Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මෙරටට ගෙන්වා ගැනීම වැළැක්වීමට 
ජාවාරම්කරුවන්ගේ උත්සාහයක්

ඉන්දියාවේ ධනුෂ්කොඩි හිදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල් චමින්ද කුමාර නමැත්තා බේරා ගැනීම සඳහා ඉන්දියාවේ සිටින මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් කීපදෙනෙකු දැඩි උත්සාහයක නිරත වී සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා ශ‍්‍රී ලංකාවට රැගෙන යෑම වැළැක්වීම සඳහා මෙම හෙරොයින් ජාවාරම්කරුවන් නීතිඥවරුන්ගේ සහාය ද ලබාගෙන දැඩි උත්සාහයක නිරත වී සිටින බව වාර්තා වෙයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා ශ‍්‍රී ලංකාවට රැගෙන ගියහොත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙරට ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් රැසකගේ තොරතුරු හෙළිවන නිසා ඔහු මෙරටට ගෙන්වා ගැනීම වැළැක්වීමට මෙම ජාවාරම්කරුවන් උත්සාහ කරන බව ද පොලිසිය පවසයි.

එහෙත් මේ වන විටත් මෙම පොලිස් කොස්තාපල්වරයා ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මෙම කොස්තාපල්වරයා සපුගස්කන්ද ප‍්‍රදේශයේ ලී මඩුවක රුපියල් කෝටි 23 ක හෙරොයින් තොගයක් ගබඩා කරගෙන සිටියදි එම හෙරොයින් පොලිසිය මගින් සොයා ගන්නා ලදී.

මෙම පොලිස් කොස්තාපල්වරයාගේ සොහොයුරා එහිදී අත්අඩංගුවට ගත් අතර ගබඩා කර තිබූ හෙරොයින් තොගය ද පොලිස් භාරයට ගෙන තිබිණි.

මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමත් සමඟම පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පේසාලේ ප‍්‍රදේශයෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පලා ගිය අතර ධනුෂ්කොඩි ප‍්‍රදේශයේදී ඔහු එරට පොලිසියට කොටුවිය.
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook