Adsense Banner

Latest Gossip News


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK

ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Dec 27

ලග්න හතරක ජීවිතය වෙනස් කරන 2021 නව වසර 

සම්මත  වර්ෂ ක‍්‍රමයට තවත් අවුරුද්දක් උදාවෙයි. උදාවන මේ වසරේ ඔබටත් රටටත් උදාවිය හැකි සුබා සුබ සාකච්ඡුා කිරීම මේ ලිපියේ අරමුණයි. සම්මත වර්ෂ යැයි කීවේ ජනතාව සම්මත කරගත් ආකාරයටයි. මේ හැර ජ්‍යොතිෂයට අනුව නම් නව වසරක් ජනවාරි පළමුවැනිදාට උදාවන්නේ නැත. 

හිරු වටා අප වසන පෘථිවිය වටයක් ගමන්කර නිමවන්නේ අපේ‍්‍රල් 14 වැනිදාය. ඒ නිසා ජ්‍යොතිෂයට අනුව නව වසර එදාට උදාවෙයි. ජනවාරි 01වැනිදා සිට අපේ‍්‍රල් 14 වැනිදා දක්වා ගතවන කාලය ගැන අනාවැකි පළ කළ යුත්තේ 2020 සංවත්සර කේන්ද්‍රය අනුවය.

මේ හැර ග‍්‍රහ මාරු, පසුගිය දිනවල සිදු වූ සූර්යග‍්‍රහණය, උල්කාපාත හා වසර තුන්සීයකට පමණ පසුව ඇති වූ බ‍්‍රහස්පති හා සෙනසුරු ග‍්‍රහයන්ගේ සමීප වීම මෙකල සුබා සුබ ඇති කරන්නේ කෙසේ දැයි දැන ගැනීමට පදනම්කර ගත යුතුවේ. මේ සිදුවීම් අනුව රටට හා ඔබට බලපාන ග‍්‍රහ බලය විමසා බලමු.

අප ගත කරමින් සිටින්නේ කාලවිපත්ති බහුල යුගයක බව පළමුව කිව යුතුය. කෙසේ නමුත් 2021 ජනවාරි මැද දක්වා පාලක පක්ෂයට යම් සුබදායක තත්ත්වයක් පෙන්වයි. ජනවාරි 14වැනි දින ලංකාව හිමි කුම්භ ලග්නයේ දොළොස් වැන්නට රවි මාරුවෙයි. සෙනසුරු හා ගුරු ද දුර්වලව එහි සිටී. මේ නිසා නායකයන්ට පාලකයන්ට විවිධ කරදර බාධා අභියෝගවලට මුහුණදීමට සිදුවෙයි. දෝෂාරෝපන එල්ල වෙයි. ආරෝග්‍ය ශාලා, බන්ධනාගාර, පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවෙයි. වත්මන් කොරෝනා වසංගත තත්ත්වය ද පාලනය කිරීම අසිරු විය හැකි අතර ඊට ජනතා සහයෝගය අත්‍යවශ්‍ය වනවා ඇත. වැඩකරන ජනතාවට සුබ කාලයක් නොවේ.

රාහු නියෝජනය කරන මුස්ලිම් ජනතාව හතර වැන්නේ පිහිටීම රජයට විරුද්ධ කි‍්‍රයාකාරීත්වය ප‍්‍රබලව පෙන්වයි. රහස් සතුරු බලවේග කි‍්‍රයාත්මක වෙයි. පාසල් විවෘත කිරීමට බලධාරින් අපේක්ෂා කළ ද ජනවාරි මුල සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබ කාලයක් නොවේ.

ධනස්ථානාධිපති හා අයස්ථානාධිපති ගුරු නිචව 12 ගමන් කරන නිසා අපේ‍්‍රල් 06 වැනිදා දක්වා මුදල් තත්ත්වයේ දැඩි අසීරුතා පෙන්වයි. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. තැන්පත් මුදල් වැය වෙයි.

සෞඛ්‍ය නීති පිළිපැදීම පමණක් මේ බාධා ජය ගැනීමට ප‍්‍රමාණවත් නොවේ. සියලූම දෙනාම ධාර්මික ජීවිතයක් ගත කිරීම සත්ත්ව හිංසාව පිටුදැකීම, සත්‍යවාදී වීම ආදිය තුළින් මේ කාල විපත්තිය ජයගත හැකි වේ. එනම් පංචශීල ප‍්‍රතිඥාවයි.

අප පහත ස`දහන් කරන ලග්න පලාපල වුවද මේ කාල විපත්තියට යටත් බව සැලකිය යුතුවේ. ලෝකයටම උදාවී ඇත්තේ දූෂිත සිතුවිලි තරංගවලින් නිපදවන භයානක විෂබීජ නිසා ඇති වූ රෝග බියකි. මේ තත්ත්වයට යටත්ව ඔබට මේ වසරේ උදාවිය හැකි සුබා සුබ බලමු.

මේෂ

ස`දු හතරේත්, ලග්නාධිපති කුජ ලග්නයේත්, රවි බුධ නවයේ හා ගුරු සම`ග ශනි දහයේ ගමන් කරමින් උදාවන මේ වසර මිශ‍්‍රපලදායක බව පෙනී යයි. ගුරු නීචයෙන් මිදුණු පසුව වසර මැද සිට තරමක සුබදායක තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි වේ.

ගෘහ ජීවිතය - වසර මුලදී ගෘහ ජීවිතය පිළිබ`දව තරමක බාධා ඇතිවිය හැකිය. නොඉවසීම, ඉක්මන් කෝපය වැනි හැ`ගීම් නිසා අඹු -සැමි සමගියට බාධා විය හැකියි. අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර කිරීම විවාහ ආදී කටයුතු ස`දහා මැයි ජුනි සහ ඔක්තෝබර් කාලය සුබදායකයි.

රැුකියා ව්‍යාපාර - වසර මුලදී බාධා ඇතත් ජනවාරි අගසිට මාර්තු 15 වැනි දා දක්වා රැුකියා අංශවල තිබූ බාධා ඉවත් කරගත හැකිවේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. නමුත් සෙනසුරු දශා ගත කරන අයට සේවක ගැටලූ වැනි බාධා ඇතිවීමට ඉඩ තිබේ. අපේ‍්‍රල් 15 වැනි දිනට පසුව රැකියා අංශවල දියුණුවට කටයුතු යෙදෙනු ඇත.

අධ්‍යාපනය - උනන්දුව හීන වීම නිසා අධ්‍යාපනයට බාධා නොවීමට සැලකිලිමත් වෙන්න. උසස් අධ්‍යාපන කටයුතුවලට වසර මුලදී ඇති බාධා අපේ‍්‍රල් 6 වැනි දා දින සිට අඩුවන බව පෙනේ. විභාගවලින් සමත් වේ. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ.

සෞඛ්‍යය - වසර පුරාම ශරීර සනීපය රැුක ගැනීමට උනන්දුවීම වැදගත්ය. ශරීරයේ විටමින්, යකඩ ඌනතාවය නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලූ ජය ගැනීම ස`දහා පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න. කේතු දශා විශේෂයි. දිනපතා ආගමික ජීවිතයක් ගත කිරීම, කරණීය මෙත්ත සුත‍්‍රය සජ්ඣායනා කිරීම හා මෛති‍්‍ර භාවනාව ටික වේලාවක් කිරීම සුබපල උදාකර ගත හැකිවේ.

වෘෂභ

ඔබේ ලග්නාධිපති සිකුරු හත්වැන්නේත්, ස`දු තුනේත් ගුරු නවයේත් රවි බුධ අටේත් ගමන් කරන මේ වසර ඔබට මිශ‍්‍රපලදායක බව පෙනේ. එතෙක් පෙබරවාරි මස 15වැනිදා සිට තත්ත්වය බොහෝ දුරට සුබ අතට හැරෙනවා ඇත.

ගෘහ ජීවිතය - වසර මුලදී ගෘහ ජීවිතයේ දියුණුවට බාධා ඇති බව පෙනේ. නීතිමය අංශවල ගැටලූ, උසස් අය අමනාප වීම වැනි කරදර ඇතිවිය හැකියි. නමුත් මාර්තු 17 සිට මේ තත්ත්වය වෙනස් වී සුබ අතට හැරෙයි. දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. නිවාස ඉදිකිරීම් ආදියට තිබූ බාධා ඉවත් වේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. දරුවන්ට සුබපල ද උදාවේ.

රැුකියා ව්‍යාපාර - රැුකියා අංශවල තරමක බාධා වසර මුලදී පෙන්වයි. නමුත් පෙබරවාරි 15 වැනිදා සිට බාධා ඉවත්වීම හා උසස් අයගේ උදව් ලැබීමට හැකිවේ. ආදායම්වල යහපත් තත්ත්වයන් මාර්තු මැද සිට උදාවේ. අගෝස්තු 11, සැප්තැම්බර් 06 අතර මුදල් ආයෝජනය කරනවිට ප‍්‍රවේශම් විය යුතුය.

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතුවලට ද බාධා සහිත කාලයක් වසර මුලදී පෙන්වයි. නමුත් මාර්තු මැද සිට මේ තත්ත්වය සුබ අතට හැරේ. මැයි 26වැනිදා ජූලි 25වැනිදා අතර නව අධ්‍යාපන පාඨමාලා ආරම්භයට මෙන්ම වෘෂභ හිමි දරුවන්ට අකුරු කියවීමට සුබ නැකත් ද යෙදේ. අගෝස්තු අග හා සැප්තැම්බර් ද අධ්‍යාපනයට සුබයි.

සෞඛ්‍යය - ඌෂ්ණාධික රෝග, රුධිර ධාවනයේ ගැටලූ හා ස්නායුගත රෝගවලින් ප‍්‍රවේශම් විය යුතු වේ.

දිනපතා ආගමානුකූල ජීවිතයක් ගත කරන්න. ජය පිරිත හෝ සූරිය පිරිතභාවිත කරන්න. ටික වේලාවක් මෙත් වඩන්න. බාධා ජය ගැනීමට ශක්තිය ලැබෙනු ඇත.

මිථුන

ලග්නාධිපති බුධ, රවි සම`ග හත්වැන්නේත්, ශනි ගුරු අටවැන්නේත්, ස`දු දෙවැන්නේත් ගමන් කරන මෙම වසර සෙනසුරු ඒරාෂ්ඨක අපල තත්ත්වයන් ද පවතින නිසා කල්පනාකාරීව ගත කල යුතු බව පෙනේ. ශරීර සෞඛ්‍යය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුවේ.

ගෘහ ජීවිතය - ගෘහ ජීවිතය මිශ‍්‍රඵල දායක බව පෙනේ. නමුත් විවාහ සහකරු සම`ග අමනාපකම් ඇතිවිය හැකි අතර සමගිය ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් විය යුතුවේ. විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට අපේ‍්‍රල්- සැප්තැම්බර් අතර සුබයි. දරුවන්ට මිශ‍්‍රපලදායකයි. ගෘහ නිර්මාණ කටයුතුවලට අපේ‍්‍රල් මැයි සුබදායක වේ.

රැුකියා ව්‍යාපාර - රැුකියා අංශවල වඩාත් ප‍්‍රවේශම් විය යුත්තේ සේවක පක්ෂයෙනි. එහෙත් ජනවාරි, පෙබරවාරි මාසවලදී උසස් අය සම`ග කටයුතු කරනවිට ප‍්‍රවේශම් වන්න. ආදායම් මිශ‍්‍රපලදායකයි. අපේ‍්‍රල් මැද සිට රැුකියා ලාභ ලැබිය හැකියි. ව්‍යාපාර වලට මුදල් යොදවනවිට දුරදිග බලා කටයුතු කරන්න.

අධ්‍යාපනය - ශනි දුර්වලව ගමන් කරන නිසා අලසකම, වැඩ කල් දැමීම වැනි තත්ත්වයන් ඉගෙනීමට බාධා විය හැකියි. උනන්දුවෙන් කටයුතු කරන්නේ නම් අධ්‍යාපන කටයුතු සාර්ථකකර ගැනීම අපහසු නොවේ.

සෞඛ්‍යය - සෙම්රෝග, වාතාබාධ මෙන්ම ලේවල සිීනි, මේදය වැනි අසනීපවලින් පෙළෙන්නේ නම් නිසි වේලාවට ඖෂධ ආදිය ගැනීමට සැලකිලිමත් වන්න. වතුරෙන් ප‍්‍රවේශම් වන්න. ආගමික ජීවිතයක් ගත කිරීම, දුගීමගී යාචකාදින්ට හැකි පමණින් දානමාන දීම, මෛති‍්‍ර භාවනාව හා අභිසම්භිදාන, සබ්බ පාපස්ස වැනි යන්ත‍්‍රයක් පැළ`දීම සුබයි. කළුපාට, නිල්පාට ඇ`දුම් පැළ`දුම් අත් හරින්න. සුදු හෝ ලා වර්ණ භාවිත කරන්න.

කටක

ස`දු ලග්නයේද රවි, බුධ හයවැන්නේද, ගුරු ශනි හතේද කුජ දහයේද ගමන් කරමින් උදාවන මෙම වසර බොහෝ දුරට සුබපලදායක බව පෙනේ. රැුකියාවල කැපී පෙනෙන තත්ත්වයන් ඇති වේ. තර`ගකරුවන් හෝ සතුරන් අභිභවා කි‍්‍රයා කළ හැකිවේ.

ගෘහ ජීවිතය - අවිවාහක අයට මංගල යෝග යෙදේ. අඹු-සැමි සම`ගිය ඇති වේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. උසස් අයගේ උදව් ලැබේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබේ. සේවක පක්ෂයේ සහයෝගය ද ලැබේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ. පෙබරවාරි අග, මාර්තු මුල තරමක බාධා පවතී.

රැුකියා ව්‍යාපාර - රැකියා අංශවල දී උනන්දුව හා ධෛර්යය නොඅඩුව පවතින නිසා බාධා ජයගත හැකිවේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමකට ඉඩ තිබේ. රැුකියා නැති අයට රැුකියා ලැබෙන කාලයකි. රටේ පවතින පොදු රෝග තත්ත්වයන් මිස විශේෂ බාධා ජයගත හැකිවේ. අපේ‍්‍රල් මැයි රැුකියාවල දියුණුවක් පෙන්වයි.

අධ්‍යාපනය - වසර මුලදී ඉගෙනීමට ඇති උනන්දුව වැඩිවේ. කලා විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට විශේෂයි. කටක හිමි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භයට අගෝස්තු සැප්තැම්බර් මාසවලදී විශේෂ සුබ නැකත් යෙදේ. ජන්ම පත‍්‍රයට අනුව ශුභ නැකත් සාදාගත හැකිවේ.

සෞඛ්‍යය - රටේ පවතින වසංගත රෝග තත්ත්වය හැර තද බල අසනීප තත්ත්වයන් නොපෙන්වයි. එහෙත් අපේ‍්‍රල් සිට ජුනි දක්වා රුධිරගත සීනි කොලෙස්ටරෝල් වැනි ආබාධවලින් ප‍්‍රවේශම් වීම මැනවි. දිනපතා ආගමික ජීවිතයක් ගත කරන්න. ටික වේලාවක් මෛති‍්‍රය භාවනාව කරන්න. බ‍්‍රහස්පතින්දා දිනවල උදේ 6-7 අතර පූජාවලට විශේෂයෙන් ගැළපේ. අභිසම්භිදාන, රතන, සබ්බපාස්ස යන්ත‍්‍රය පළ`දින්න. අන්තරායන නිවාරණ පිරිත භාවිත කරන්න. මේදය හා සීනි අධික ආහාර අඩු කරන්න.

සිංහ

ලග්නාධිපති රවි, බුධ සම`ග පස්වැන්නේ ද කුජ නවයේද ගුරු ශනි හයේද සඳු දොළහේද ගමන් කරමින් උදාවන මෙම වසර මිශ‍්‍රපලදායකයි. පවුලේ අය සම`ග සතුටින් කාලය ගෙවීමට අවස්ථා උදාවේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආගම දහමට හිත යොමුවේ.

ගෘහ ජීවිතය - ගෘහාශ‍්‍රීත ව්‍යාපාර හෝ කර්මාන්තවල යෙදෙන අයට සුබයි. නිවාස ඉදිකිරීම් හෝ අලූත්වැඩියා වැනි දේ සිදුකර ගැනීමට හැකිවේ. බිරි`ද හෝ සැමියාට මිශ‍්‍රපලදායකයි. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබ`ද කටයුතු සඳහා අපේ‍්‍රල්වලින් පසුව සුබදායකයි. වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වන්න.

රැුකියා ව්‍යාපාර - වසර මුලදී මිශ‍්‍රපලදායක තත්ත්වයන් පවතී. අපේ‍්‍රල් 15 වැනිදා සිට පෙර පින වාසනාව උදාවන කාලයක්වන අතර රැුකියා ලාභ, තනතුරු ලාභ ලැබෙන කාලයක් විය හැකියි. රැුකියාව හෝ ව්‍යාපාරය කියා නිතර ගමන් බිමන් යෙදෙන බවද පෙනේ. සේවක සහයෝගය ලැබේ.

අධ්‍යාපනය - වසර මුලදී අධ්‍යාපනය තත්ත්වයේ යහපත් බවක් පෙන්වයි. උසස් අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍යයන්ට අපේ‍්‍රල් මැද සිට විශේෂ සුබපල ලැබේ. විභාගවලින් සමත්වේ. සඳුගේ දශා ගත කරන අය අලස බව ජය ගැනීමටත් උනන්දුවීමටත් සැලකිලිමත් විය යුතුය.

සෞඛ්‍යය - රටේ පවතින රෝග තත්ත්වය මිස බරපතළ රෝගාබාධ තත්ත්වයන් නොපෙන්වයි. නමුත් ගුරු දශා ගත කරන අය රුධිරගත සීනි කොලෙස්ටරෝල් වැනි රෝගවලින් ප‍්‍රවේශම් විය යුතුය. සීනි හා මේදය සහිත ආහාර සීමා කරන්න.

ඉරිදා හා බ‍්‍රහස්පතින්දා දිනවල උදේ 6-7 අතර පූජා තබා සෙත්පතා ගැනීම, කතරගම දෙවියන්ට භාරහාර වීම, බෝධි පූජා තබන විට කහ, රතුමල්, කොඩි, පූජා කිරීම මංගල සුත‍්‍රය භාවිත කිරීම අභිසම්භිදාන යන්ත‍්‍රය පැළඳවීම සුබයි.

කන්‍යා

ලග්නාධිපති රවි, බුධ සම`ග රවි හතරේද ස`දු එකොළහේද කුජ අටේද ගුරු සහ ශනි පහේද ගමන් කරමින් උදාවන මේ වසර මිශ‍්‍රඵලදායක බව පෙනේ. පෙබරවාරි 22වැනිදා දක්වා වූ මුල් කාලය ප‍්‍රවේශමින් කටයුතු කිරීම හා ඉවසිලිවන්තව තීරණ ගැනීමට සැලකිලිමත් වන්න.

ගෘහ ජීවිතය - ගෘහාශ‍්‍රීත ව්‍යාපාර හෝ ගොවිතැන් කටයුතුවලට සතුටුදායක තත්ත්වයන් පවති. ආදායම් සතුටුදායක නමුත් වියදම් ඉහළ යයි. සහෝදරයකුට අපලදායක තත්ත්වයන් පෙන්වයි. ක්ෂණික කෝපය හා කලබලවීම නිසා ඇසුරු කරන අය අතර අමනාපකම් ඇති වීමට ඉඩ තිබේ. මංගල යෝජනාවලට මාර්තු 13 වැනි දා සිට සුබයි.

රැුකියා ව්‍යාපාර - ස්වයං රැුකියාවල නියුතු අයට සුබපල ලැබේ. රැුකියා අංශවල උසස් අය සම`ග කරන කටයුතුවලදී කල්පනාකාරි වන්න. මාර්තු අග වනවිට තත්ත්වය බොහෝ දුරට සතුටුදායක වේ. ජුනි-ජූලි වනවිට රැුකියා ලබා, නව තනතුරු හිමිවීමට ඉඩ තිබේ.

අධ්‍යාපනය - උනන්දුව හීනවීම, නිදිමත වැනි තත්ත්වයන් නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ තිබේ. ශනි දශා විශේෂයි. මාර්තු 13 වැනිදා සිට අධ්‍යාපන කටයුතුවල ප‍්‍රගතියට කරුණු යෙදේ. කලා විෂයයන් හදාරන අයට විශේෂයි.

සෞඛ්‍යය - රටේ පවතින වසංගත රෝග තත්ත්වයට යටත්ව සෞඛ්‍යය ගැන සාකච්ඡුා කළ යුතු වේ. වසර මුලදී හදිසි අනතුරුවලින් ප‍්‍රවේශම් වෙන්න. කුජ දශා විශේෂයි. බරපතළ රෝගාබාධ නොපෙන්වයි. කුජ අට වැන්නේ ගමන් කරන නිසා දිනපතා ආගමික වතාවත් වල යෙදෙන්න. මෙත් වැඞීම ඉතා සුදුසුයි. මෝර පිරිත හෝ අන්තරාය නිවාරණ පිරිත භාවිත කරන්න. මරණයට කැප වූ සතෙකු නිදහස් කිරීම හා තුවාල ලත් රෝගීන්ට උපකාර කිරීම මැනවි. සබ්බපාපස්ස යන්ත‍්‍රය පැළ`දීම සුබයි.

තුලා

සිකුරු සම`ග කේතු දෙවැන්නේත්, රවි බුධ තුනෙයි. දැඩි ලෙස උත්සාහය ධෛර්යය පවතින බැවින් බොහෝ බාධා ජය ගැනීමට හැකිවන බව පෙනේ.

ගෘහ ජීවිතය - උසස් අයගේ උදව් උපකාර ලැබේ. නීිතියේ පිහිට ලැබේ. විවාහ සහකරුට සුබදායකයි. නිවස අලූත්වැඩියා කිරීම, ඉඩම්වල වගා කටයුතු සිදුවේ. ආදායම් සතුටුදායකයි. සහෝදරයකුගේ ජයග‍්‍රහණය ගැන අසන්නට ලැබේ. අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිරකර ගැනීමට හැකිවේ.

රැකියා ව්‍යාපාර - රැකියා හෝ ව්‍යාපාර වෙනුවෙන් නිතර ගමන් බිමන් යෙදේ. සාර්ථකව රැකියා කටයුතු කළ හැකි බව පෙනේ. කාන්තා පක්ෂයේ උදව් ලැබේ.

රැකියා නැති අයට රැකියා ලාභ ද, තනතුරුවල උසස් වීම් ද ලැබීමට ඉඩ තිබේ. විදේශ රැකියා පිළිබ`දව බාධා පවති. ජූලි සිට සුබදායක තත්ත්්වයන් ඇතිවේ.

අධ්‍යාපනය - වසර ආරම්භයේ තරමක බාධා පවතීි. නමුත් අපේ‍්‍රල් 6 පසුව අධ්‍යාපන කටයුතු වල දියුණුවට කරුණු යෙදේ. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. මැයි 26 සිට ජූලි 25 දක්වා අකුරු කියවීමට හෝ නව අධ්‍යාපන කටයුත්තක ආරම්භයට සුබ නැකැත් යෙදේ.

සෞඛ්‍යය - රාහු දශා ගත කරන අයට සෞඛ්‍ය ගැටලූ ඇතිවීමට ඉඩ ඇත. විශේෂයෙන් මානසික අසහනය, උදාරාබාධ ආශ‍්‍රිත හිසේ රෝග, ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග තත්ත්වයන්ගෙන් ප‍්‍රවේශම් විය යුතුය.

දිනපතා ආගමික වතාවත් කරන්න. කෙටි භාවනාවක් කරන්න. ජලය පානය අතපසු නොකරන්න. තෙම්පරාදු ආහාර අඩු කරන්න. සූරිය පිරිත භාවිත කරන්න. නව ග‍්‍රහ මණ්ඩලය, සබ්බපාපස්ස යන්ත‍්‍රය පැළඳීම ගුණදායකයි.

වෘශ්චික

කුජ හයේද, රවි බුධ දෙවැන්නේද, ගුරු ශනි තුනේද සඳු නවයේද ගමන් කරමින් උදාවන මේ වසර මිශ‍්‍රපලදායකයි. ආගම දහමට වැඩියෙන් හිත යොමු වේ. පින්දහම් මෙන්ම සමාජ සේවා කටයුතු වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ආදායම සතුටුදායකයි. උනන්දුව හා ධෛර්ය නොඅඩුව පවතින නිසා බාධා ජයගත හැකිවේ.

ගෘහ ජීවිතය - සතුටුදායක තත්ත්වයන් පවතී. එහෙත් වසර මුලදී රහස් සතුරු කරදරවලින් ප‍්‍රවේශම්වීමට සැලකිලිමත් වන්න. අඹුසැමි සමගිය ඇතිවේ. අවිවාහන අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්ථිරකර ගැනීමට කරුණු යෙදේ. දරුවන්ගේ දියුණුව දැක සතුටු විය හැකිවේ. සහෝදරයකුගේ ජයක් ගැන දැනගන්නට ලැබේ. මේ අතර දැඩි කාර්ය බහුල වුවද අවිවාහකය ද පෙන්නයි.

රැකියා ව්‍යාපාර - රැකියා ව්‍යාපාර අංශවල සතුටුදායක තත්ත්වයක් පවති. ජනවාරි 14 සිට උසස් අයගේ උදව් ලැබීම, අන් අය අතර ප‍්‍රධානත්වයන් ලැබීම වැනි සුබපල ලැබෙනවා ඇත. අගෝස්තු 17 සිට ඔක්තෝබර් 17 දක්වා රැකියා දියුණුව හෝ රැකියා ලාභ ලැබේ. මාර්තු අග සිට ව්‍යාපාර ස`දහා මුදල් යෙදවීමට සුදුසුයි.

අධ්‍යාපනය - වසරේ මුල් මාස 3 පමණ කාලය තරමක බාධා පවතින බව පෙනේ. එහෙත් උත්සාහය ධෛර්ය නොඅඩුව පවතින නිසා අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අපහසු නොවේ. අගෝස්තු 26 සැප්තැම්බර් 22 අතර නව අධ්‍යාපනයන් ඇරැුඹීමට හෝ දරුවන්ට අකුරු කියවීමට සුබ නැකත් යෙදේ.

සෞඛ්‍යය - සෞඛ්‍ය ගැටලූවලට මූලික හේතුව වන්නේ අධික ලෙස කාර්ය බහුලවීම හා වෙහෙසවීම බව පෙනේ. රුධිරගත කොලෙස්ටරෝල් සීනි වැනි තත්ත්වයන් පාලනයකර ගන්න. අවශ්‍ය පරිදි විවේක ගන්න.

ආගමික වතාවත් කර අන්තරාය නිවාරණ පිරිත කීම, බුදුගුණ භාවනාවක් කිරීම, චතුමධුර පූජාව, ඖෂධ පූජාව අපල දුරුවීමට යෙදෙයි.

ධනු

ලග්නාධිපති ගුරු නීචව දෙවැන්නේද, රවි, බුධ ලග්නයේ ද සඳු අටේද කුජ පහේද ගමන් කරමින් මේ වසර උදාවෙයි. ලග්නගත රවි, බුධ බුද්ධිමත්ව තීරණ

ගැනීමට හා උසස් අයගේ උදව් උපකාර ලැබීමට හේතුයි. ආදායම් තත්ත්වය යහපත් නමුත් වියදම් ඉහළ යෑමට පෙනේ. ආගම දහමට හිත යොමුවේ.

ගෘහ ජීවිතය - අඹු - සැමි සබ`දතා සතුටුදායකයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු වලට තරමක බාධා පවතී. පෙබරවාරි අග මාර්තු මුල් කාලය තරමක යහපත් තත්ත්වයක් අපේකෂා කළ හැකි අතර අගෝස්තු අග සිට ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු යහපත් වන බව පෙනේ. ජුනි අග ජූලි මුල විවාහ මංගල යෝග යෙදෙනවා ඇත.

රැුකියා ව්‍යාපාර - වසර ආරම්භයේ දී ව්‍යාපාරවලින් බලාපොරොත්තු වන ලාභ ලැබීමට බාධා පවතින බව පෙනේ. එහෙත් මාර්තු 17 සිට සිකුරු බලවත්වන කාලය ව්‍යාපාර සාර්ථක වනවා ඇත. රක්ෂාවල සතුටුදායක බවත් වසර අග වනවිට බලාපොරොත්තු විය හැකියි. සේවක ගැටලූ ඇතිවීම ගැන සැලකිලිමත් වන්න.

අධ්‍යාපනය - ශනි ඒරාෂ්ඨක අපලයක අග කොටස ගතවන නිසා අලසබව, නිදිමත, වැඩකල් දැමීම වැනි මානසික තත්ත්වයන් ඉගෙනීමට බාධා විය හැක. මේ නිසා උනන්දුවෙන් කටයුතු කරන්න. වසර මැද වනවිට තත්ත්වය යහපත් වනවා ඇත.

සෞඛ්‍යය - සෙනසුරු දශා මෙන්ම ගුරු දශා ගතකරන අයද ශරීර සෞඛ්‍යය පිළිබ`ද සැලකිලිමත් විය යුතු බව පෙනේ. සෙම්රෝග දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි රෝග ඇති නම් නිසි ලෙස ප‍්‍රතිකාර ගැනීමට උනන්දු වන්න.

දිනපතා ආගමික වතාවත් කර ටික වේලාවක් මෙත්වඩන්න. ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට හා ප‍්‍රදේශාධිපති දෙවියන්ට භාර වීම ද කරණීයමෙත්ත සුත‍්‍රය භාවිත කිරීමද සුදුසු යන්ත‍්‍රයක් පැළ`දීම ද සුබයි.

මකර

ඔබේ ලග්නාධිපති සෙනසුරු, ගුරු සමග ලග්නයේද රවි බුධ දොළහේද, ස`දු නමයේද ගමන් කරමින් මේ වසර උදාවෙයි. ශනි ඒරාෂ්ඨක තත්ත්වය පැවැතීමද වසර ආරම්භයේ රවි දොළහේ ගමන් කිරීමද තරමක බාධා ඇති කරන බව පෙනේ. උසස් අය සම`ග කරන කටයුතු වලදී ප‍්‍රවේශම්වන්න.

ගෘහ ජීවිතය - අඹු සැමි සමගිය ඇතිවේ. අමනාපකම් දුරුවේ. විවාහ සහකරුට සුබදායකයි. නමුත් ඉක්මන් කෝපය නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතවීමට ඉඩ තිබේ. ඉවසීමෙන් සැනසීම ලැබෙන බව නිතර මතක තබා ගැනීම මැනවි. අපේ‍්‍රල් මුල සිට වඩාත් යහපත් තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

රැුකියා ව්‍යාපාර - වසරේ මුල් මාස දෙක තරමක් පමණ කාලය ප‍්‍රධානීන් සමග කටයුතු කරන විට ප‍්‍රවේශම්වන්න. සේවක ගැටලූද ඇතිවීමට ඉඩ තිබේ. නමුත් අපේ‍්‍රල් 6 සිට වඩා යහපත් තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි වේ. මාර්තු අග ව්‍යාපාරවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකියි.

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතුවල මිශ‍්‍රපලදායක තත්ත්වයන් පෙන්වයි. රාහු පස්වැන්නේ ගමන් කරන නිසා හිතේ චංචලබව, සිත එක`ගව තබා ගැනීමේ අපහසුව වැනි බාධා ඇතිවීමට ඉඩ තිබේ. දිනපතා කරන කටයුතු කාලසටහනක් අනුව කරන්න. උනන්දු වීම වැදගත්ය.

සෞඛ්‍යය - උදරාබාධ ආශ‍්‍රීත හිසේ රෝග, අම්ලපිත්ත රෝග, මෙන්ම ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වන්න.

ශනි හා ගුරුද දුර්වලව ගමන් කරන නිසා ආගමික ජීවිතයක් ගත කරන්න. රෝගී මහලූ අයට උපකාර කරන්න. සෙනසුරාදා දිනවල බෝධි පූජා තබා ශ‍්‍රී විශ්ණු දෙවියන්ට භාර වෙන්න. බුදුගුණ යන්ත‍්‍රයක් පළ`දින්න. කළු, නිල්පාට භාවිත නොකරන්න.

කුම්භ

ලග්නාධිපති සෙනසුරු සහ ගුර දොළොස්වැන්නේද රවි බුධ එකොළහේද රාහු හතරේද කේතු සම`ග සිකුරු දහයේද ගමන් කරමින් උදාවන මේ වසර පුරාම ඒරාෂ්ඨක අපලතත්ත්වයන්ද පවතී. ශරීර සනීපය ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව පෙන්වයි.

ගෘහ ජීවිතය - වාසනාව, භාග්‍යය ගැන නොව උත්සාහය හා ධෛර්යය පිළිබ`දව විශ්වාසය තබා කි‍්‍රයාකිරීම නුවණට හුරුය. නිවාස ඉදිකිරීම් විවාහවීම් වැනි විශේෂ කටයුතු කළ යුත්තේ ඉතා හො`ද තැනක් තිබේ නම් පමණි. වියදම් ඉහළ යන බවද පෙනේ. උසස් අයගේ උදව් ලැබේ. සහෝදරයාට සුබදායකයි.

රැුකියා ව්‍යාපාර - උසස් ප‍්‍රධානිනට වඩා සේවක පක්ෂයෙන් ගැටලූ ඇතිවීමට ඉඩ තිබෙන බව පෙනේ. වසර ආරම්භයේ උසස් අයගෙන් උදව් ලැබේ. මාර්තු 17 පසුව ව්‍යාපාර ඉලක්ක ජය ගැනීමට සුදුසු තත්ත්වයන් උදාවෙනවා ඇත. අපේ‍්‍රල් 15 පසුව රැුකියා අංශවල බාධා බොහෝ දුරට ඉෂ්ට වේ.

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම අපහසු නොවේ. නමුත් ශනි අපල නිසා නිදිමත උදාසීන බව වැඩ කල්දැමීම වැනි මානසික තත්ත්වයන් ඉගෙනීමට බාධා විය හැකියි. උනන්දුවීම හා අලස නොවීම මගින් ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත හැකියි.

සෞඛ්‍යය - වාතාබාධ සෙම්රෝග වැනි සෞඛ්‍ය ගැටලූ වලින් ප‍්‍රවේශම් වන්න. සවසට රාති‍්‍රයට ඇල් වතුර නෑම මෙන්ම ජල ක‍්‍රීඩාද යහපත් නොවේ.

දිනපතා ඔබේ ආගම සිහිකර ටික වේලාවක් මෙත් වඩන්න. බුද්ධ පූජා තබා කරණීය මෙත්ත සුත‍්‍රය කියන්න. රෝගී මහලූ අයට උපකාර කරන්න. දන් දෙන්න. ජන්ම පත‍්‍රය අනුව සුදුසු යන්ත‍්‍රයක් පළ`දින්න.

මීන

ඔබේ ලග්නාධිපති ගුරු නීචව එකොළහේද රවි බුධ දහයේද සිකුරු සම`ග කේතු නමයේද ස`දු පහේද ගමන් කරමින් උදාවන මේ වසර මිශ‍්‍රපලදායක බව පෙනේ. වසරේ මුල් මාස දෙක සුබ කටයුතු ආරම්භයට සුදුසු බවද පෙන්වයි.

ගෘහ ජීවිතය - වසර මුලදී ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගැනීම අපහසු නොවේ. අන් අයගේ උදව් ලැබේ. ආදායම් සතුටුදායකයි. නමුත් පවුලේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. දරුවන්ගේ දියුණුව දැක සතුටුවිය හැකිවේ. බිරි`ද හෝ සැමියාගේ රැුකියා ගැටලූවකට විස`දුම් ලැබේ. අවිවා්හක අයට මංගල්‍යයන් යෙදේ.

රැුකියා ව්‍යාපාර - මුල් මාස දෙක පමණ කාලය තම රැුකියා ව්‍යාපාර ආරම්භයට සුදුසුයි.


උසස් අයගේ උපකාර ලැබේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස් වීම් ලැබීමට ද ඉඩ තිබේ. නීතිමය අංශවල පිහිට ලැබේ. ආදායම් සතුටුදායකයි. පොදු යහපත වෙනුවෙන් අමතර වියදම් යෙදීමට ද කරුණු යෙදේ.

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතු වලට සුබදායකයි. යහපත් ගුරුවරුන්ගෙ උදව් ලැබේ. ජුනි 14 ජුලි 14 අතර ද සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතරද අකුරු කියවීමට හෝ අලූත් අධ්‍යාපනයක් ඇරැුඹීමට සුදුසු කාලයක් වනවා ඇත.

සෞඛ්‍යය - අපේ‍්‍රල් 6 දිනට පසුව ශරීර සනීපය ගැන වැඩි සැලකිල්ලක් යොමු කර ගැනීම අවශ්‍යයි. දියවැඩියාව කොලෙස්රෝල් වැනි රෝග ඇත්නම් නිසි ලෙස ප‍්‍රතිකාර ගන්න.

දිනපතා ඔබේ ආගම සිහිකර ටික වේලාවක් මෙත් වඩන්න. චතු මධුර පූජාව, බුද්ධ පූජාවට ඖෂධ පූජා තැබීම, බුදුගුණ භාවනාව, බුදුගුණ යන්ත‍්‍රයක් පැළඳීම සුබදායකයි.

Divaina



Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook