හෙරොයින් පැකට්වලට අසුරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දල, සුවාරපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ සිය නිවස තුළ ඔවුන් එලෙස හෙරොයින් පැකට් කර ඇති බවයි.
සැකකරු හා සැකකාරිය සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 75ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
39 හා 43 හැවිරිදි සැකකරු හා සැකකාරිය කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.