිය’ වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකයන්ට 4%ක සහන පොලියට රුපියල් ලක්ෂ 5ක් දක්වා කඩිනම් ණය නිකුත් කිරීමද ආරම්භ වනවා.

එසේම ‘කිරිශක්ති’ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව කිරිගවයන් මිලදී ගැනීම සහ අභිජනනය ඇතුළු ආශ්‍රිත කටයුතු වෙනුවෙන් ණය නිකුත් කිරීමද සිදුකෙරෙනවා.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook