Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

යාපනයේ සිට කැබ්රථ මගින් මීගමුවට
ඇතුළත විශාල රහස් කුටියක්

යාපනයේ වෙසෙන මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග එක්වී ඉන්දියාවේ සිට කේරළ ගංජා, අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය මහාපරිමාණයෙන් ආනයනය කර ඒවා බස්නාහිර සහ වයඹ පළාත්වලට සංවිධානාත්මකව බෙදා හැරි මීගමුවේ රාත‍්‍රී ආපන ශාලා රැසක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් හය දෙනකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත. එක් අයකු යාපනයේ ජාවාරම්කරුය. මෙහිදී රුපියල් මිලියනයක මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිසියේ අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් මත සහ පොලිස් පතිවරයාගේ දැනුම් දීම මත මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂයෙන් පිහිටා ඇති කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැටලීම සිදු කර ඇත.

එම කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා විසින් වැටලීම මෙහෙයවා ඇත. එහිදී රුපියල් එක් කෝටි හතලිස් දෙලක්‍ෂයක් වටිනා කේරළ ගංජා කිලෝ 36 ක් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 10 කට අධික ප‍්‍රමාණයක්, සහ එම මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති ඩබල් කැබ් රථයක් සහ රුපියල් මිලියනයක් අත්අඩංගුවට ගෙන ඇත. එම වැටලීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා අත්අඩංගුවට පත්ව ඇති ප‍්‍රධාන ජාවාරම්කරු මීගමුව පෙරියමුල්ල හලාවත පාරේ පදිංචි මීගමුව පෙරියමුල්ල මංසන්ධියේ රාත‍්‍රී භෝජන ශාලා රැුසක් හිමි අන්සාර් මොහොමඞ් අක්බාර් රිස්වාන් (41) නමැත්තා බව හෙළි වී තිබේ. දෙවැනි සැකකරු ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් වී යාපනයේ සිට කැබ්රථ මගින් මීගමුවට මත්ද්‍රව්‍ය තොග එවූ යාපනය තොන්ඩමන් ආරු කිරුබාවිල් දකුණ පදිංචි සිව සුබ‍්‍රමනියම් තිලීපන් (34) නමැත්තෙකි.

මෙහි තෙවැනි සැකකරු වනුයේ ජා -ඇල ඉඳහිවත්ත උතුරු බටගම පදිංචි රංජිත් දිසානායක (56) නමැත්තෙකි. මොහුට ද්‍රවිඩ බස චතුර ලෙස කතා කිරීමට හැකියාව ඇත. මොහු ජාවාරමේ භාෂා පරිවර්තකයා ලෙස යොදා ගෙන තිබේ. සිව්වැනි, පස්වැනි, සහ හයවන සැකකරුවන් වන හැඳල මාවාගොඩ පදිංචි සීතාරාම් රවින්ද්‍රන් කුමාර් (41) නාත්තන්ඩිය දුන්කන්නාවේ පදිංචි මොහොමඞ් අසාම් අකිල් මොහොමඞ් (24) සහ ලූණුවිල කිරිමැටියාන බටහිර දාබරේ වත්ත 167 හි පදිංචි නිරංක බුද්ධික කල්හාර ජයකොඩි (37) නමැත්තන් එම ජාවාරමට ආධාර අනුබල දීම සහ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි අය බව පොලිස් විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

පොලිස් අධිකාරි කාර්යාලයේ බුද්ධි අංශය විසින් කරන ලද දැනුම් දීම මත සිදු කළ වැටලීමේදී මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළ රුපියල් කෝටියක් පමණ වටිනා අලූත් කැබ්රථය අත්අඩංගුවට ගෙන ඇත. එහි පිටතට නොපෙනෙ අයුරින් ඇතුළත විශාල රහස් කුටියක් තනා ඇති අතර එම රහස් කුටියේ සගවා කලක් තිස්සේ යාපනයේ සිට මීගමුවට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර ඇති බව අනාවරණය වී තිබේ. මෙම සැකකරුවන් ඉදිරි දින 14 ක කාලයක් රැුඳවුම් නියෝග මත රඳවා මෙම ජාවාරමේ සුලමුල සහ ජාවාරමට අනුබලදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මෙම වැටලීම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා විසින් මෙහෙය වන ලදී.

උපපොලිස් පරීක්‍ෂකවරුන් වන ඩිල්ශාන්, සරත් කුමාර සැරයන් වරුන් වන (60490) සෙනවිරත්න (61386) ඉන්දික කොස්තාපල් වරුන් වන (39690) සුගත්, (37928) වන්නිනායක, (34292) නලින්ද (79776) වීරසිංහ (75480) හපුවිට (82756) ගයාන් සහ පො. කො. රි. (3644) මඩවල යන නිලධාරීහු වැටලීමට සහභාගී වූහ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook