Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කොළඹ ඇව්ල්ලා ඉන්න තැනක් හම්බවුණේ නෑ
ආදරේ කියන දේ එක එක අයට අනුව එක එක විදියට වෙනස් වෙනවා
කැළේ පිපුණු මලකට පාර පෙන්නලා තැන හදලා දුන්නට Sirasa ට හදවතින්ම ස්තතූතිවන්ත වෙනවා

සමාජය තුළ කෙනෙක් පරිපූර්ණ විදියට දකින්නනම්, සමාජයේ කැපී පෙනෙන්නනම් රූපය විතරක් තිබිලා මදි දැනුම, දක්ෂතාවය, හැකියාව කියන මේ හැම දේකින්ම පරිපූර්ණ වෙන්න ඕනි. ඉතිං Gossip 99 අද අපේ Chat එක හීන වලින් ජීවිතේ හොයන සොදුරු කලාකරුවෙක් සමගයි. ඔහු නමින් සංජය මුරමුදලි.

ඉතිං සංජය කොහොමද ජීවිතේ?

ආයුබෝවන්,ම්ම් හොදින් ඉන්නවා.දීර්ඝ කාලීන නිවාඩුවකින් පසු නැවතත් කලාවේ වැඩ ආරම්භ කරලා තියෙනවා.ඉතිං අධ්‍යාපන කටයුතුත් සමග කලා ජීවිතේ කටයුතුත් කරගෙන යනවා.

"හීනා" නැත්නම් ශකිල කියන්නේ ඔබේම ජීවිතේ කොටසක් විදියටයි බහුතරයක් වූ ප්‍රේක්ෂකයන් ඔබව දකින්නේ.ඉතිං හීනා ගැන ටිකක් කතා කරමු.

ඇත්තටම හීනා කියන චරිතය මට එහෙම අමුතුවෙන්ම කරන්න ඕනි චරිතයක් නෙමෙයි.මොකද මං සමාජයේ ගොඩක් මිනිස්සු ඇසුරු කරලා තියෙනවා.ඒ අතරින් හීනා කියන්නේ සමාජයේ මම දකින පොඩි වෙනස් චරිතයක්.හැමදෙයක්ම පොඩි Over එකකින් කරන ඒ වගේ චරිත ඉන්නවා.මම කියන්නේ සම්පූර්ණයෙන්ම එයාගේ plans හීනෙකින් කරන කෙනෙක් නෙමෙයි,නමුත් වෙන Mind එකක ඔළුව තියාගෙන ඕනම ප්‍රශ්නයක් සරලව ගන්න මිනිස්සු ඉන්නවා.ඉතිං හීනා කියන්නෙත් ඒ විදියට එයාගේ යාලුවන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන කෙනෙක්.


ඔබව ප්‍ර්ක්ෂකයන් ආදරයෙන් වැළඳගත්තේ තරුවක් විදියට. ඉතිං "Film Star" මතකයන් ගැනත් මතකය චුට්ටක් අවදිකරනවානම්?

Sirasa Film Star කියන්නෙ මගේ ජිව්තේ Turning point එක. මම හගුරන්කෙත ඉදලා කොළඹ එන්නෙ කලාවේ මොනවා හරි දෙයක් කරන්න ආසාවෙන්. ඉතිං ඒ ඇව්ල්ලා මට ඉන්න තැනක් හම්බවුණේ නෑ. මං ගොඩාක් තැන් හෙව්වා. හැබැයි මට ආශ්‍රය කරන්න මිනිස්සු හම්බවුණා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයකට වඩා දෙයක් මට Film Star තුලින් ලැබුණා. කලාවේ මගේ ගමන ආරම්භ වුණේ එතනින්. ඇත්තටම Sirasa ට හදවතින්ම ස්තතූතිවන්ත වෙනවා කැළේ පිපුණු මලකට පාර පෙන්නලා තැන හදලා දුන්නට.

Gossip 99 අපිට සංජය කියන්නෙ අලුත් චරිතයක්. ඉතිං සංජයගේ ගම් පළාත පවුලේ විස්තර ගැනත් අපි කතා කරමු

මම ඉපදුණේ පොළොන්නරුවේ. ඊට පස්සේ හැදුණෙ වැඩුණේ හගුරන්කෙත. මගෙ පාසල හගුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යයාලයට. මගේ පවුලේ අම්මයි, අප්පච්චීයි, නංගියි. මටj සුන්දර පවුලක් ඉන්නවා කියලා. මම ඔවුන් සමඟ ආදරයෙන් ඉන්නවා. ඔවුනුත් මං වෙනුවෙන් කැපකිරීම් කරනවා.

ඔබ අදවනවිට රංගන ක්ෂේත්‍රය තුළ හිමිකරගෙන තියෙන ජනප්‍රියතාවයට අනුව රංගන ක්ෂේත්‍රය තුළ මේ දක්වා ඔබ පැමිණි අති විශාල ගමනක් ඇති.ඒ ගැන කතා කරනවානම්?

ඇත්තටම මම මුලින්ම රගපාන්න ඇවිලලා නෑ.මුලින්ම මම හිටියේ කැමරාවෙන් පිටුපස.මම costume කරලා තියෙනවා.ඊට පස්සේ makeup , Assistant Direct කරලා තියෙනවා.ඒ හැමදේම දැනගෙන තමයි මං රංගනයට සම්බන්ධ වෙන්නේ.මං එහෙම නොවුණානම් අද මට ගොඩක් දේවල් මගහැරෙන්න තිබුණා.මුලින්ම මට ලැබුණේ පොඩි පොඩි චරිත.ඒ කාලේ හරිම සුන්දරයි.මොකද මං හැමෝටම කියනවා බලන්න කියලා.ඒ කාලේ ගොඩක් වෙලාවට මාව අදුරගන්න පුලුවන් වෙන්නේ මට විතරයි.හැබැයි මම ගමන ඇතෑරියේ නෑ.ඉතිං මගේ මුල්ම ටෙලිනාට්‍ය "මායා පටල".ඊට පස්සේ මං රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය අතර "අගුරු සිත්තම්,අමුතු රසිකයා(මුල්ම ප්‍රධාන චරිතය),හුස්මක් තරමට,ඔබ නිසා,තෝඩු,කුමී,සුසුමක ඉම" කියන ටෙලිනාට්‍ය තමයි.ඒ හැම එකක්ක්ම එකිනෙකට වෙනස් චරිත.මේ දිනවලනම් ඉතිං සිරස ටීවී 'අපි අපේ' ටෙලිනාට්‍ය සමග ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්නවා.

දුෂ්ටයෙක් වගේම ආදරවන්තයෙක් විදියටත් ගොඩක් ලාංකීය තරුණියන්ගේ හිත්වල සිහිනකුමාරයෙක් ඔබ.ඉතිං සංජය ආදරය ගැන මොකද හිතන්නේ?

ගොඩක් හිත්වලනම් කියලා ඉතිං කියන්න දන්නේ නෑ.ආදරේ කියන දේ එක එක අයට අනුව එක එක විදියට වෙනස් වෙනවා.මං හිතන විදියටනම් ආදරේ කියන්නේ ගොඩක් සුන්දර දෙයක්.

ඒ කියන්නේ සංජය මේ වනවිට ආදරවන්තයෙක්ද?

මං හිතන්නේ ආදරවන්තයෙක් කියලා හිතන්න මේ කාලේ නෙමෙයි.ඒකට තව කල් තියෙනවනේ.ඒ ගැන කතාකරන්න ඕනි කාලෙදි අපි කතා කරමු.එතකන් ඉවසමු.

ම්ම් එහෙනම් ඔබ ප්‍රාර්ථනා කරන සිහිනකුමාරිය කොයිවිදිය වෙන්න ඕනිද කියලත් කියමු.
ලොකු විශේෂයක් නෑ.මම හොයන්නේ මගේ මුළු පවුලත් එක්කම සතුටින් ඉන්න පුලුවන් කෙනෙක්.රූපය සුන්දරත්වය කියන දේ ගැන මං ගොඩක් හිතන කෙනෙක් නෙමෙයි.මට සුන්දර වෙන්න ඕනි හදවත.මම ඉස්සරහට තියන අඩියක් අඩියක් ගානේ මට ඉස්සරහට යන්න Motivation කරන කෙනෙක් තමයි මට ඕනි.

අදවනවිට චරිතාංග රංගන ශිල්පියෙක් විදියට මේ දක්වා ඔබ පැමිණි ගමන තුළ ඔබට ශක්තියක් වුණු බොහෝ පිරිසක් ඇති. ඒ අයවත් මතක් කරමු

අදවනවිට මං ගොඩාක් චරිත වලට දායක වෙලා තියෙනවා. ඉතිං ඒ ගමන තුළ ජය ප්‍රකාශ ශිවගුරුනාදන් මහතා, සද්ධාමංගල සුරියබණ්ඩාර මහාත, රවින්ද්‍ර ව්ජේරත්න මහතා, තරංග දිසානායක මහතා, මහේන්ද්‍ර පුලසිංහ මහතා, චරිත් අබේසිංහ මහතා, සදුන් රාජකරුණා මහතා ඇතුළු සියලුම අධ්‍යක්ෂක හා නිෂ්පාදක මණ්ඩලය, ඒ වගේම මගේ මහා ගෙදර සිරස, මට ශක්තියක් වන මගේ පවුලේ සියලු දෙනා,මට ප්‍රවීණ හා මේ වනවිට මාත් එක්ක ක්ෂේත්‍රය තුළ කටයුතු කරලා තියෙන සියලු දෙනාම විශේෂයෙන් මගේම ආදරණිය ප්‍රෙක්ෂකයන්ට ස්තුතිවන්ත වෙනවා.

එහෙනම් සංජය අවසාන වශයෙන් අලුතින් රංගන ක්ෂේත්‍රයට එකතුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න නව්ස්කයන්ට අපි පුංචි පණිවිඩයක් දෙමු.

අද ගොඩක් වෙලාවට Facebook, Instagram මැසේජ් කරලා ගොඩක් දෙනෙක් අහන්බේ එයාලට පොඩි ඩයලොග් එකක් හරි තියෙනවද කියලා.ඉතිං එහෙම නෙමෙයි,ඉගෙනගෙන ක්ෂේත්‍රයට එන්න කියන එකයි මම කියන්නේ. ක්ෂේත්‍රයේ හැල හැප්පීම්, කකුලෙන් ඇදිලි තියෙනවා.ඒ හැමදේටම මුහුණ දෙන්න පිටිපස්සෙන් ශක්තියක් තියෙන්න ඕනි.ඉතිං ඉගෙනගෙන එන්න,අපි ඉගෙනගන්න තැන් හොයලා දෙන්නම්

ඉතිං එහෙනම් සංජයගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා Gossip 99 අපිත් ප්‍රාර්ථනා කරනවා.

කවී








Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook