එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පත්වී තිබේ.
පක්ෂ මූලස්ථානයේ දී අද (14) පැවති රහස් ඡන්දයකදී ඒ මහතා මෙලෙස තේරී පත්විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සමඟ එම ධුරය සඳහා විජයවර්ධන මහතා තරග කළ අතර, ඡන්ද විමසීමේදී විජයවර්ධන මහතාට ඡන්ද 28ක් ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක් ද හිමිවී තිබිණි.
ඒ අනුව, වැඩි ඡන්ද 18කින් රුවන් විජයවර්ධන මහතා නව නියෝජ්‍ය නායකයා ලෙස පත්විය.
කෙසේවෙතත්, ජනවාරි මාසය වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් සිටින බවද ආරංචි මාර්ග පවසයි.