Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඇමැති ධුර සීමා ඉවතට
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම්
කොමිෂන් සභා පත්කිරීමේ බලය ජනපතිට
පාර්ලිමේන්තුව වසරකින් විසුරුවන්න පුළුවන්

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පනවා තිබූ ඇමැති ධුර සීමා ඉවත් කිරීමට 20 වැනි සංශෝධනය මඟින් යෝජනා කර ඇත. 19 වැනි සංශෝධනය මඟින් ආණ්ඩුවක කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 30කට සහ රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 40 කට සීමා කර තිබිණි. එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මෙතෙක් පැවති වසර හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යැයි වූ කොටස ඉවත් කර පාර්ලිමේන්තුව වසරක් ඇතුළත විසුරුවා හැරීමේ බලතල ජනාධිපතිවරයාට යළි පැවරීමටත් ද්විත්ව පුරවැසිභාවය ලත් අයකුට මැතිවරණවලට තරග කළ හැකි බවටත් යෝජනා කර තිබේ. 


ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමේදී 19 වැනි සංශෝධනය මගින් පනවා තිබූ අවුරුදු 35 ක අවම වයස් සීමාව 30 දක්වා සංශෝධනය කිරීමටද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කර ඇත. 

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ තිහක සීමාවේ පැවති ඇමැතිවරුන් සංඛ්‍යාව වෙනස් කරමින් ජනාධිපතිවරයාට ඇමැතිවරුන්ගේ සංයුතිය නිශ්චය කිරීමට සහ අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂයන් හා කාර්යයන් වෙනස් කිරීමේ බලතල පැවරීමට ද යෝජනා කර තිබේ. 

එසේම 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉවත් කර තිබූ අමාත්‍ය ධුර දැරීමේ සහ අමාත්‍යංශ පවරා ගැනීමේ බලතල යළි ලබාදී ඇත. 

නව සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ධුර කාලසීමාවට අදාළ වන පරිදි කිසිදු අධිකරණයක නඩු පැවරිය නොහැකි බවද යෝජනා කර ඇති අතර නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් මෙසේය. 

මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, ශී‍්‍ර ලංකා මානව හිමිකම්, අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශනය කිරීමේ, සීමා නිර්ණය කිරීමේ සහ මුදල් කොමිසන් සභා වෙත සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කිරීමේ බලතල ද ජනාධිපතිවරයාට හිමිවේ. 

අග‍්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරුන් හා අධිකරණ සේවා කොමිසන් සභාවේ සභාපතිවරයා පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතු අතර නීතිපතිවරයා, විගණාකාධිපතිවරයා ඔම්බුඞ්ස්මන්වරයා සහ පාර්ලිමේන්තු මහ ලෙක්ම්වරයා නම් කිරීම අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්‍ෂ නායකවරයා විසින් සිදු කළ යුතුය. 

මෙම නව 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පෙරේදා (02දා) මධ්‍යම රාත‍්‍රියේ ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර ඇත.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook