Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


ජනාධිපති ගෝඨභය රාජපක්ෂ ඇතුළු වත්මන් රජය වෙත පසුගිය මහ මැතිවරණයෙන් ලද තුනෙන් දෙකකට ආසන්න අති විශාල ජනවරමත් සමග 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය කඩිනමින් සම්මත කර ගැනීම සඳහා ජනාධිපති, අගමැති ඇතුළු රජය නියෝජනය කරන සියලු පාර්ශවයන් කටයුතු කළහ. විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ විසින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් අවි අමෝරද්දි විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනකුගේ ඡන්දයත් එකතු කර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් එය සම්මත කර ගැනීම වත්මන් ආණ්ඩුව ලද විශාල ජයග්‍රහණයකි.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා විපක්ශයේ මන්ත්‍රීවරුන් 8 දෙනාගේ ඡන්දය ලබා ගැනීමට නොහැකිවුවානම් සිදුවන්නේ ආණ්ඩුවට දැවැන්ත පරාජයක් අත්විඳීමටය. ආණ්ඩුව තුළම වු බලවේග විසින් 20ට එරෙහිව යම් යම් කරුණු ඉදිරිපත් කරමින් කකුලෙන් අදිද්දි බොහෝ දේශපාලන විචාරකයන් හා විශ්ලේෂකයන් විසින් අනාවැකි පල කලේ ආණ්ඩුවට 20 සම්මත කර ගැනීමට නොහැකි වන බවත් එය ආණ්ඩුව තුළින්ම පරාජයට පත්වන බවත්ය.

එහෙත් 20 වෙනි සංශෝධන පණත් කෙටුම්පත ගැසට් කිරීමත් සමගම එය සම්මත කර ගැනීම සඳහා තිරය පිටුපස තවත් ක්‍රියාදාමයක් සිදු කෙරෙමින් පැවතුණි. එයට හේතුව වුයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී සංඛ්‍යවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හෙවත් මන්ත්‍රී ඡන්ද 151ක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීමයි. මෙම ක්‍රියාදාමයේ මුලිකත්වය හා නයකත්වය ගෙන ක්‍රියා කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂයි. ඒ මෙහෙයුම කොටස් වශයෙන් බෙදා වෙන වෙනම වගකීම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙත පවරන්නට බැසිල් රාජපක්ෂ විසින් ක්‍රියා කරන ලදී. 

20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කරන ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහය කොන්දේසි විරහිතව ලබා ගන්නට ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාට පැවරු අතර රාවුෆ් හකීම් හා රිෂාඩ් බදුදීන් යන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීම සඳහා ප්‍රසන්න රණතුංග හා නිමල් ලංසා යන මන්ත්‍රීවරුන්ට පවරන ලදී. මේ අතර වාරයේදි බැසිල් රාජපක්ෂගේ අනුදැනුම ඇතුව 20වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා තවත් මෙහෙයුමක් ක්‍රියාත්මකව පැවතුණි. ඒ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නායකත්වයෙනි. 

ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මුලිකවම ක්‍රියා කලේ සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහය 20ට පක්ෂව ලබා ගැනීමයි. කලක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල ප්‍රබල මන්ත්‍රීවරයෙක් වීම නිසාම ඔහුට එම කාර්යය ඉටු කිරිම වඩාත් පහසු වුවා සේම සමගි ජන බලවේගය නියෝජනය කල ජාතික ලයිස්තු මන්ත්‍රීනි ඩයනා ගමගේගේ කොන්දේසි විරහිත සහය 20ට පක්ෂව ලබා ගැනීම දේශපාලන විචාරකයින් පවා අන්ද මන්ද කිරිමට සමත් විය. කෙසේ වුවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් 20ට පක්ෂ මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයෙන් බිලී බා ගැනීමට කල මෙහෙයුමේදි ඩයනා ගමගේට අමතරව බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රී අරවින්ද කුමාර්ගේද සහය ලබා ගැනීමට හැකි විය.

ප්‍රසන්න රණතුංග හා නිමල් ලංසා විසින් රාවුෆ් හකිම් හා රිෂාඩ් බදූදීන් සමග කල සාකච්ඡා හකිම් හා රිෂාඩ් විසින් ඉදිරිපත් කල කොන්දේසි නිසා අසාර්ථක වෙද්දි හකිම්ගේ මුස්ලිම් කොංග්‍රසය හා බදුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන අනෙකුත් මන්ත්‍රීවරුන් සමග හොර රහසේම සාකච්ඡා වට කිහිපයක්ම පවත්වන්නට ප්‍රසන්න හා ලංසාට හැකියාව ලැබුණි. ඒ සාකච්ඡා ඉතාම සාර්ථක වු අතර කිසිම කොන්දේසියකට හෝ යටත් නොවී, වරදාන වරප්‍රසාද කිසිවක් ලබා නොදෙමින් 20ට පක්ෂව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ්, එච්. එම්. එම්. හාරිස්, ෆයිසාල් කාසීම් හා එම්. එස්. තවුෆීක් යන මන්ත්‍රීවරුන්ගේත් සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වු රිෂාඩ් බදුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොග්‍රසයේ ඉෂාක් රෙහාමන් මන්ත්‍රීවරයාගේ සහය 20ට පක්ෂව ලබා ගැනිමට හැකි විය. 

රාවුෆ් හකීම් නායකත්වය දරන මුස්ලිම් කොග්‍රසයේ 20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් හතරදෙනා ආණ්ඩුවට සහය පල කලයුතු යැයි කලක පටන් පක්ෂ නායකත්වයත් සමග ඇතිකරගෙන තිබු ගැටුම් නිසා එම දේශපාලන බෝම්බය පුපුරුව හැරීමට ප්‍රසන්න හා ලංසා හීන් නුලෙන් තැබු ගින්න 20 සම්මත කරන ඡන්දයේදි පුපුරා ගියේ මුස්ලිම් කොග්‍රසය තුළ තවත් බෙදීමක් ඇති කරමිනි.

මේ අතර විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් වගන්ති සම්බන්ධයෙන් ආණ්ඩුව තුළමවු සුළු පක්ෂ කිහිපයක විරෝධය පාලනය කිරිම 20 සම්මත කරගන්නා දින තෙක්ම පැවැතියේය. මෙය පාලනය කර ගැනීම සඳහා වගකීම භාරගත් ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග කල සාකච්ඡා රහසිගතව සාර්ථකව පැවැතියත් මේ පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායකත්වයට කනින් කොනින් ආරංචි වන්නට වැඩි කාලයක් නොගියේය. ද්විතව පුරවැසිභාවය ඇතුළු වගන්ති කිහිපයකට ජාතික නිදහස් පෙරමුණ දැක්වු විරෝධය එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැර එම පක්ෂයේ නායකත්වයට පමණ සීමා වෙද්දි මෙම රහසිගත සාකච්ඡා පිළිබඳව ජනිපෙ නායක විමල් වීරවංශ හා ජයන්ත කැටගොඩ අතර වචන හුවමාරුවකට එහා ගිය ගැටුමක් පවා ඇතිවිය. එසේම එම ගැටුම ජාතික නිදහස් පෙරමුණේ අභ්‍යන්තරය දෙදරා යන්නට පවා සමත් විය.

නමුත් අවසානයේ තමන් විරෝධතාවය දැක්වු සියලු කරුණු වලට පක්ෂව සිට ගනිමින් 20 සම්මත කර ගැනීමට ආණ්ඩුව තුළම හිඳිමින් කකුලෙන් අදින ලද සුළු පක්ෂ සහාය දැක්වීම විශේෂ කරුණකි. ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණයට එළැඹි බවයි.

කෙසේ හෝ ජාතික නිදහස් පෙරමුණ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය පණත් කෙටුම්පත සම්මත කර ගැනීමට පෙර දැක්වූ විරෝධය අවසානයේදී පුස්සක් වීම තුළ ඔවුන්ගේ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් දරදිය ඇද කටයුතු කල රටේ ජාතික සංවිධාන ඇතුළු සිවිල් පුරවැසියන්ගේ දෝෂදර්ශනයටත්, අප්‍රසාදයටත් පත්ව ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණ මෙන් පක්ෂය තුලින්ම හටගන්නා අභ්‍යන්තර අර්බුදයක් නිසා විනාශ වී යන බව දේශපාලන විශ්ලේෂකයින් අනාවැකි පළ කරනවා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook