Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී ඇත.
 
මෙම හිටපු හමුදා නිලධාරීන් තිදෙනා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිව්රුම් ප‍්‍රකාශ ලබා දී තිබේ.
මොවුන් තිදෙනාගෙන් එක් අයෙක් හිටපු මේජර් ජෙනරාල්වරයකු වන අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය නිලධාරීන් දෙදෙනෙකි. මෙම පිරිස ගැන හෙළි වූයේ මුල්වරටය.

මෙම හිටපු මේජර් ජෙනරාල්වරයා හමුදා සේවයෙන් ඉවත් කළ අයෙකි.

මොහු, තමා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රහස් නියෝග නිකුත් කරන ප‍්‍රධාන නිලධාරියා ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවසා ඇතැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග හෙළි කළේය.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පැනවූ තහනම ඉවත් නොකරන ලෙස හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා සහ මානව හිමිකම් කවුන්සිලය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook