Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඉහළ නිලධාරිහු 50 කට කොරෝනා

පොලිස් නිලධාරීන් අතර කොරෝනා වෛරසය ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්තවී යෑමට පටන් ගැනීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට මුහුණ පා ඇත.

වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යෑම නිසා ඔවුන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා විශේෂ වෛද්‍ය ප‍්‍රතිකාර ඒකක හතරක් අලූතින් ස්ථාපිත කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

කොවිඞ් වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව පෙරේදා  (01 වැනිදා) රාත‍්‍රිය වන විට 150 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.

මේ අතර වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති නිලධාරීන් 3000 ක් ඊයේ රාත‍්‍රිය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත සහ ස්වයං නිරෝධායනයට ලක් කර තිබූ බවද එම ආරංචිමාර්ග කියා සිටියේය.

කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති බවට සැක කරමින් නිරෝධායන ක‍්‍රියාවලියට යොමු කළ පොලිස් නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහකාර පොලිස් අධිකාරිවරුන් ඇතුළු උසස් නිලධාරීන් පනහකට ආසන්න සංඛ්‍යාවක්ද සිටින බවට වාර්තාවෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ, කළුතර පොලිස් විද්‍යාලයේ සහ හබරාදුවේ පිහිටි විශේෂ වෛද්‍ය මධ්‍යස්ථානයේ තාවකාලික රෝහල් ස්ථාපිත කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතා ‘‘දිවයින’ට පැවසීය.

පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ මෙම පොලිස් නිලධාරීන්ට රෝගය බෝවී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසල හරහා බවය.

පොලිස් ස්ථානවල සහ විශේෂ පොලිස් ඒකකවල ආපන ශාලාවලට මාළු මිලදී ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරීන් හට වෛරසය ආසාදනයවී ඇති අතර පසුව එම වෛරසය ශීඝ‍්‍ර ලෙස අනෙකුත් නිලධාරීන් අතර ද පැතිර ගොස් ඇති බව මූලස්ථානය පවසයි.

මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විශාල පිරිසක් වෛරසයට ගොදුරුවී සිටින අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේද නිලධාරීන් රැුසකට රෝගය බෝවී ඇති බව වාර්තාවෙයි.

වෙරළබඩ පොලිසිය ඊයේ වන විට වසා දමා තිබූ අතර මෝදර, වැල්ලවත්ත, බොරැුල්ල ආමර්වීදිය ඇතුළු පොලිස් ස්ථාන රැුසක නිලධාරීන්ට වෛරසය ආසාදනය වී තිබේ.

හේමන්ත රන්දුණු

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook