Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ගුවන් යානා තුනක් මඟින් ලංකාවට කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළා

මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාව ආශ්‍රයෙන් ඇති වී දැනට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා පොකුරේ මූලාශ්‍රයන් සොයා ගැනීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ අපොහොසත්ව ඇති වතාවරණයක් තුළ අදාළ කර්මාන්තශාලාව තුළ කොරෝනා ආසාදිතයන් ඇතිවීමට ආසන්න ම හේතුව ඉන්දියාවේ සිට පැමිණි සේවකයන් පිරිසක් විය හැකි බවට සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයකට ලක්වී ඇත. 

මේ අතර Brandix ආයතනය විසින් විශේෂිත ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපොළ හරහා ඉන්දියාවේ විශාකාපට්නම්හි සිට 60 දෙනකුගෙන් සමන්විත පිරිසක් මෙරටට ගෙන්වා ගත් බවට සඳහන් ලියවිල්ලක් ඊයේ (07) සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමක් සමඟම නැවතත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබේ. 

අදාළ ලියැවිල්ලට අනුව සැප්තැම්බර් 22 වැනි දින පස්වරුවේ UL1159 දරන ගුවන් යානයෙන් අදාළ සේවකයන් පිරිස මත්තලට ළඟා වී ඇත.

මෙයට පෙර අදාළ කර්මාන්තශාලාවේ ඉන්දියානු ජාතිකයන් පිරිසක් සේවය කළ බවටද රාවයක් පැතිර ගියේය.

මේ පිළිබඳව කළ විමසීමකදී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන්දියානු ජාතිකයන් එහි සේවය කළ බවට පළවන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවය.

මේ අතර Brandix ආයතනය විසින් සැප්තැම්බර් 22 වැනිදා මෙරට ට විශේෂ ගුවන්යානයකින් පිරිසක් රැගෙන ආ බවට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන බී. කන්දීපන් මහතා තහවුරු කළේය. 

අදාළ ගුවන් යානයෙන් සේවකයන් ගෙනා බවට තොරතුරු ශීඝ්‍රයෙන් පැතිර යෑමට පටන් ගැනීමක් සමග ම Brandix ආයතනය ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේය.

එම නිවේදනයෙන් හෙළි වූයේ අදාළ ආයතනය මගින් විශාකාපට්නම් සිට එක් ගුවන් යානයක් නොව ගුවන් යානා තුනක් මඟින් එහි ඇති කර්මාන්තශාලාවේ සිට ශ්‍රී ලංකාවට කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි.

අදාළ පිරිස් දින 28ක් අනිවාර්ය නිරෝධායනයට ලක් කළ බවත් රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානවල සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිටි බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී. 

මේ අතර ඉන්දියාවෙන් කිසිදු ඇනවුමක් භාරනොගත් බවටත් ඉන්දියාවෙන් ගෙන්වූ රෙදිපිළි භාවිත නොකළ එම සමාගම පවසයි.

අප පුවත්පත මගින් වැඩිදුරටත් සිදුකළ විමසීම්වලදී හෙළිවූයේ අදාළ සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් කිසිදු මැදිහත්වීමක් සිදුනොවූ බවයි.

යුද්ධ හමුදාපතිවරයාගෙන් සිදුකළ විමසීමකදී අදාළ සේවකයන් කොස්ගොඩ ෂෙරටන් හෝටලයේ නිරෝධායනය සඳහා යොමු කළ බව තහවුරු විය. නමුත් ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත්තේ පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් බව දකුණු පළාත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනු ලැබීය. 

සැප්තැම්බර් 22 වැනිදා පැමිණි පිරිස පෙරේදා (6දා) දිනයේදී දින 14ක නිරෝධායන කාල සීමාව නිම කිරීමට තිබුණද ඔවුන් නිරෝධායනය නිම කරන අවස්ථාවේදී හෝ දෙවැනි වර පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමක් සිදු නොවූ බව ඔවුන් තහවුරු කරනු ලැබීය.

අප කළ විමසීම්වලදී අනාවරණය වූයේ Brandix ආයතනයේ සේවක පිරිස් මෙරටට ගෙන්වීම හා ඊට අදාළ ක්‍රියාපටිපාටියන් පෞද්ගලික අංශයේ වෙනත් ආයතනයක මැදිහත් වීමෙන් සිදුකරන ලද්දක් බවයි.

මවුබිම පුවත්පත ඇසුරෙණි




Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook