Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මම ඒ ධූරයේ හිටපු නිසා ඒ ධූරය මට දෙන්න
මම කිව්වා මම නායකත්වය සහා ඉදිරිපත් වෙන්නේ නෑ කියලා
මොකද ආගම්, ජාති, කුල ප්‍රශ්න මතුවුණ නිසා - රවී
ඡන්දෙකට යා යුතුයි - නවින්
  
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන පත් විය. ඒ, ඊයේ සවස පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැත්විය.

ඊයේදිනයේ විශේෂයෙන් අවධානය යොමු කර තිබුනේ, එම අපක්ෂයේ නියෝජ්‍ය නායකයාව සිටි සජිත් ප්‍රේමදාස පක්ෂය හැරයාමෙන් හිස්ව පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පදවිය සඳහා කෙනෙකු පත්කර ගැනීම වෙනුවෙනි.
ඒ සඳහා ඊයේ රවී කරුණානායක හා රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඉදිරිපත් වීම හේතුවෙන් රහස් ඡන්දයක් පවත්වා නියෝජ්‍ය නායකයා තෝරාගෙන තිබුණි.

එහිදී රුවන් විජේවර්ධනට ඡන්ද 28 ක් ලැබුණු අතර රවී කරුණානායකට ලැබී තිබුණේ ඡන්ද 10 ක් පමණි.


නව නියෝජ්‍ය නායක ලෙස පත්වූ රුවන් විජේවර්ධන පිළිගැනීමට සිරිකොත පක්ෂ මුලස්ථානය වෙත ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටියහ.

ඔවුන් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඇති බුද්ධ මන්දිරය වෙත ගිය විජේවර්ධන ආගමික වතාවත්වල නිරත විය.

මේ අතර රනිල් වික්‍රමසිංහ ලබන ජනවාරි දක්වා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන බව ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වජිර අබේවර්ධන පැවසීය.

නියෝජ්‍ය නායක තනතුරට තරඟ නොකලේ ඇයි දැයි විමසීමේදී ඔහු කියා සිටියේ, තමා මිට ඉහතදී ප්‍රකාශකර සිටියේ පක්ෂ නායකත්වය සඳහා තරඟ කරන බවක් මිස නියෝජ්‍ය නායකත්වයට ඉදිරිපත්වන බවක් නොපැවසූ බවයි. 

ඊයේ මොකද වුනේ ?

ඊයේ දිනයේ පවතී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට අදාළ සංශිප්ත සටහනක් පහත පළවේ. 

දිනය : 2020.09.14

වේලාව : පස්වරු 3.30 ට පමණ.

පැමිණ සිටි පිරිස - 39 දෙනෙක්

රැස්වීමේ සිදුවෙච්ච දේ : 

පසුගිය රැස්වීමේ වාර්ථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 20 වන සංශෝධනය පිළිබඳ, කුමක්ද කරන්නේ ද යන්න දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් මත පල විය. 

ඉන් අනතුරුව න්‍යය පත්‍රයට අනුකූලව පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අදහස් දක්වමින්, ''මේ තනතුරු ප්‍රශ්නය දිගින් දගට ගෙනියන්න බැහැ, නියෝජ්‍ය නායක ධූරයයි, අනෙක් තනතුරුයි පුරවලා අවසන් කළ යුතුව තිබෙනවා, ඒ ගැන මොකක්ද කෘත්‍යාධිකාරී මණ්ඩයේ මතය ''කියා ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්විමසීමක් කළේය.

එම අවස්ථාවේදී රවී කරුණානායක නැගී සිට මෙසේ පැවසිය.

''දැන් වසර විසි ගණන් ඔබතුමා සමග මම වැඩ කටයුතු කරලා තියෙනවා. මේ පක්ෂයේ උප නායකයා හැටියට දීර්ඝ කාලයක් වැඩ කරලා තියෙනවා. දැන් එතනදී අමුතුවෙන් නියෝජ්‍ය නායකයෙක් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒ ධූරයේ හිටපු නිසා ඒ ධූරයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබතුමා ඒකමතිකව මාව පත් කරාවි කියන එකයි මගේ විශ්වාසය. ..

''මොකද නායකත්වය ගැන ප්‍රශ්නය ආවහම මම කිව්වා මම නායකත්වය සහා ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. මොකද ආගම්, ජාති, කුල ප්‍රශ්න මතුවුණ නිසා. කෙසේ හෝ මේක මට අයිතියි, ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. ඒ අනුව ක්‍රියා කළොත් හොඳයි.'' - රවී 

මොකද නායකත්වය ගැන ප්‍රශ්නය ආවහම මම කිව්වා මම නායකත්වය සහා ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. මොකද ආගම්, ජාති, කුල ප්‍රශ්න මතුවුණ නිසා. කෙසේ හෝ නියෝජ්‍ය නායකකම මට අයිතියි, ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. ඒ අනුව ක්‍රියා කළොත් හොඳයි.'' 



මෙහිදී වජිර අබේවර්ධන මෙසේ ප්‍රතිචාර දැක්විය.

''මේ පක්ෂය තව දුරටත් බෙදන්න එපා. තවදුරටත් කොටස් වලට කඩන්න එපා. ඔබතුමාට විරුද්ධව, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව කැරලි 12ක් මට මතකයි. 2001 අප්‍රේල් 21 වෙනිදා ඔබතුමාට විරුද්ධව ආපු කැරැල්ල. මේ හැම කැරැල්ලක්ම මැඩ පවත්වපු පුද්ගලයා හැටියට, ඒ හැම කැරැල්ලකම තොරතුරු අදටත් මා සතුව තිබෙනවා. 

මේ කැරලි රාශියක් මතුවුණ නිසා පක්ෂය තවදුරටත් බෙදන්නෙ නැතිව, නියෝජ්‍ය නායකකම්, උපනායකකම් ඇති කළේ මේ කැරලි මර්ධනය කරන්න තමයි. 

එතකොට මේ නියෝජ්ය නායකකම්, උප නායකකම් නැතිකරන්න කියලා වරක් අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා සම්මත කරලා අපි ඒ සඳහා අදාල විසඳුම් ඉදිරිපත් කළා. නමුත් පසු කාලීනව ආපහු ඒ තනතුරු ඇති වුණා. 

මේ නියෝජ්‍ය නායකකම ගත්ත හැමකෙනෙක්ම තමන්ගේ ධූරයෙන් පස්සෙ පක්ෂය විනාශ කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා කඩාගෙන ගියා. ගාමිණි අතුකෝරල මහත්තයා අකාලේ මිය ගියා. කරූ ජයසූරිය මහත්තයා 17 දෙනෙක් එක්ක පැනලා ගියා. 

''මේ නියෝජ්‍ය නායකකම ගත්ත හැමකෙනෙක්ම තමන්ගේ ධූරයෙන් පස්සෙ පක්ෂය විනාශ කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා කඩාගෙන ගියා. ගාමිණි අතුකෝරල මහත්තයා අකාලේ මිය ගියා. කරූ ජයසූරිය මහත්තයා 17 දෙනෙක් එක්ක පැනලා ගියා.'' -වජිර 

ඒ පැනලා යනකොට මම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 30 දෙනෙක්ට කියලා අත්සන් කරවලා නියෝජ්‍ය නායකකම මට දෙන්න කියලා මම ඉල්ලීමක් කළා. 

ඊට මාස කිහිපයක් ගියාට පස්සේ ඔබතුමා කිව්වා හරි වැඩේනේ වජිර, කරූ එනවා කිව්වා කියලා. මම කිව්වා කරූ එනවා නම් පක්ෂයට ගන්න කියලා. නියෝජ්‍ය නායකකම එතුමාට දෙන්න වෙනවා කියලත් කිව්වා. 

ඒ අවස්ථාවේ දී මම පක්ෂය වෙනුවෙන් අඩියක් පස්සට ගිහින් කරූට එන්න ඉඩ දුන්නා. මම කිව්වා එහෙනම් කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා. 

මගෙන් ඇහුවා ඔබතුමා, බැරිද කරූගේ නම යෝජනා කරන්න කියලා. මම කිව්වා මට ඒක නම් කරන්න බැහැ, මම සද්ද නැතුව ඉන්නම් කියලා. 

මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටපු සමහර අය දයාසිරි ජයසේකර මහත්තයා වගේ අය විවේචනය කරලා කිව්වා මේ තනතුරු ඉල්ලපු අය හැංඟිලා ඉන්නවා. මේ 17 දෙනෙක් එක්ක ගිය මිනිස්සු පස්සේ ආපහු ඇවිත් පක්ෂය විනාශ කරනවා කියලා. 

''මේ පක්ෂය බෙදන්න එපා, කොටස් කරන්න එපා''

ඒ නිසා මට කියන්න තියෙන්නේ මේ පක්ෂය බෙදන්න එපා, කොටස් කරන්න එපා කියලා. මේ පක්ෂයේ සියළු දෙනාම පිළිගන්නවා ඔබතුමාව. ඔබතුමාට කවුරුවත් අභියෝග කරන්නේ නෑ. ඔබතුමාට අපි සියළුදෙනා එකතුවෙලා අවස්ථාව දෙමු මේකට සුදුස්සාව පත්කරන්න. 

ඔබතුමා අවුරුදු 43 ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ඔබතුමාගේ අත්දැකීම් පළපුරුද්ද අනුව සුදුස්සෙක් තෝරන එක හරිම පහසුයි, ඒ නිසා පක්ෂය බෙදන්න එපා.

මං පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. හැබැයි සියළු දෙනාම එකතු වෙලා මට නියෝජ්‍ය නායකකම භාරදෙනවා නම් මං කැමතියි ඒක අරගෙන කරගෙන යන්න. 

''මං පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. හැබැයි සියළු දෙනාම එකතු වෙලා මට නියෝජ්‍ය නායකකම භාරදෙනවා නම් මං කැමතියි ඒක අරගෙන කරගෙන යන්න. '' - වජිර 

එහෙම නොවේ නම් මම කියන්නේ කරණාකරලා තරඟයක ඇති කරන්නේ නැතිව රවී කරුණානායකත් මේකෙන් අයින් වන්න, නවීන් දිසානායකත් මේකෙන් අයින් වෙලා නායකතුමාට භාර දන්න සුදුස්සෙක් පත් කරන්න කියලා. ''
ලක්ෂ්මන් විජේමාන්න ගෙන් දෝෂාරෝපණයක් !

අනතුරුව අදහස් දැක්වූ ලක්ෂ්මන් විජේමාන්න මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වයට දොස් පවරමින් ඔහු ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කර සිටියේය.

'' පාක්ෂිකයින් නායකතුමාට දොස් පවරමින් නායකතුමාට යන්න කියනවා. පාක්ෂිකයින්ට නියෝජ්‍ය නායකකම ගැනවත්, සභාපතිකම් ගැනවත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් යන්නෙ කවද්ද කියල එක.

'' පාක්ෂිකයින් නායකතුමාට දොස් පවරමින් නායකතුමාට යන්න කියනවා. පාක්ෂිකයින්ට නියෝජ්‍ය නායකකම ගැනවත්, සභාපතිකම් ගැනවත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් යන්නෙ කවද්ද කියල එක.'' - ලක්ෂ්මන් විජේමාන්න

රනිල් වික්‍රමසිංහ මහත්තයා අද ගියොත් හෙට මගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ටිකවත් මට ඉතුරු කරගන්න පුලුවන්. නැත්තම් ඒ ටිකත් යන්න යයි. ඒ නිසා කරුණාකරලා ඔබතුමා ඉල්ලා අස්වෙලා යන්න. ඔබතුමා මේකෙන් පිටව ගියොත් ඒක තමයි අපේ පක්ෂයට කරන එකම යහපත. ඒ නිසා කරුණාකරලා ඔබතුමා පිටවෙලා යන්න කියලා මම යෝජනා කරනවා..'' යයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 

එම අවස්ථාව්දී රවී කරුණානායක නැවත නැගිට කියා සිටියේ, වජිර අබේවර්ධනගේ යෝජනාවට තමා විරුද්ධ බවයි.

'' මම ඒකට එකඟ නැහැ. ඒක එහෙම කරන්න බැහැ. මේක ඡන්දෙකට ගිහිල්ලා හරි තීන්දු කරන්න ඕන. නායකතුමාට එහෙම දෙන්න බෑ මේක පත් කරන්න. '' රවී කරුණානායක අවධාරණය කර සිටියේය.

ඉන් අනතුරුව නවීන් දිසානායක අදහස් දක්වමින් ප්‍රකාශ කරමින් කියා සිටියේ, පක්ෂ ව්‍යවස්ථාව අනුව වජිර අබේවර්ධනගේ ක්‍රියා පිළිවෙත අනුමත කළ නොහැකි බවයි.

''ඡන්දෙකට යා යුතුයි. ඔබතුමා එහෙම වෙන නමක් ඉදිරිපත් කරනවා නම් අපිත් නමක් ඉදිරිපත් කරනවා. රනිල් වික්‍රමසිංහ නායකතුමාට මම නමක් ඉදිරිපත් කරන්නෙ නැහැ. '' නවින් දැඩි ලෙස පැවසිය.

අනතුරුව අදහස් දැක්වූ රුවන් විජේවර්ධන කියා සිටියේ, '' වජිර අබේවර්ධන හිටපු ඇමතිතුමා කියපු අදහස මම පිළිගන්නවා. ඒක තමයි හොඳම ක්‍රමය...'' කියාය. 

ඉන් අනතුරුව ඡන්දයක් සඳහා කටයුතු කළ අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය.

අවසානයේ ඡන්දය ගණන් කරන ස්ථානයේ රවී කරුණානායක, රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන යන මහත්වරුන් සිටි අතර, ඡන්ද ගණන් කර නිවේදනය කළ පසු ඡන්ද 28 ක් රුවන් විජේවර්ධනට ද ඡන්ද 10 ක් රවී කරුණානායකට ලැබී තිබිණ.

ඒ ගණන් කිරීමේ නිවේදනය කිරීමෙන් පසු එජාප නායකයා සඳහන් කර සිටියේ, ''මේ ඡන්දය නියෝජ්‍ය නායක තනතුර සඳහා පවත්වන ඡන්දයක් පමණයි. නායකත්වය සඳහා වෙනම ඡන්දයක් පවත් වනවා '' කියාය.

අනතුරුව පුඅරප්පාඩු වී ඇති සභාපති, භාණ්ඩාගාරික තනතුරු සඳහා පත්වීම් සිදුකිරීම මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශයට පත්කරන බව එජාප නායකයා සඳහන් කළ පසු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිමාවට පත්විය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook