Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රුහුණු කතරගම දේවාලය තවත් බූරු පිටියක් නොවෙයි
මේවා ගොඩනැගෙන්නේ බැතිමතුන්ගේ අහිංසකයින්ගේ සල්ලි වලින්

දුෂිතයෙක් දේශපාලන බලයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධූරයට පත්වීම සඳහා දැඩි උත්සහයක් ගනිමින් සිටින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසනවා. මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් බාරදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.

රුහුණු කතරගම දේවාලය දුශිතයින්ගේ තෝතැන්නක්

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තනතුර මේ වනවිට හිස් වී වැඩ බලන භාරකාරීත්වයක් යටතේ පාලනය වන බවත් ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ කතරගම දේවාලයේ බස්නායක ධූරය සම්බන්ධයෙන් විවිධාකාර ගැටලු පැන නැගුනු බවත් උන්වහන්සේ සඳහන් කර සිටියා.
“රුහුණු කතරගම දේවාලය කියලා කියන්නේ ඈත අතීතයේ පටන් අපේ රාජාවලියේ පටන්ම ගෞරවයට පාත්‍ර වෙච්ච අතිශය පූජනීය ස්ථානයක්. මෑතකාලයේ දී දේශපාලනිකරණය වෙලා මෙහි පරිපාලනය අන්ත දූෂිත තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මීට කලින් හිටපු නිලමේවරු කරන ලද දූෂිත ක්‍රියා නිසා එක් වරක් දින දෙකක් පූජා කටයුතු වලින් වසා තබන්නටත් සිද්ධ වුණා. ඉන්පස්සෙ පහුගිය පාලන කාලයේ දී ආයුධ වෙළඳාමේ නියැළුණු දිල්රුවන් රාජපක්ෂ කියන කෙනාව හිටපු බුද්ධ ශාසන ඇමැතිවරයා ඔහුගේ බලය පාවිච්චි කරල පත් කරන්නට යෙදුනා.” යැයි උලපනේ හිමි වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අද වෙනකොට නැවතත් දේශපාලන අතපෙවීම් හරහා අන්ත දූෂිත පුද්ගලයෙකු මේ සඳහා ඉදිරිපත් වීමට කටයුතු සූදානම් කරමින් පවතින බවත් ලබන විසි දෙවැනි දා බස්නායක නිලමේවරුන් තෝරාගැනීමෙ නිලවරණයට ඉදිරිපත් වීමට කටයුතු කරලා තිබෙන හිටපු බස්නායක නිළමේවරයා දූෂිත සිද්ධීන් ගණනාවක චෝදනා ලබපු පුද්ගලයෙක් බවත් සුමංගල හිමියෝ අවධාරණය කර සිටියහ.

ඒ වගේම මේ පුද්ගලයාට එරෙහිව නැගුනු චෝදනා සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ අධිකරණමය කටයුත්තක් සිදු වන බවත් එහි නිරීක්ෂණ අනුව නීතිපතිවරයා දූෂිත කටයුතුවලට විරුද්ධව නීතිමය කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා ඇති නමුත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දේශපාලන අතපෙවීම්වලට යටපත්වී මොහුට එරෙහිව නීතිමය කටයුතු, අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම නතර කර ඇති බවත් ඒ හිමියෝ හෙළි කරන ලදි.

රුහුණු කතරගම දේවාලය තවත් බූරු පිටියක් නොවෙයි

“බෞද්ධ ජනතාව හැටියට බැතිමතුන්ට සිදුකරන ලද සුවිශේෂ අසාධාරණයක් හැටියට අපි මෙය සලකනවා. මොකද මේවා ගොඩනැගෙන්නේ බැතිමතුන්ගේ අහිංසකයින්ගේ සල්ලි වලින්. ඒව තමයි මේගොල්ලෝ මේ හිතුමනාපෙට ගසා කන්නේ. දැන් ඒ දූෂණ චෝදනාවට ලක්වන පුද්ගලයා අධිකරණමය කටයුතු වලින් දේශපාලන බලය පාවිච්චි කරලා බැහැරවෙලා මේ වෙනකොට කතරගම දේවාලයටත් අත පොවනවා ඒ හා සමානව කටයුතුවල නිරත වෙන්න. ඒ නිසා මේක අපිට අයිති දෙයක්. මෙය අපේ රටේ ඉන්න බැතිමතුන්ට වන්දනා මානයට තියෙන පූජනීය ස්ථානයක් මිසක් දේශපාලන හෙංචයියන්ට ගසා කන්නට තිබෙන දූෂිත ස්ථානයක් නොවන බව තේරුම් ගන්නට ඕන. මේක තවත් බූරු පිටියක් නොවනවා බව තේරුම් ගන්නට ඕන… ඒ නිසා මේ රටේ ජනතාවගේ ම මුළු මහත් ජනතාවගේ ම අයිතිවාසිකම් තමයි මොවුන් උදුරා ගනිමින් සිටින්නේ. එනිසා මෙවැනි දූෂිතයන් මෙවැනි තනතුරුවලට පත් වීම වහාම වළක්වාලිය යුතුයි. අපි දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දූෂිතයින් මෙවැනි පූජනීය ස්ථානවල භාරකාරයන් බවට පත් කරලා ඒ පාපයෙ හවුල්කරුවන් බවට තමුනුත් පත් නොවන ලෙසයි. අපි මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට වනු ඇතැයි විශ්වාස කරනවා” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ සුමංගල හිමියෝ අවධාරණය කරන ලදි.

– media unit

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook