Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

නිශාරා ජයරත්න නමැති රජයේ නීතිඥවරිය නීතිපතිටත් ඉහළින් සිටින බවට නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා

බොරැල්ලේ කනත්ත ඉදිරිපිට පාලර් එකක ජන්මයකින් පත්ව ආ නීතිඥවරියක් නිසා එම දෙපාර්තමේන්තුව සොහොන්ගත වීමේ අභාග්‍යසම්පන්න ඉරණමක් කරා ප්‍රවේශ වී ඇති බව ප්‍රවීණ අධිකරණ වාර්තාකරුවකු වූ ටි.ජයකුමාර් සඳහන් කරනවා.

මේ හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහි වූ ජනතා විශ්වාසනීයත්වය බිද වැටීමේ අතිශය බියකරු පෙරනිමිති පහළවීමට පටන්ගෙන ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය රංගනයක යෙදෙන බවට චෝදනා එල්ල වෙමින් පවතින්නේ මෙම නීතිඥවරියගේ ක්‍රියා කලාපය හේතුවෙනුයි.

මහර බන්ධනාගාරයේ කැරැල්ල හේතුවෙන් ජීවිතක්ෂයට පත් රැදවියන්ගේ මරණ සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී හා ඉන් පිටත ජනමාධ්‍යවේදීන් ඉදිරිපිට ඇයගේ හැසිරීම රාජ්‍ය නිලධාරියෙකුගේ හැසිරීමට තරම් නොවන බවට මේ වනවිටත් පැමිණිලි රැසක්ම අධිකරණ සේවා කොමිසමට , නීතිපති දෙපාර්තමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම නීතිඥ සංගමයටද යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකරමින් ජයකුමාර් තැබූ ෆේස්බුක් සටහනක් පහතින් දැක්වෙනවා.

නිශාරා ජයරත්න නමැති රජයේ නීතිඥවරිය නීතිපතිටත් ඉහළින් සිටින බවට නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා …………

නීතිපති දෙපාර්තමේන්තුවට බොරැල්ලේ කනත්ත ඉදිරිපිට පාලර් එකක ජන්මයකින් පත්ව ආ නීතිඥවරියක් නිසා එම දෙපාර්තමේන්තුව සොහොන්ගත වීමේ අභාග්‍යසම්පන්න ඉරණමක් කරා ප්‍රවේශ වීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහි වූ ජනතා විශ්වාසනීයත්වය බිද වැටීමේ අතිශය බියකරු පෙරනිමිති පහළවීමට පටන්ගෙන ඇත. එම අභාග්‍ය ගැන සනිටුහන් නොකර බැරි නිසා මෙන්ම මහජන යහපත උදෙසා මෙම සටහන සමාජගත කරමි.

මා වෘත්තියෙන් අධිකරණ භාෂා පරිවර්තකයෙකුව සිට විශ්‍රාම ලබා විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ආයතන රැසක අධිකරණ හ‌ා නීති ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රවෘත්ති සංස්කාරවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇති නිසාත් නීති හා අධිකරණ සාහිත්‍යකරණයේ ග්‍රන්ථ රැසක් සම්පාදන කළ අයෙකු වශයෙන් තවදුරටත් නිහඩව නොසිට මෙම සටහන යෙදීම වඩාත් යෝග්‍ය වනු ඇතැයි යන්න මා දරණ පුද්ගලික අදහස නිසාත් මෙය ඉදිරිපත් කරමි.

නීතිපති දෙපාර්තමේන්තුවට වත්මන් නීතිපතිවරයා පත්ව ඒනතෙක් කිසිදු මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියෙකු ක්‍රියාකර නොමැත. මීට පෙර නීතිපතිධුරය හෙබවූ සිවා පසුපති , සරත් එන්. සිල්වා, කේ.සී.කමලසබේසන්, සී.ආර්. ද සිල්වා, මොහාන් පීරිස් , යුවංජන ද සිල්වා , පාලිත ප්‍රනාන්දු, ජයන්ත ජයසූරිය වැනි නීති ක්ෂේත්‍රයේ විද්වතුන් පවා ඔවුන් වෙනුවෙන් මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියෙකු යොදා ගෙන නොතිබුණි. ඒකී විදුවතුන් අතුරින් සරත් ඒන් සිල්වා, මොහාන් පීරිස් සහ ජයන්ත ජයසූරිය යන නීතිපතිවරුන් පසුව මෙරට අග්‍ර විනිශ්චයකාරවරුන් බවට ද පත්වූහ.
එහෙත් වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනිය වශයෙන් හදුන්වාගත් නිශාරා ජයරත්න නමැති රජයේ නීතිඥවරිය මාධ්‍ය සංදර්ශන දෛනිකව පවත්වමින් විද්‍යුත් මාධ්‍ය නාලිකාවල හැසිරෙන ආකාරය නීතිපති දෙපාර්තමේන්තුවට ගෙන දෙන්නේ ඉතාමත් අහිතකර රාජ්‍ය සේවයට අගතිදායී බලපෑමක් බව නම් පැහැදිලිය.
මෙම නිලධාරිනිය දිනපතාම මනංකල්පිත පුවත් නිර්මාණය කරමින් රූපවාහිනියේ හා ගුවන් විදුලි නාලිකාවල වැජ‌ඹෙන්නට දරණ ප්‍රයත්නය රාජ්‍ය සේවයට විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට තරම් නොවටිනා ඒකකි.

වරක් ඇය මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට අත් අඩංගුවට ගැනීමට පොලීසිය උත්සුක නොවීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සදහන් කර සිටියේ ඒම මාධ්‍ය සාකච්ඡාව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ඉතිහාසයේ පළමුවන ප්‍රවෘත්ති සාකච්ඡාව බවට සාවද්‍ය තොරතුරක් ජනගත කළාය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ පළමුවන ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූයේ , සරත් එන්. සිල්වා මහතා නීතිපතිධුරයේ සිටියදී ය. 1996 වසරේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට “රාවය” පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් මා සහභාගි වූයෙමි. එසේ නම් 2020 වසරේදී නිශාරා ජයරත්න පැවැත්වූ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ඉතිහාසයේ පළමුවන ප්‍රවෘත්ති සාකච්ඡාව බවට ප්‍රසිද්ධියේ කළ සාවද්‍ය තොරතුර ජුගුප්සා ජනක එකකි.

මහර බන්ධනාගාරයේ කැරැල්ල හේතුවෙන් ජීවිතක්ෂයට පත් රැදවියන්ගේ මරණ සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී හා ඉන් පිටත ජනමාධ්‍යවේදීන් ඉදිරිපිට ඇයගේ හැසිරීම රාජ්‍ය නිලධාරියෙකුගේ හැසිරීමට තරම් නොවේ. ඇයගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් පැමිණිලි රැසක්ම අධිකරණ සේවා කොමිසමට , නීතිපති දෙපාර්තමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම නීතිඥ සංගමයටද යොමු කර ඇත්තේ නීතිඥවරුන්වීම විශේෂත්වයකි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂම හමුවේ දෙසැම්පර් 17 වෙනිදා නිශාරා ජයරත්නට සාක්ෂි දීමට සිදුවිය. නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනිය වශයෙන් නිශාරා ජයරත්න නමැති රජයේ නීතිඥවරිය නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් ඇයගෙන් සාක්ෂි විමසීමක් සිදුවිය. මෙහිදී ඇයගේ සාක්ෂි ලබාදීමේ දී ඇය හැසිරුණු ආකාරය ගැන ඇයට කිහිප විටක්ම ජනාධිපති විමර්ශන කොමිෂම දැඩි ලෙස අවවාද කර තිබුණි.

නිශාරා ජයරත්න නමැති රජයේ නීතිඥවරිය ජනාධිපති විමර්ශන කොමිෂමට අපහාස වන ආකාරයෙන් හැසිරුණු බවට සලකන ලෙස ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොමිෂමට යෝජනා කර සිටීම විශේෂත්වයක්.



Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook