Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


මධ්‍යම වැසු පාසල් තවත් සතියක් වසා තැබීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා තීරණය කර ඇත. මධ්‍යම පළාත තුල කොවිඩ් වසංගත තත්වය ව්‍යාප්තිය සදහා වැට බැදීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවති විශේෂ රැස්වීමකින් අනුතුරුව ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (4) පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරියේදී අකුරණ, මඩවල වැනි ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් ඉදිරියේදී මහනුවර නගරය තුල සහ මධ්‍යම පළාත තුල සිදුකරන ලබන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉහල දැමීම සහ සෞඛ්‍ය අංශ සදහා ප්‍රවාහන ඇතුලු අනෙකුත් ඉහල නැංවීම සදහා තීරණය කරනු ලැබුවේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පළාත් ආණඩුකාරවරයා සදහන් කර සිටියේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල උපදෙස් හා නිර්දේශ මත පදනම්ව මෙම තීරණ වලට එළැඹි බවත්, කොවිඩ් 19 තත්වය මත පදනම්ව ඉදිරි සතියෙන් පසුවද අවශ්‍යතාවයක් මතුවුවහොත් පාසල් වසා දැමීම සදහා කටයුතු කරනු ලබන බවයි.

බෝගම්බර ග්‍රාමයේ ජීවත්වන බොහෝ පිරිසක් බෝගම්බර බස් නැවතුම් පොලේ සේවයේ නිරත අයවළුන් වන බැවින් එහි අවධානම් තත්වය හේතුවෙන් එම ග්‍රාමය හුදෙකලා කර ඇති බවත්, අවධානම පහව ගිය පසු නැවත එම ග්‍රාමය විවෘත කිරීම සදහා කටයුතු කරන බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර සිටියේය.

– රුක්මාල් දුෂාන්ත


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook