Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කලමණාකරු අත්තනෝමතික ක්‍රියා කලාපයක

අම්පාර දිස්ත්‍රික්කයේ ලංකා බැංකුවේ ප්‍රාදේශීය කලමණාකරුවකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව ලංකා බැංකුවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලංකා බැංකු සේවක සංගමයේ සාමජිකයින්ගේ උද්ඝෝෂනයක් එම සංගමය විසින් අද (03)දින සංවිධානය කර තිබුනි.

කොරෝනා වසංගතය හමුවේ අඩාල වූ ජන ජීවිත වලට සහ ව්‍යාපාර ප්‍රජාවට සහන සැලසීම උදෙසා රජය විසින් ණය පොලී අනුපාත පහල දමමින් ඉතා සාර්ථක ණය යෝජනා ගණනාවක් හදුන්වා දී ඇති අතර රාජ්‍ය බැංකු ලෙස ඒවා ප්‍රවර්ධනය කිරීමේ වගකීමක් බැංකු නිලධාරින් හට පැවරේ.


ලංකා බැංකුවේ සේවක මණ්ඩලයෙන් 95% ක්(8000) නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමයද කලමණාකාරිත්වය සමග එක්ව රජයේ මෙමෙ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් අර්ථිකයට ශක්තියක් වීමට උත්සහ දරන මොහොතක අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කලමණාකරු තම නිල බලය අනිසි ලෙස භාවිතා කරමින් මේ වනවිට සාමජිකයන් 250 ක් පමණ සිටින වෘතීය සමිතියක් ප්‍රවර්ධනය කිරීම පමණක් සිදුකරමින් පවතී.ප්‍රාදේශීය කලමණාකරුවකු ලෙස ණය යෝජනා ක්‍රම සක්‍රීයව ක්‍රියාවට නැංවීම සඳහා විශාල වගකීමක් පැවරී ඇති නමුත් මේ වනවිට ඔහු තමාට අදාල සමහර ශාකා සදහා එක් අවස්තාවක්වත් නොගොස් ඇති බව සංගමය ප්‍රකාශ කරයි.ඔහුගේ එකම රාජකාරිය වී ඇත්තේ තමන් ප්‍රවර්ධනය කරන වෘතීය සමිතියේ සාමාජිකත්වය ලබා නොගන්නා සහ සහයෝගය නොදෙන ශාකා කලමණාකරුවන්ට සහ සේවකයින්ට රාජකාරියට බාධා කරමින් බැන වදිමින් තරජනය කරමින් හැසිරීමයි.

මෙම පුද්ගලයා අම්පාර දිස්ත්‍රික්කයෙන් ඉවත් කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය කලමණාකාරිතවයෙන් ඉල්ලීම් කල අතර වැඩ බලන මහා කලමණාකාරතුමා මෙම තත්වය අවබෝධ කරගෙන මුලින් ඔහු ඉවත් කිරීම සඳහා තීරණය කලද මේ වනතෙක් එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලංකා බැංකු සේවක සංගමය වෘතීය සමිති ක්‍රියා මාර්ග වලට එලඹි බව එම සංගමයේ නිලදාරීන් ප්‍රකාශ කරයි.

කරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපති තුමා ගෙන යන සාර්ථක වැඩපිලිවලට සහයෝගය ලබා දෙනවා වෙනුවට එම කාර්‍ය ඉටු කරනු ලබන සේවකයන්ට එරෙහිව කටයුතු කරන මෙම නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම කලමණාකාරිත්වයේ වගකීම බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙම ප්‍රාදේශීය කලමණාකාරවරයා සේවක මණ්ඩලයට කරනු ලබන බලපෑම් සහ තාඩන පීඩන සම්බන්ධව තවත් තොරතුරු ගණනාවක් සංගමය සතුව පවතින අතර මොහු අම්පාර දිස්ත්‍රික්කයෙන් ඉවත් කරන තුරු නැගෙනහිර පලාත තුල අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වෘතීය සමිති ක්‍රියා මාර්ග දියත් කිරීමට 2020.9.4 දින පවත්වන විධායක සභාවේදී තීන්දු තීරන ගනු ලබන බව සංගමයේ නිලධාරීන් ප්‍රකාශ කරයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook