Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කාලයක් යද්දි මේ ගෲප් එක ඇතුළෙන්ම එකිනෙකා අතරේ ආදර සම්බන්ධතාවන්ද ගොඩ නැගෙන්න පටන් ගන්නවා

ටික් ටොක් කියන්නේ අද වසංගතයක් සේ ව්‍යාප්ත වෙලා තියෙන රැල්ලක්. මේ රැල්ලට ගොදුරුවෙලා ඉන්න බහුතරයක්ම අවුරුදු 25ට අඩු වයසේ පසුවෙන අය වීමත් විශේෂයි. නමුත් මේ ටික් ටොක් හරහා සිදුවෙච්ච සෙතක්නම් නෑ. යම් තරමකට තමන්ගේ වයසේ පසුවෙන අය අතර ප‍්‍රසිද්ධියක් ලබා ගත්තත් ඉන් එහාට එයින් වෙන හානිය ඉතාමත්ම වැඩියි.

ටික් ටොක් වල ඇති හානිය හොඳින් දැක්ක බොහෝ රටවල් ටික් ටොක් තහනම් කිරීමටත් කටයුතු කරා. ඉන්දියාවේද මෑතකදි ටික් ටොක් තහනම් කළේ තම රටේ අඩු වයසේ ගැහැනු ළමුන් අසභ්‍ය දර්ශනයන් පවා මේ ටික් ටොක් හරහා බෙදා හැරීමට පෙළඹුනු නිසාය.
දැන් දැන් අපේ රටේද මේ ටික් ටොක් වසංගතය ටිකෙන් ටික ඔඩුදුවන්න පටන්ගෙන තිබේ. එයින් ඕනෑතරම් අසභ්‍ය දර්ශනයන්ද දක්නට ලැබේ. අවාසනාවකට මෙන් එයින් ඇතිවෙන භයානකත්වය මොවුන් දැන දැනත් මෙවන් ක‍්‍රියාවන්වල නිරත වෙමින් සිටීමයි.

මෙයින් අවසානයට උරුම වන්නේ නින්දා අපහාස පමණය. එයිනුත් මේ ගැහැනු දරුවන්ගේ දෙමාපියන්ටද සිදුවන්නේද සමාජයට මුහුණ දීමට නොහැකිව ලැජ්ජාවට පත්වන්නය.

මේ කියන්න යන්නේ ටික් ටොක් ගැන නොවේ. නමුත් ටික් ටොක් හරහා හඳුනාගෙන මේ වනවිටත් අපහාසයන්ට ලක්වෙමින් සිටින ළාබාල තරුණියක් ගැනය.

සමාජ ජාලය සැරිසරන බහුතරයක් ම දකින්නට ඇති දැනට දවස් ගානකට ඉහතදී ගැහැනු දරුවෙකුගේ අසභ්‍ය වීඩියෝ පට සහ කෝල් සහ වොයිස් රෙකෝඩින් කීපයක්.

අපි හැමෝම සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් යම් යම් විවේචනයන් ඉදිරිපත් කරත් මෙම සිදුවීම ඇතිවන්නේ කොතනින්ද එයට හේතුව කුමක්ද කියා සොයා බලන්න අපොහොසත් වුණා.

ලංකාවේ ටික් ටොක් කරන බාල වයසේ තරුණ තරුණියන් තමන්ට ආවේණික රාමුවක් හදාගන්නවා.

ඒ රාමුවේ ඉන්නෙම ටික් ටොක් වලට ඇබ්බැහි වෙලා විවිධ දේවල් ටික් ටොක් හරහා සමාජගත කරන පිරිසක්. ඒ පිරිස අතරින් කාලයක් යද්දි හඳුනාගත් කීප දෙනෙක් අතරේ මිතුදමක් ගොඩ නැගෙන්න පටන් ගන්නවා.

ඒ මිතුදම කොයිතරම් දුරදිග යනවාද කිව්වොත් වට්ස්ඇප් චැට් ගෲප් හදාගෙන තමන්ගේ පෞද්ගලික දේවල් පවා ගෲප් වලට මුදාහරින තරමටම ඒ මිතුදම දුරදිග යනවා. ඒ අස්සේ මේ ගෲප් වල තව තව දේවලූත් සිද්ද වෙනවා.

ඒ කියන්නේ මේ ගෲප් වල ඉන්නේ ගැහැනු ළමුන් විතරක් නෙමෙයි ටික් ටොක් කරන පිරිමි ළමුන් පවා මේ ගෲප් වල ඉන්නවා.

ඔන්න ඔහොම කාලයක් යද්දි මේ ගෲප් එක ඇතුළෙන්ම එකිනෙකා අතරේ ආදර සම්බන්ධතාවන්ද ගොඩ නැගෙන්න පටන් ගන්නවා.

සාමාන්‍යයෙන් බුද්ධියක් තියෙන ටිකක් පරිණත වයසක ඉන්න කාන්තාවන් තමන්ගේ දුරකථන අංකයන්වලට නාඳුනන අයව දාගෙන ගෲප් චැට් හදාගන්නේ නෑනේ? මොකද ඒවායින් ඇති වෙන විපාකයන් වැඩි බව ඔවුන් හොඳින් දන්නා නිසා.

නමුත් මේ ටික් ටොක් කරන අය එතරම් මෝරලා සමාජ අත්දැකීම් නැති අයයි. ඉතින් එයාලට එහෙම ලොකු අවබෝධයක් නෑ මේවායින් පසුකාලීනව ඇති වෙන්න පුළුවන් විපාකයන් ගැන.

ඔන්න ඔය හේතුව හින්දනේ මේ අන්තර්ජාලයෙන් හඳුනාගත්ත පිරිසක් එක්ක වට්ස්ඇප් ගෲප් චැට් හදාගෙන තමන්ගේ පෞද්ගලික දේවලූත් ශෙයාර් කරගෙන එතනිනුත් ආදර සම්බන්ධතාවන් ඇති කරගන්නේ?

එවැනි අකරතැබ්බයන්ට මුහුණ පෑ ගැහැනු ළමයෙක්ගේ තමයි ඔය වීඩියෝ සහ ඕඩියෝ ක්ලිප්ස් ටික.

ඒ ඕඩියෝ ක්ලිප්ස් ටික හොඳින් ඇහුවොත් අපිට තේරුම්ගන්න පුළුවන් දෙයක් තමයි මෙතනදි ගොඩනැගිලා තියෙන්නේ පරිණත ආදර සම්බන්ධතාවන් නෙමෙයි කියන එක.

වයසේ වැරද්දත් එක්ක ඔහේ හැඟීම් වලට වහල් වෙච්ච නිකන් ටයිම් පාසින් ආදර සම්බන්ධතාවන් තමයි මෙතන තියෙන්නේ.

ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් තමන්ගේ යාළුවා එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යන පිරිමි ළමයා එක්කත් වෙනම සම්බන්ධයක් පවත්වාගෙන යනවා වගේම තමන් ඒ කොල්ලා එක්ක යාළුයි කියලත් තමන්ගේ යාළුවාටත් කියන්නේ හිනා වෙවී.

ඇත්තටම පරිණත අවංක ආදරයක් තියෙනවානම් තමන්ගේ යාළුවා තමන්ගේ කොල්ලා එක්ක යාළුයි කිව්වම හිනා වෙයිද?

වගේ දේවලූත් නිකන් සාමාන්‍ය විහිළුවක් විදියටයි දකින්නට තියෙන්නේ.

ඒ වගේම ඔතන මෙහෙම කාරණයකුත් තියෙනවා. ඔය ගෲප් චැට් හදාගෙන පට්ට ෆිට් එකේ ඉන්න යාළුවන් වුණත් විශේෂයෙන් ගැහැනු ළමුන් අතරේ එකිනෙකා අතරේ ඊර්ෂ්‍යාවකුත් තියෙනවා.

ඒ තමයි තමන්ගේ ටික් ටොක් වීඩියෝවට වඩා තමන්ගේ යාළුවාගේ ටික් ටොක් වීඩියෝවට ඉල්ලූම වැඩියි කියන එක. අන්න ඒ ඊර්ෂ්‍යාව අවසන් වෙන්නේ ඔය සමාජ ජාලයන් තුළ හඳුනාගත්ත යාළුවන් නයි වෛරක්කාරයන් බවට පත් වෙලයි.

ඒ වෛරයේ ප‍්‍රතිඵලයන් තමයි ඔය වීඩියෝ සහ ඕඩියෝ ක්ලිප්ස් ටික එලියට එන්නේ. ඒ කියන්නේ ඔය වීඩියෝ සහ ඕඩියෝ ක්ලිප්ස් ටික එලියට දාන්නේ ගැහැනු ළමයෙක්මයි.

ඔය ඕඩියෝ ක්ලිප්ස් වල තව කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් සීරියස් හෝ ජොලියට ඇති කරගත්තු ආදර සම්බන්ධතාවක් නවත්තනවානම් නවත්තන්න හේතුව දෙදෙනා අතරේ කතාබහ කරලා ඉවරයක් කරගන්න ඕනි.

නමුත් එහෙම නැතුව අමු කුණුහරුපෙන් දෙදෙනා අතරේ බැනගෙන සම්බන්ධයක් නවත්තන්න හදනවානම් එතනත් ලොකු අවුලක් ඇති වෙන්න ප‍්‍රධානම හේතුවක් බවට පත් වෙනවා.

අන්න ඒ වගේ හේතුවකින් තමයි මේ වීඩියෝ සහ ඕඩියෝ ක්ලිප්ස් ටික එලියට එන්නේ. මොකද ඔය ගැහැනු ළමයා මුල ඉඳන්ම මෙතන ආදර සම්බන්ධතාවන් ඇති කරගන්නේ වෛරය පිරිමහගන්න බලාගෙන.

තමන් කලින් යාළුවෙලා හිටපු කොල්ලගෙන් පලි ගන්න තමන් යාළුවෙලා හිටපු කොල්ලගේ යාළුවා එක්කත් සම්බන්ධතාවක් ගොඩ නගාගන්නවා.

ඊට පස්සේ ඒ කොල්ලව රිද්දන්න බලාගෙන තවත් කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඕක ඉවරයක් නැතුව දිගටම යනවා. අන්තිමට සම්බන්ධයක් නවත්තන්න මේ ගැහැනු ළමයා උපයෝගි කරගන්නේ තමන් යාළුවෙලා ඉන්න කොල්ලට අසභ්‍ය විදියට බැන වැදිලයි. ඒක ලොකු අවුලක් නේ?

එයින් කියවෙන්නේ නෑ වැරැද්ද ඒ ගැහැනු ළමයාගේ විතරක් කියලා. නමුත් තමන් දැනගන්න ඕනි තමන් යාළුවෙලා හිටපු කොල්ලෝ එක්ක එක් එක් ආකාරයට වීඩියෝ කෝල් අරන් කතාබහ කරා කියලා.

ඒවා සමහරවිට ඔහු රෙකෝඩින් පවා කරගෙන ඇති කියලත් තමන් කල්පනා කරන්න ඕනි. මොකද මේක සෙල්ලමක් නෙමෙයිනේ?

තමන්ගේ තුරුම්පු පිට මිනිස්සු අතට තමන්ම පත් කරලා අන්තිමට තමන් අසභ්‍ය විදියට බැන වදීනම් ඒ තුරුම්පුවලින්ම කපන්න පුරුදු වෙලා ඉන්න සමාජයක් මේක. ඒක තමන්ට තේරුම්ගන්න තිබුණා.

අන්තිමට මොකද්ද වුණේ? තමන්ගේ සම්බන්ධතාව නවත්වන්න අර කොල්ලට අසභ්‍ය විදියට බැනවැදුනානේ?

ඒ කොල්ලා කරේ මේ කෙල්ලගෙන් පලි ගන්න මේ කෙල්ලගේ යාළුවා එක්ක සම්බන්ධයක් පටන් ගෙන එයාලගේ ගෲප් චැට් එකේ කියන කරන දේවල් ඒ කෙල්ල ලව්වා රෙකෝඩින් කරගෙන ඒ රෙකෝඩින් ටිකත් අරගෙන තමන් රෙකෝඩින් කරගත්තු වීඩියෝ කෝල් රෙකෝඩින් එක්ක සමාජ ජාලාවට මුදා හැරියා. දැන් තේරුම්ගන්න පුළුවන් නේද වෙලා තියෙන දේ?

කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් ඕනම කෙනෙක්ට ආදරය කරන්න තමන්ට අයිතිය තියෙනවා. නමුත් ඒ ආදරය කරන්නේ තව කෙනෙක්ගෙන් පලි ගන්න බලාගෙනනම් ඒක ලොකු අවුලක්.

ඒ වගේම ගැහැනියෙක් හෝ පිරිමියෙක් තමන්ගේ නිරුවත දෙදෙනා අතරේ පෙන්නගන්නේ ලොකු විශ්වාසයක් උඩ. මොනතරම් ප‍්‍රශ්නයන් ආවත් ඒ විශ්වාසය කඩ කරලා ඒවා රෙකෝඩින් කරලා එලියට දානවානම් ඒක තිරිසන් ක‍්‍රියාවක්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අන්තර්ජාලය තුළ හඳුනාගන්නා මිනිසුන් සමග තමන්ගේ පෞද්ගලික දේවල් බෙදාහදාගන්න එපා. විශේෂයෙන් තමන්ගේ දුරකථන අංකය දෙන්නම එපා.

දැන් මේ ගැහැනු ළමයාටත් මේ තරම් දෙයක් කරලා ලැජ්ජාවට පත් කරලා තියෙන්නේ තවත් ගැහැනු ළමයෙක්.

ඒක තේරුම්ගත්තානම් මේ ජාලයන් තුළ ඉන්නා මිනිසුන්ගේ සැබෑ තත්ත්වය තේරුම්ගන්න පුළුවන්.

ඒ වගේම ලංකාවේ තරුණ පරපුර තව තවත් විනාශවෙලා යන එක නවත්වන්න ටික් ටොක් වගේ වැඩකට නැති දේවල් තහනම් කරන්න රජය ක‍්‍රියා කරන්න ඕනි.

ඒ වගේම කෙනෙක්ගේ පෞද්ගලික දේවල් අල්ලගෙන ඒවා එලියට දාලා ඒ මිනිසුන්ව අපහසුතාවට පත් කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබා දෙන්න ඕනි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook