Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

දින 4ක් ගියත් ගම්පහ 2007කගේ පීසීආර් වාර්තා ලැබී නෑ
පාර්ලිමේන්තුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් 4කට කොරෝනා

සිමෙන්ති රැගෙන දින දෙකකට වරක් මෙරටට පැමිණෙන ඉන්දීය නෞකාවල සිටි පුද්ගලයන් මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය වී තිබූ පසුගිය කාලයේ කිසිදු බාධාවකින් තොරව සිය ආහාරය ස`දහා මාළු මිලදී ගැනීමට ගාල්ල ධීවර වරායට ගොස් ඇතැයි වාර්තා වේ.

මෙසේ පැමිණෙන නෞකාවල ඉන්දීය කම්කරුවන් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු පනහකට අධික සංඛ්‍යාවක් නිරන්තරයෙන් පැමිණ ඇති අතර නෞකා ගාලූ වරායේ නැංගුරම් ලා තිබියදී ඔවුන්ගේ සාමාජිකයන් වරායෙන් පිටතට මෙසේ ගමන් කළ බව ගාලූ වරාය ආරංචි මාර්ග ස`දහන් කරයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයේ කොරෝනා රැුල්ලට ප‍්‍රබල සාධකය වූයේ මෙම තත්ත්වය විය හැකි බවද පැවසේ. පෑලියගොඩ කොරෝනා පොකුර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයෙන් මතුවූ කොරෝනා පොකුරත් සම`ග ඊයේ (04 වැනිදා* දිනයේදී ද වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 274 දෙනකු හ`දුනාගෙන තිබිණි.

එම ආසාදිතයන් පිරිස හ`දුනා ගැනීමත් සම`ග මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන දොළොස් දහසේ සීමාව ඉක්මවා යමින් 12048 ලෙස සටහන් විය.

එම රෝගීන් අතරින් ආසාදිතයන් 5858 දෙනකු ඊයේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටිව ගොස් තිබුණු අතර තවත් රෝගීහු 6137 දෙනකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියහ.

මේ අතර මෙරට කොවිඞ් 19 ආසාදිත 24 වැනි මරණය ඊයේ (04 දා* වාර්තා විය.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 13 පදිංචි 79 හැවිරිදි කාන්තාවකි. ඇය නිවසේ සිටියදී මියගොස් ඇත.

පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරුවලින් පෙරේදා (03 වැනිදා* වාර්තා වූ රෝගීන් 409 දෙනාත් සම`ග ඉන් හ`දුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 8266 ක්ව තිබුණු අතර ඊයේ වාර්තා වූ ආසාදිතයන් 274 දෙනාත් සම`ගින් එය 8540 දක්වා ඉහළ ගියේය.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ පළමු හා දෙවන ආශි‍්‍රතයන් ලෙස පුද්ගලයන් 63663 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර සිටින බව සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබිණි.

බස්නාහිර පළාත තුළ පමණක් එසේ නිරෝධායනයට ලක් කර සිටි පිරිස 11914 ක් විය. තත්ත්වය මෙසේ වෙද්දී ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග‍්‍රාම නිලධාරි වසම් 101 ක පුද්ගලයන් 2007 දෙනකු ස`දහා ඉකුත් 31 වැනිදා සිට සිදුකළ පීසීආර් වාර්තා මෙතෙක් නොලැබීම නිසා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ගම්පහ දිස්ති‍්‍රක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.

ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මධ්‍යස්ථාන 18 කදී මෙම පුද්ගලයන් පීසීආර් පරීක්‍ෂණවලට ලක්කර ඇත.

මේ අතර බොරැුල්ල පොලිසියෙන් පෙරේදා දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 41 දෙනකු වාර්තා වීමත් සම`ග පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඊයේ සවස දක්වා හ`දුනාගෙන තිබූ ආසාදිතයන් ගණන 222 ක් විය. වැල්ලවාය දිසා සහ මහෙස්ත‍්‍රාත් අධිකරණයට නඩු කටයුත්තක් ස`දහා ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව අනාවරණය වීම නිසා ඊයේ එම අධිකරණවල නඩු කටයුතු තාවකාලිකව අත්අහිටුවීමට කටයුතු කෙරිණි.

ඉකුත් 27 වැනිදා වැල්ලවාය අධිකරණයේ විභාග වූ නඩුවකට සාක්‍ෂි දීම ස`දහා එහි ගිය මෙම නිලධාරියා හදිසියේ අසනීප වීම නිසා කුණ්ඩසාලේ පිහිටි පොලිස් රෝහලට ඇතුළත් කර සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුණු තවත් මාධ්‍යවේදියකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා වූ අතර ඒ අනුව මේ වන විට මාධ්‍යවේදීන් සිව් දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවද ස`දහන් විය.

නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුවරයාගේ බිරි`දට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළිවීම හේතුවෙන් එම කාර්යාලය වසා දැමීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු කි‍්‍රයා කළහ.

මේ හේතුවෙන් එම කාර්යාලය හා ඍජු සබ`දතා පැවැත්වූ පුද්ගලයන් 43 දෙනකුට පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමටද පියවර ගෙන තිබිණි.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජක නිලධාරිනියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ අනාවරණය වී තිබිණි. අවසන් වරට ඉකුත් 27 වැනිදා සේවයට පැමිණ තිබූ බොරැුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය නිවසට ගිය පසු ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව සිටියදී සිදුකළ පීසීආර් පරීක්‍ෂණයකින් මේ බව තහවුරු වී තිබේ.

ඇයට ඊයේ තවත් පීසීආර් පරීක්‍ෂණයක් සිදු කිරීමට කටයුතු කර තිබුණු අතර බන්ධනාගාර රෝහලේ ඇගේ ආශි‍්‍රතයන් සහ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ අහඹු ලෙස තෝරාගත් රැු`දවි කාන්තාවන් පිරිසකට පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමටද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබිණි.

මේ අතර පසුගියදා ගෙල වැලලාගෙන සියදිවි නසාගත් කොරෝනා වෛරසය ආසාදිත බවට හ`දුනාගත් පානදුර ෆොන්සේකා මාවතේ තරුණයාගේ අවම`ගුලට සෞඛ්‍ය උපදෙස් නොතකා සහභාගි වූ එම ප‍්‍රදේශයේ පවුල් 50ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ඊයේ සෞඛ්‍ය අංශ කටයුතු කළේය. මෙම තත්ත්වයත් සම`ග එම ප‍්‍රදේශය හුදෙකලා කිරීමටද පියවර ගනු ලැබීය.

පෑලියගොඩ රැුල්ලේ බලපෑම හේතුවෙන් බගවන්තලාව කොටියාගල වතුයායේ එකම පවුලක තිදෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය.

මෙම පවුලේ තවත් සාමාජිකයන් තිදෙනකුට වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර හ`දුනාගෙන තිබුණු අතර ඊයේ හ`දුනාගත් තිදෙනාත් සම`ග මේ වන විට වෛරසය ආසාදනය වී ඇති එකම පවුලේ ගණන හයක් බවද සෞඛ්‍ය අංශ ස`දහන් කළේය.

මෙම පවුලේ එක් පුද්ගලයකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙ`ද සංකීර්ණයේ සේවය කරන අයකු බවද ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අනාවරණය කරගෙන ඇත.

මේ අතර 2019/2020 ආදායම් වර්ෂය ස`දහා ආදායම් වාර්තා 2020 - 11 - 30 දිනට ඉදිරිපත් කළ යුතු වුවද පවතින වසංගත තත්ත්වය හමුවේ එය සිදු කිරීම අපහසු බැවින් බදු ගෙවන්නන් ස`දහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය 2021 පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය. - සමන් ගමගේ - ටෝනි කරුණානායක -Divaian

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook